913. නිවන් දකින්න බැරි වෙයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු රජානන්වහන්සේගේ ඉගැන්විම් නිසා බ්රහ්මචාරි ජිව්තයේ වටිනාකම මැනවින් තෙරුම්ගත්තා... බ්රහ්මචාරවිමේ අනිසංස දැනගත්තා, කාමයේ දුක දැනගත්තා, ආදිනව දැනගත්තා, එත් මට මේ බවයේ නිවන් දකින්න තරම් ප්රඣාවක් නැති බව තෙරෙනවා, මම නැවත මිනිස් බවයක ඉපදුනොත් මේ දැන් තියෙන නුවන සෙරම නැති වෙලා කාමය ඇසුරු කරමින්ම ජිවත් වෙයි, මෙවුන්දම් සෙවනය කරමින් ජිවිත් වෙයි, ස්තිරි ඇසුරේ, බොලද ලෙස බැදි ඉදියි කියල මට බයක් දැනෙනවා, කොච්චර බයයිද කියනවා සතුටින් ඉන්න පවුලක් කඩලා එ පවින්ම කවදාවත් ස්තිරියක්ගේ බැල්මක් ස්පර්ශයක් තියා විවාහයක්වත් ලැබෙන්න එපා කියලා ප්රාර්ථන කරන්න හිතෙනවා. නිවන් දකින තුරු සසර ගමන පුරාවටම බ්රහ්මචාරිව ඉන්නෙ කොහොමද? බොසත්වරු කොහොමද බ්රහ්මචාරි වෙන්නෙ බව පන්සිය ගණන්?

A. 1. “ප්‍රඥාව මදි” කියලා හිතලා අතහරින්න එපා; කලබල වෙන්නත් එපා; පුළුවන් තරං උපරිමයෙන් මැරෙන කල් ම දිගට ම උත්සහ කරන්න!

2. ප්‍රඥාව වැඩෙන / ලැබෙන පිං කරන්න - (නාඋයනේ නාහිමියන්ගේ ආදී වගේ) බණ අහන්න; (සරල) ත්‍රිපිටකය කියවන්න; රේරුකානේ නාහිමියන්ගේ පොත් ටික ම කියෙව්වත් ඇති.

3. (අකුසල් / පව් නොකර;) ත්‍රිවිධ පුණ්‍යක්‍රියා - දස කුසල් - දස පුණ්‍යක්‍රියා කරලා, හොඳට හිතලා-බලලා, තමන් කැමති විදිහට ප්‍රාර්ථනා කරන්න!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll