674. රහතන් වහන්සේ නමකගේ චුති චිත්තය කෙබඳු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රහතන් වහන්සේ නමකගේ චුති චිත්තය කෙබඳුද?

A. අභිධර්මාර්ථ ප්‍රදීපිකා  1 - මරණාසන්න වීථි.

A. “භවයෙහි මතු නූපදින්නා වූ රහතුන්ට මරණාසන්නයේ දී කර්මාදිය වැටහීමක් සිදු නොවේ.”

[“කර්මාදිය වැටහීමේ දී වර්තමාන භවයෙහි කොට මතක ඇත්තා වූ කර්ම මතක් වීම් වශයෙන් මනෝද්වාරයට වැටහේ. වර්තමාන භවයේ කොට අමතක වූ කර්ම හා අතීත භවවලදී කළ කර්ම ද, කර්ම නිමිති හා ගතිනිමිති ද වැටහෙන්නේ සිහින පෙනෙන්නාක් මෙනි. මේවා බොහෝ සෙයින් වැටහෙන්නේ මනෝද්වාරයට ය. කර්ම නිමිති හා ගති නිමිති මැරෙන තැනැත්තා ඉදිරියේ ඇති අවස්ථාවල දී චක්ෂුර්ද්වාරාදියට ද වැටහෙන්නේ ය. භවයෙහි මතු නූපදින්නා වූ රහතුන්ට මරණාසන්නයේ දී කර්මාදිය වැටහීමක් සිදු නොවේ. මරණය කෙසේ සිදු වුව ද භවයෙහි උපදනා එක සත්ත්වයකුදු කර්මාදි තුනෙන් එකක් නො වැටහී නො මැරේ. මිටියකින් තළනු ලැබූ මැස්සා පවා මැරෙන්නේ කර්මාදි තුනෙන් එකක් වැටහීමෙන් පසුව ය. මරණාසන්නයේ දී මෙසේ වැටහීමෙන් කාලාන්තරයක් යට වී තුබූ පුරාණ කර්ම එකෙණෙහි ම කරන ලද ඒවා මෙන් අලුත් වේ.”]

“තව ද ප්‍ර‍තිසන්ධි චිත්තය හා රහතුන්ගේ ච්‍යුති චිත්තය ද රූප නූපදවයි.”

සැ. යු.: “රහතුන්” “බුදුන්” ආදී ලෙස දැක්වීම (ඉ)පැරණි භාෂා යෙදුම් බැවිනුත්, භාෂාව කලින් කලට ගතික ගමනක යෙදී, කාලානුරූපීව වෙනස් වන බැවිනුත්, කවරෙක් / කවර උතුමෙක් / කවර උතුමන් වහන්සේ නමක් ඒවා එසේ යොදා තිබුණත් / යෙදුවත්, ශබ්දකෝශාදියෙහි දක්නට ලැබුණත්, සෑම විට ම කාලෝචිතව (“රහතන්වහන්සේ” / “බුදුන්වහන්සේ” ආදී ලෙසින් වත්) ගෞරවාර්ථයෙන් ම යෙදිය යුතු ම ය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll