370. "රාගය" යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "රාගය" යන්න නිවැරදි ත්‍රිපිටක අර්ථ දැක්වීම කුමක්ද යන්න දන්නේනම් කරුනාකර දැක්විය හැකිද? අර්ථය පිළිබද වැටහීමක් තුබුණත් ත්‍රිපිටකයේ සදහන් ස්ථානය සමග සැසදීමට අවශ්‍යව ඇත.

A / R.

A / R. 1064. එහි ලෝභ කවරේ යත්:යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් (විෂයයන්හි පැමිණැවීමෙක්) අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්දියෙක් නන්දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡායෙක් මුර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් එජායෙක් මායාවක් (සසරැ උපදවන) ජනිකාවක් සඤ්ජනනියක්(චුති - පිළිසිඳ විසින්) හිවීමෙක් ජාලිනියක් සරිතාවක් විසත්තිකායෙක් සූත්‍ර(හූ)යෙක් පැතිරීමෙක් ආයූහිනියක් ද්විතීයාවක් ප්‍රණිධියෙක් භවරජ්ජු (රැහැන)යෙක් වනයෙක් වනථයෙක් සන්ථවයෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් පටිබන්ධුයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලෝලූප බවෙක් ලෝලුපාකාරයෙක් ලොලුපායිත බවෙක් නගුට සලන බවෙක් ස්වාදු කම්‍යතායෙක් අධර්මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් කැමතිවන අයුරෙක් ප්‍රාර්ත්ථනායෙක් රිසි වීමෙක් සම්ප්‍රාර්ත්ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපයෙහි තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පෘෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්ථයෙක් උපාදානයෙක් (කුසලයන්ගේ) ආවරණයෙක් නීවරණයෙක් ඡාදනයෙක් බන්ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (පරියුට්ඨාන) කුශලවාරය ගැනීමෙක් ලතායෙක් විවිධ ඉච්ඡායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාසයෙක් මාරබලිස (බිලි)යෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියක් තෘෂ්ණා ජාලයෙක් තෘෂ්ණා ගර්දුලයෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් අභිධ්‍යායෙක් ලෝභ - අකුසල මූලයෙක් වේ ද, මේ ලෝභ ය යි කියනු ලැබේ.
http://thripitakaya.org/tipitakaya/Index/723?s=21900

තත්‌ථ කතමො ලොභො? යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‌දී නන්‌දීරාගො [නන්‌දිරාගො (සී.)] චිත්‌තස්‌ස සාරාගො ඉච්‌ඡා මුච්‌ඡා අජ්‌ඣොසානං ගෙධො පලිගෙධො සඞ්‌ගො පඞ්‌කො එජා මායා ජනිකා සඤ්‌ජනනී සිබ්‌බිනී [සිබ්‌බනී (සී.)] ජාලිනී සරිතා විසත්‌තිකා සුත්‌තං විසටා ආයූහිනී [ආයූහනී (සී. ස්‍යා.)] දුතියා පණිධි භවනෙත්‌ති වනං වනථො සන්‌ථවො සිනෙහො අපෙක්‌ඛා පටිබන්‌ධු ආසා ආසිසනා ආසිසිතත්‌තං [ආසිංසනා ආසිංසිතත්‌තං (සී. ස්‍යා.)] රූපාසා සද්‌දාසා ගන්‌ධාසා රසාසා ඵොට්‌ඨබ්‌බාසා ලාභාසා ධනාසා පුත්‌තාසා ජීවිතාසා ජප්‌පා පජප්‌පා අභිජප්‌පා ජප්‌පා ජප්‌පනා ජප්‌පිතත්‌තං ලොලුප්‌පං ලොලුප්‌පායනා ලොලුප්‌පායිතත්‌තං පුච්‌ඡඤ්‌ජිකතා [පුඤ්‌චිකතා (ස්‍යා.) පුච්‌ඡිකතා (සී.)] සාධුකම්‍යතා අධම්‌මරාගො විසමලොභො නිකන්‌ති නිකාමනා පත්‌ථනා පිහනා සම්‌පත්‌ථනා කාමතණ්‌හා භවතණ්‌හා විභවතණ්‌හා රූපතණ්‌හා අරූපතණ්‌හා නිරොධතණ්‌හා රූපතණ්‌හා සද්‌දතණ්‌හා ගන්‌ධතණ්‌හා රසතණ්‌හා ඵොට්‌ඨබ්‌බතණ්‌හා ධම්‌මතණ්‌හාඔඝො යොගො ගන්‌ථො උපාදානං ආවරණං නීවරණං ඡාදනං බන්‌ධනං උපක්‌කිලෙසො අනුසයො පරියුට්‌ඨානං ලතා වෙවිච්‌ඡං දුක්‌ඛමූලං දුක්‌ඛනිදානං දුක්‌ඛප්‌පභවො මාරපාසො මාරබළිසං මාරවිසයො තණ්‌හානදී තණ්‌හාජාලං තණ්‌හාගද්‌දුලං තණ්‌හාසමුද්‌දො අභිජ්‌ඣා ලොභො අකුසලමූලං – අයං වුච්‌චති ලොභො.
https://pitaka.lk/bjt/books/45/AP01_Page_437.png
https://pitaka.lk/bjt/books/45/AP01_Page_438.png

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll