501. ආර්‍ය අෂ්ටාංගික මාර්ගය = ත්‍රි ශික්ෂාව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආර්‍ය අෂ්ඨංගික මාර්ගය යනු, ශීල, සමාධි, ප්‍රඥා වැඩීම ද?

A / R. “ඇවැත් විසාඛයෙනි, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරණ ලද්දේ නොවේ. ඇවැත්නි විසාඛයෙනි, ස්කන්ධ තුනෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරණලදී. ඇවැත්නි, විසාඛයෙනි, යම් නිවැරදි වචනයක් වේද, යම් නිවැරදි කර්මාන්තයක් වේද, යම් නිවැරදි ජීවිකාවක් වේද, මේ ධර්මයෝ ශීල ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි උත්සාහයක් වේද, යම් නිවැරදි සිහියක් වේද, යම් නිවැරදි සමාධියක් වේද, මේ ධර්මයෝ සමාධිස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ. යම් නිවැරදි දැනීමක් වේද, යම් නිවැරදි කල්පනාවක් වේද, මේ ධර්මයෝ ප්‍රඥා ස්කන්ධයෙහි ඇතුළත් කරන ලදහ.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll