25. පසුතැවිලි වීමට හේතුවන කරුණු දහය මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පසුතැවිලි වීමට හේතු වන කරැණු 10 මොනවා ද?

A. "1. ඉතිරි නොකිරීම නිසා වයස්ගත වූ විට තැවීමට සිදුවීම.
2. ඉගෙන නොගැනීම නිසා පසුව තැවීමට සිදුවීම.
3. බොරු හා කේළාම් කියා අල්ලස් ගෙන තදපරුෂ ලෙස ජීවත්වී මතු භවය ගැන සිතා තැවීමට සිදුවීම.
4. සත්ව ඝාතන, සහ සොරකම් සිදුකර මතුභවය ගැන සිතා තැවීමට සිදුවීම.
5. පරදාර සේවනය සිදුකිරීම නිසා මරණාසන්නයේදී තැවීමට සිදුවීම.
6. බොහෝ සම්පත් තිබියදී දන් පින් නොකිරීම නිසා මතුභවය ගැන සිතා පසුතැවීමට සිදුවීම.
7. දෙමාපියන්ට උපස්ථාන සිදු නොකිරීම නිසා තැවීමට සිදුවීම.
8. යහපත් පියකුගේ අවවාද පිළිනොගෙන ඔහුට දෝෂාරෝපණය කිරීම නිසා තැවීමට සිදුවීම.
9. පැවිද්දන්ට, සිල්වත් උතුමන්ට දන් නොදී දෝෂාරෝපණය කිරීම නිසා තැවීමට සිදුවීම.
10. සිල්වත් ගුණවත් උතුමන්ගේ ඇසුර, සහ අවවාද නොලැබූ නිසා තැවීමට සිදුවීම."

[මෙම කතාකරන වීඩියෝව - Quality - 720p (හෝ 1080p) - HD - නැරඹීම පැහැදිලි ය.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll