310. කාල දානය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. “කාලෙ දදන්ති සප්පඤ්ඤා - වදඤ්ඤූ වීතමච්ඡරා
කාලෙන දින්නං අරියෙසු - උජුභූතෙසු තාදිසු
විප්පසන්නමනා තස්ස - විපුලා හොති දක්ඛිණා”
මෙය ඇතුලත් සුත්‍රය කුමක්ද?

A / R. ‘‘කාලෙ දදන්ති සප්පඤ්ඤා, වදඤ්ඤූ වීතමච්ඡරා;
කාලෙන දින්නං අරියෙසු, උජුභූතෙසු තාදිසු.
‘‘විප්පසන්නමනා තස්ස, විපුලා හොති දක්ඛිණා;
යෙ තත්ථ අනුමොදන්ති, වෙය්‍යාවච්චං කරොන්ති වා;
න තෙන (න තෙසං (පී. ක.)) දක්ඛිණා ඌනා, තෙපි පුඤ්ඤස්ස භාගිනො.

"මහණෙනි, මේ සුදුසු කාලයෙහි දෙන්නාවූ දාන පසක් වෙත්. කවර පසක්ද යත්, ආගන්තුකයාට දානය දේද, ගමන් යන්නාට දානය දේද, ගිලනාට දානය දේද, දුර්භික්‍ෂයෙහි දානය දේද, යම් ඒ අලුත් ශෂ්‍ය අලුත් ඵල වෙත්ද, ඔවුන් පළමුකොට සිල්වතුන් කෙරෙහි පිහිටුවාද (යන පසයි.) මහණෙනි, මොහු වනාහි සුදුසු කාලයෙහි දෙන දාන පස වෙත්ය’’ යි වදාළ සේක.
"ප්‍රඥා ඇත්තාවූ, ප්‍රත්‍රිග්‍රාහකයන්ගේ වචන දන්නාවූ, පහවූ මසුරු මල ඇත්තෝ සුදුසු කාලයෙහි දන් දෙත්. සෘජුවූ, තාදී ගුණයෙන් යුක්තවූ, ආර්‍ය්‍යයන් විෂයෙහි සුදුසු කාලයෙහි දෙන ලද්ද, කාලදානය වේ.
"විශෙෂයෙන් ප්‍රසන්න සිත් ඇති ඔහුගේ දක්‍ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. යම් කෙණෙක් එහි අනුමෝදන් හෝ වෙද්ද, වතාවත් හෝ කෙරෙද්ද?
’’එයින් දක්‍ෂිණා තොමෝ අඩුවූවක් නොවන්නීය. ඔවුහුද පිනට කොටස්කාරයෝ වෙත්. යමෙකු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේද,
"එහෙයින් නොපසුබට සිත් ඇත්තේ දන් දෙන්නේය. පින් පරලොව සත්ත්‍වයන්ට පිහිට වෙත්ය’’ යි වදාළ සේක."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll