580. තරහ ද? තරහයි ද? තරහ ම තරහයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තමන් එක්ක තරහෙන් ඉන්න කෙනෙක්ට මෙත් සිත් පැතරවිම මගින් ඔහුගේ තරහා නැතිකල හැකිද? එය කරන්නෙ කෙසෙද?

A / R. "පෞද්ගලික වශයෙන් මෙත් වැඩීම :

එක් පුද්ගලයකුට මෙත් වැඩීමේ දී ඔහුගේ නම මුලට යොදා “වෛර නැත්තේ වේවා! නපුරු සිත් නැත්තේ වේවා! අනුන් පහත් කොට නො සිතාවා! අනුන්ට නපුරු කම් නොකෙරේවා! අනුන්ගේ යහපත කැමතියෙක් වේවා! නිදුක් වේවා! සුවපත් වේවා!” යි භාවනා කරනු.

සතුරුකම් කරන පුද්ගලයකුට මෙත් කළ හොත් ඔහු ගේ සතුරු කම් කිරීම නවතිනු ඇත. සම්පූර්ණයෙන් නො නැවතුන ද අඩු වනු ඇත. බොහෝ කොට මෙත් කිරීමෙන් සමහර විට සතුරා මිතුරකු ද විය හැකි ය. යම් කිසි කරුණකට අනිකකුගේ සහාය වුවමනා වූ විට ඔහුට මෙත් කරනු. ඔහුගේ සහාය පහසුවෙන් ලැබිය හැකි වනු ඇත. පෞද්ගලික ව මෙත් වැඩීමේ ප්‍ර‍තිඵලය මෛත්‍රී චිත්තය බලවත් කල්හි ඉක්මනින් ලැබෙනු ඇත. මෛත්‍රී චිත්තය දුබල නම් ඵල ලැබීමට කල් ගත වේ. යම් කිසි කරුණක් සඳහා කෙනකුට පෞද්ගලික ව මෙත් කිරීමේ දී ඒ පුද්ගලයා වෙසෙන තැන දැන ඔහු වෙසෙන දිශාවට මුහුණ ලා හිඳ ඔහුගේ මුහුණ අරමුණු කොට ගෙන මෙත් වඩනු."

A / R. අපේ හෂිත ඉඳුරංග හේරත් සහෝදරයා දීල තියන මේ link එකෙන් https://pitaka.lk/books/shasanavatharanaya/69.html ඔබට බොහෝ ප්‍රයෝජන ගත හැකි වුව ද, ආදරය / ප්‍රේමය / රාගය / ආශාව / ලිංගික ආශාව ආදිය හෝ වෙනත් අවශ්‍යතාවයකට යමෙකු මිතුරු කරගැනීමට මෙත් වැඩීම නොකළ යුතු බව අවධාරණය කළ යුතු ය.

A. නොඑසේනම්, රාගාදිය (භාවනාවක් ලෙස ද) වැඩීමට පමණක් ම ද නොවේ; මෛත්‍රිය වංචනික ලෙස භාවිතා වීමට හෝ මෛත්‍රිය අවභාවිතය සිදු වීමට ද බොහෝ ඉඩකඩ ඇත.

“මෛත්‍රිය වනාහි වඩන තැනැත්තා ය, මෙත් කරනු ලබන සත්ත්වයෝ ය, යන දෙපක්ෂයට ම ලැබෙන ඵල ඇති භාවනාවෙකි. දෙපක්ෂයට ම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියෙනි.”

(පහත සබැඳියෙන් ගොස්, සියල්ල මුල සිට අග දක්වා ම හොඳින් කියවන්න.)

https://pitaka.lk/books/bauddhayage-athpotha/10-3-4.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll