926. ඇස්වහ කටවහ වදිනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඇස්වහ හෝ කටවහ බෞද්ධ අපි පිළිගන්නවද ඒ වා වලින් මිදෙන්න කෙසේද?

A / T. "මේ අංගුලිමාල පිරිත මහානුභාවසම්පන්න පිරිතකි. මහ පිරිතය කියනුයේ මෙයට ය. මෙය ගර්භනීන් සුවපත් කිරීමට ම ඇති පිරිතක් නො වේ. මෙයින් සියළුම උවදුරු දුරු කළ හැකිය. “ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චිපරිස්සයං න මද්දති මහාපරිත්තං නාමෙතං” යනුවෙන් අටුවාවෙහි ඒ බව දක්වා ඇත්තේ ය. සියලුම රෝගවලටත් ඇස්වහ කටවහ දෝෂයටත් මෙයින් බොහෝ ගුණ ලැබිය හැකි වනු ඇත. පැන්වලට තෙල්වලට නූල්වලට පිරිත් කොට සුදුසු පරිදි ඒ ඒ දෙයට යොදනු. පිරිත කීවාර ගණන වැඩි වූ පමණට ගුණය වැඩියෙන් ලැබේ. ඒ නිසා පැමිණ ඇති උපද්‍රවයේ මහත් බව අනුව පිරිත කීමේ වාර ගණන වැඩි කළ යුතුය. කරුණුවල සැටි සැටියට සත්වර, විසීක්වර, එකසිය අට වර, දහස් වර, පිරිත් කරනු.

"ඛුද්දක ජිනපඤ්ජරය - බොහෝ දෙනා මේ පිරිත නොයෙක් දෙයට යොදති. බොහෝ ගුණ මේ පිරිතෙන් ලැබී ඇති බව ද කියති. මෙයින් කරන වැඩ සමහරක් මෙසේ ය. අමනුෂ්‍ය උපද්‍රවයට හා උණට පැන් හෝ තෙල් පිරිත් කරනු. ගෙවල් ආරක්ෂාවට පිරිසිදු තැනකින් ගල් කැට ගෙන ඒ ගෙය තුළදී එකසිය අට වර පිරිත් කොට මුට්ටි සතරක ලා එකවිට සතර පැත්තේ වළලනු. අමනුෂ්‍ය දෝෂවලට තෙල් පිරිත කර ගෙය තුළ පහන් දල්වනු. ගෙට නපුරු සතුන් එනවානම් තෙල් පිරිත් කර ගෙයින් පිටත පහන් දල්වනු. ඇස්වහ කටවහ ආදියට කපුටා හඬන්නට පෙර පිරිසිදු බඳුනකට පැන් ගෙන විසිහය වරක් පිරිත් කර දෙනු."

"සප්ත බුද්ධ බෝධි ශාන්තිය ... - මොහුගේ ශරීරයෙහි වා පිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩිවීමකින් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද ඇස්වහ කටවහ හෝවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්‍ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හටගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ වී නම් ඒ සියලු රෝගයෝ වහා දුරු වෙත්වා. වහා සුවය ලැබේවා!

මොහුගේ ශරීරයෙහි වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩි වීමෙන් හෝ සෘතු විපර්‍ය්‍යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද, ඇස්වහ, කටවහ, හෝවහ, හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හට ගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ නම් ඒ සියලු රෝගයෝ වහා දුරු වෙත්වා!

මොහුගේ ශරීරයෙහි වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩි වීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද, ඇස්වහ, කටවහ හෝවහ, හදි හූනියම් දෝෂයකින් හෝ යක්‍ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හට ගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ නම් ඒ සියලු රෝගයෝ මොහුගේ ශරීරයෙන් වහා දුරු වෙත්වා. මොහුට වහා සුවය ලැබේවා!"

A / C / T. "ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත්‍ර‍ය අතහැර දැමීමෙන් ද දේව බ්‍ර‍හ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණ ගමනය සේ භවාන්තරයට නො යන්නේ ය. රත්නත්‍ර‍ය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්‍මය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත් ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීම ය. ආහාර පාන සපයා ගැනීම, ඇඳුම් - පැළඳුම් සපයා ගැනීම, ගෙවල්-දොරවල් යාන වාහන සපයා ගැනීම, පුරුෂයන්ට භාර්‍ය්‍යාවන් සොයා ගැනීම, ස්ත්‍රීන්ට ස්වාමිපුරුෂයන් සොයා ගැනීම, දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම, නැති වූ අය සොයා ගැනීම, නැති වූ බඩු සොයා ගැනීම, රෝග සුවකර ගැනීම, ග්‍ර‍හ අපල දුරු කර ගැනීම, සතුරු උවදුරු නැතිකර ගැනීම, අමනුෂ්‍ය භය - ඇස්වහ - කටවහ දෝෂ නැති කර ගැනීම, සූනියම් දෝෂ නැති කර ගැනීම, විභාගවලින් සමර්‍ථවීම යනාදි මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත්‍රයෙන් සිදු කර ගත නො හැකි ය. ඒවාට අන් පිහිටවල් සොයා ගත යුතු ය. ඒ උවමනා ඉටු කර ගැනීමට දෙවියකුගෙන් හෝ මිනිසකුගෙන් හෝ යකකුගෙන් හෝ තිරිසනකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබා ගත්තාට සරණගමනය කිලිටි වීමක් හෝ බිඳීමක් නො වන්නේ ය. ආහාරපාන සොයා ගැනීම් ආදි සෑම කරුණකට ම රත්නත්‍රයේ පිහිට සොයන්න යාම අනුවණ කමෙකි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll