583. සිංග - සිංගං | සිඞ්ග - සිඞ්ගං?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සිංගං යන වචනයේ අර්ථය දක්වන්න.

A / R. “සිංගං - සිංග යනු සතුන්ගේ අංවලට ද නමෙකි. අඟක් සේ තියුණු බැවින් ද තද බැවින් ද අඟ අන්‍ය වස්තූන් සිදුරු කරන්නට පලුදු කරන්නට සමත් වන්නාක් මෙන් කුසලය සිදුරු කරන්නට පලුදු කරන්නට සමත් බැවින් රාගයට සිංග යයි කියනු ලැබේ. කෑමබීම අඩු වුවත් ශරීරය හා වාසස්ථානය සරසාගෙන සිටීමත් සුමිහිරි ව්‍යක්ත කථාව ඇති බවත් මේ සිංග නම් වූ රාගය අධික වූවහුගේ ලක්‍ෂණය ය. මෙය ධනාශාවට වඩා අනර්ථ දායකය. බොහෝ පැවිද්දන් පැවිද්ද කිලිටි කර ගන්නේත් පැවිද්දෙන් පහවන්නේත් මේ සිංග නම් වූ රාගය ඇති වීමෙනි. ධ්‍යානන ලබා අහසින් ගමන් කරන පැවිද්දෝ මේ සිංගය නිසා ධ්‍යානයෙන් පිරිහී පියාපත් සුන් පක්‍ෂීන් මෙන් බිම වැටෙති. බොහෝ තරුණ තරුණියෝ මේ රාගය නිසා සියදිවි නසා ගනිති. මද දැක්වීමෙහි දී මෙය නො කියවුවත් මෙය ද සත්ත්වයා අතිශයින් මත් කරවන උමතු කරවන ක්ලේශයකි. මනෝරථපූරණී අටුවාවෙහි එන කථාවක් මෙසේ ය: ...”

“රාගයෙන් මත් වූවකුට නො කළ හැකි නීච වැඩක්, නො කළ හැකි පාපයක් නැත. රාගයෙන් මත්වූවෝ පරම අපවිත්‍ර‍ ස්ථානයන් සිඹිති. ලෙවකති. ලෝකාචාරය නො දැනී ගොස් පියවරු දූවරුන් හා ද පුත්තු මවුන් හා ද සහෝදරියෝ සහෝදරයන් හා ද අසද්ධර්මයෙහි යෙදෙති. ඇතැම්හු මාපියන් පවා මරති. එබැවින් මෙය භයානක ක්ලේශයෙකි. දුරු කිරීමට ද දුෂ්කර ක්ලේශයෙකි. රාගයෙන් මත් වූවෝ කිසිවකුගේ අවවාදානුශාසනයන් නො පිළිගනී. රාගය දුරු කර ගැනීමට ඇති උපාය නම් අශුභ භාවනාව ය.”

https://tipitaka.lk/library/472#_Toc462519183

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll