Q. 01. ධර්මය, අධර්මය කිරීමේ හා අධර්මය පතුරවා ලීමේ විපාක මොනවා ද? 02. පිළිතුරු වශයෙන් ලබාදෙන Comment / Reply තමන්ගේ මත / හිතලු නම් හෝ බුදුරජුන්ගේ දේශනාවලට 100%ක් නොගැලපේ නම්, (ඒවා මඟින් කියවන්නා මුලා වන / නොමඟ යන බැවින් ද) ඉන් ලැබෙන විපාක මොනවා ද? 01. හා 02. සඳහා ආධාර උපකාර අනුබල ලබා දීමේ, ප්‍රත්‍ය පහසුකම් සිව්පසය සැපයීමේ විපාක මොනවා ද?
A / R. ධර්මය විකෘති කිරීමෙන්, ඊට අනුබල දීමෙන්, විකෘති ධර්ම ප්‍රචාරයෙන් / ප්‍රචාරණයෙන්, විකෘති ධර්මය පිළිපැදීමෙන්, (මෙකී ක්‍රියාවලියේ ආරම්භය - විකාශනය - අවසානය / ක්‍රියාවලිය සිදුවන ආකාරය / මෙම ක්‍රියාවලිය කෙසේ/කුඩා තැනින් ආරම්භ වී, කෙතෙක් දුර යන්නේ ද වන වග හා එමඟින්) අපා ගත වන බව පහත මූලාශ්‍ර අනුව ගම්‍ය මාන කර ගත හැක.
"1. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති එක වෙහෙරෙහි සංඝයා මැද උපන් වාදය කෙසේ දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පවතී ද? කොසබෑ නුවර මෙන් භික්‍ෂූන් දෙදෙනෙක් අතර වාදයක් ඇති වූ විට ඒ විහාරයෙහි ඔවුන්ගේ අතවැසියෝ වාද කරත්. ඔවුන්ගෙන් අවවාද ගන්නා භික්ෂුණීහු වාද කරත්. එයින් ඔවුන්ගේ උපස්ථායකයෝ වාද කරත්. ඉක්බිතිව මිනිසුන් ද ආරක්‍ෂක දෙවියෝ වෙත්. අධර්මවාදීන්ට අධර්මවාදී ආරක්‍ෂක දෙවියෝ වෙත්. එයින් ආරක්‍ෂක දෙවියන්ගේ මිත්‍ර භූමස්ථ දෙවියෝ බිඳෙත්. මේ ක්‍රමයෙන් බ්‍රහ්මලෝකය දක්වා ආර්යශ්‍රාවක සියළු දෙවිමිනිසුන් කොටස් දෙකක් වෙත්. ධර්මවාදීන්ට වඩා අධර්මවාදීන් බොහෝ වෙත්. එයින් යමක් බොහෝ අය ගන්නා ලද්දේද එය ගනිත්. ධර්මය අතහැර බොහෝ දෙනා අධර්මය ගනිත්. ඔවුහු අධර්මය පතුරුවමින් වාසය කරන්නේ අපායෙහි උපදිත්. මෙසේ එක විහාරයක සංඝයා මැද උපන් වාදය බොහෝ අයගේ අහිත පිණිස දුක් පිණිස වෙයි.
https://tipitaka.lk/atta-mn-3-1-4/18-2/sinh
https://tipitaka.lk/atta-mn-3-1-4/18-2/sinh
2. විවාද මූලානි - විවාදයට මුල් වූ. කොධනො - කිපෙන ලක්ෂණයේ ක්‍රෝධයෙන් යුක්ත වූ උපනාහී - වෛරය අත්නොහැරිය ලක්‍ෂණ උපනාහයෙන් යුක්ත වූ. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං - භික්ෂූන් දෙනමකගේ විවාද කථා දෙව්මිනිසුන්ගේ අහිත පිණිස දුක් පිණිස පවතී. කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂූන් දෙනමක් විවාදයට පැමිණි කල්හි ඒ විහාරයෙහි ඔවුන්ගේ අතවැසියෝ විවාද කරත්. ඔවුන්ගේ අවවාද ගන්නා භික්ෂුණීහු වාද කරති. එයින් ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරති. ඉක්බිති මිනිසුන්ගේ ආරක්ෂක දේවතාවෝ කොටස් දෙකක් වෙති. එහි ධම්මවාදීන්ගේ ආරක්‍ෂක දෙවියන්ගේ මිත්‍ර භූමි දෙවියෝ බෙදෙති. මෙසේ පරම්පරාවෙන් ආර්යභූමිය හැර බ්‍රහ්ම ලෝකය දක්වා බෙදෙති. අධම්මවාදීහු බොහෝ වෙති. ඉක්බිති බොහෝ දෙනා විසින් ගන්නා ලද එය සත්‍ය (තච්ඡන්ති) යයි ධර්මය අත්හැර අධර්මය ගනිති. ඔව්හු අධර්මය පෙරටුව හැසිරෙන්නෝ අපායවල උපදිති. මෙසේ භික්ෂූන් දෙනමගේ විවාදය දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතී.
3. ... ධර්මවාදීන්ගෙන් බලනවිට අධර්මවාදීහුම බහුතරයක් වෙති. ඉන් යමක් බොහෝ දෙනෙකු විසින් ගන්නා ලද්දේද? එය සත්‍යයයි ගෙන ධර්මය අත්හැර බොහෝ දෙනෙක් අධර්මය ගනිති. ඔවුහු අධර්මය පෙරටුකොට වසන්නාහු අපායයන්හි උපදිති. මෙසේ භික්‍ෂූන් දෙදෙනෙකුගේ විවාදය දෙව් මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේ ...”
# “ජීවිතඤ්ච අධම්මෙන” අධාර්මිකව ජීවිතය ගෙනයාම, ජීවත්වීමට අධාර්මික කටයුතු කිරීම. “ධම්මෙන මරණං”, දැහැමින් මැරීම නම් මෙවැනි පව්කම් කරමින් ජීවත්වීමට වඩා මැරෙන්නෙමි. දැහැමින් මැරීමයි. කිසිවකු ගේ නියමයෙන් තමා මරණයට පත්වුවත් පව්කම් නොකර, ධර්මය විකෘති නොකර, දහම් නොනසා, ධර්ම හේතුවෙන් මරණයට පත්වීම ශ්‍රේෂ්ඨ වේ. එබඳු මරණය ධර්මයෙන් තොර නොවූ බැවින්, ධර්මයෙන් දිව්‍ය ලෝකයට පමුණුවන බැවින්, නිවණ උපකාරීවන බැවින් නුවණැත්තෝ අතිශයින් පසසති. ඒ සඳහා කියන ලදි."
2. විවාදමූලානීති විවාදස‍්ස මූලානි. කොධනොති කුජ‍්ඣනලක‍්ඛණෙන කොධෙන සමන‍්නාගතො. උපනාහීති වෙරඅප‍්පටිනිස‍්සග‍්ගලක‍්ඛණෙන උපනාහෙන සමන‍්නාගතො. අහිතාය දුක්ඛාය දෙවමනුස‍්සානන‍්ති ද‍්වින‍්නං භික‍්ඛූනං විවාදො කථං දෙවමනුස‍්සානං අහිතාය දුක‍්ඛාය සංවත‍්තති. කොසම‍්බකක‍්ඛන්‍ධකෙ විය ද‍්වීසු භික‍්ඛූසු විවාදං ආපන‍්නෙසු තස‍්මිං විහාරෙ තෙසං අන‍්තෙවාසිකා විවදන‍්ති. තෙසං ඔවාදං ගණ‍්හන‍්තො භික‍්ඛුනිසඞ‍්ඝො විවදති. තතො තෙසං උපට‍්ඨාකා විවදන‍්ති. අථ මනුස‍්සානං ආරක‍්ඛදෙවතා ද‍්වෙ කොට‍්ඨාසා හොන‍්ති. තත්‍ථ ධම‍්මවාදීනං ආරක‍්ඛදෙවතා ධම‍්මවාදිනියො හොන‍්ති අධම‍්මවාදීනං අධම‍්මවාදිනියො. තතො ආරක‍්ඛදෙවතානං මිත‍්තා භුම‍්මා දෙවතා භිජ‍්ජන‍්ති. එවං පරම‍්පරා යාව බ්‍රහ‍්මලොකා ඨපෙත්‍වා අරියසාවකෙ සබ‍්බෙ දෙවමනුස‍්සා ද‍්වෙ කොට‍්ඨාසා හොන‍්ති. ධම‍්මවාදීහි පන අධම‍්මවාදිනොව බහුතරා හොන‍්ති. තතො “යං බහුකෙහි ගහිතං, තං තච‍්ඡ”න‍්ති ධම‍්මං විස‍්සජ‍්ජෙත්‍වා බහුතරාව අධම‍්මං ගණ‍්හන‍්ති. තෙ අධම‍්මං පුරක‍්ඛත්‍වා වදන‍්තා අපායෙසු නිබ‍්බත‍්තන‍්ති. එවං ද‍්වින‍්නං භික‍්ඛූනං විවාදො දෙවමනුස‍්සානං අහිතාය දුක‍්ඛාය හොති.
3. ... ධම‍්මවාදීහි පන අධම‍්මවාදිනොව බහුතරා හොන‍්ති. තතො යං බහුකෙහි ගහිතං, සබ‍්බං තං සච‍්චන‍්ති ධම‍්මං විස‍්සජ‍්ජෙත්‍වා බහුතරාව අධම‍්මං ගණ‍්හන‍්ති. තෙ අධම‍්මං පුරක‍්ඛත්‍වා විහරන‍්තා අපායෙසු නිබ‍්බත‍්තන‍්ති ...
# ජීවිතඤ‍්ච අධම‍්මෙනාති අධම‍්මෙන ජීවිකකප‍්පනං ජීවිතහෙතු අධම‍්මචරණං. ධම‍්මෙන මරණං නාම “ඉමං නාම පාපං අකරොන‍්තං තං මාරෙස‍්සාමී”ති කෙනචි වුත‍්තෙ මාරෙන‍්තෙපි තස‍්මිං පාපං අකත්‍වා ධම‍්මං අවිකොපෙන‍්තස‍්ස ධම‍්මහෙතුමරණං ධම‍්මිකං සෙය්‍යොති තාදිසං මරණං ධම‍්මතො අනපෙතත‍්තා ධම‍්මිකං සග‍්ගසම‍්පාපනතො නිබ‍්බානුපනිස‍්සයතො ච විඤ‍්ඤූනං පාසංසතරං. තථා හි වුත‍්තං –"