558 - බුදුදහමේ මූලික හරය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අවසරයි! මා කුඩා කල සිට විස්වාස කරන්නේ සියලු දේ චතුරාර්‍ය සත්‍යට අනුව සිදුවන බවත්, ලොව ඇති සියලු ප්‍රශ්නවලට චතුරාර්‍ය සත්‍යයේ පිලිතුරු ඇති බවත්ය; නමුත් බුදුදහමේ මුලික හරය චතුරාර්‍ය සත්‍ය නොවෙද? ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් ලබාදෙන්න ගොඩක් පින්!

A. කෙටි ක්‍රමයෙන්, බුදුදහමේ මූලික හරය “චතුරාර්‍ය සත්‍ය” යි.
(මධ්‍යම ක්‍රමයෙන්, බුදුදහමේ මූලික හරය “පටිච්චසමුප්පාදය” යි.
විස්තරාත්මක ක්‍රමයෙන්, බුදුදහමේ මූලික හරය “පට්ඨාන විභාගය” යි.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll