345. අකුසල මුලින් කුසල් පැළ වීම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෝහය නම් වූ අකුසල චෛතසිකයකින් කුසල සංස්කාරයන් බිහිවීම ගැටළු සහගතයි නේද?

A / R. “අවිද්‍යාව අකුශලයකි. ඒකාන්තයෙන් අනිෂ්ට ඵලයක් ඇති කරන්නකි. කුශලයට විරුද්ධ වූවකි. කුශලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුශලයකට මිස තමා හා විරුද්ධ වූ පුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභිසංස්කාරයන්ට හේතු වන්නේ කෙසේ ද? යන ප්‍ර‍ශ්නය මෙහි දී නැගිය හැකි ය.

ලෝකයෙහි හේතුව වනාහි සෑම කල්හි තමාට සමාන වූ තමාට අවිරුද්ධ වූ ඵලයක් ම උපදවන්නක් නො වේ. සමහර විට හේතුව තමාට සම වූ තමාට මිත්‍ර‍ වූ ඵලයක් උපදවයි. සමහර විට තමාට නො සම වූ ද තමාට විරුද්ධ වූ ද ඵලයක් උපදවයි. දුර්වර්ණ වූ ද දුර්ගන්ධ වූ ද අපවිත්‍ර‍ වූ ද මඩින්, වර්ණවත් වූ ද සුගන්ධවත් වූ ද පවිත්‍ර‍ වූ ද පද්මය උපදවයි. දරයෙන් එයම නසන්නා වූ එයට පරම සතුරු වූ ගින්න උපදවයි. එහෙයින් අවිද්‍යාව නිසා එය හා නො සම වූ එයට විරුද්ධ වූ පුඤ්ඤාභිසංඛාරය හා ආනෙඤ්ජාභිසංඛාරය ඇති වේ ය යි කීමෙහි දෝෂයක් නැති බව දත යුතු ය.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll