[Watch in 4K — Recommended Resolution.]


367. සමජීවිකතා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු දහමේ සඳහන් සමජීවිතා - සමජීවික බව යනු කුමක් ද?

A / R. (අවසරයි අපෙ හාමුදුරුවනෙ!) “ව්‍යග්ඝපජ්ජය, සමජීවික බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.”
https://pitaka.lk/main?n=33154

{“ව්‍යග්ඝපජ්ජය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,

ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුලපුත්‍ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්‍ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්. ව්‍යග්ඝපජ්ජය, යම් කලෙක පටන් මේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. ව්‍යග්ඝපජ්ජය, මේ සම ජීවිකාවයි.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll