348. උදය - වය (වැය/ව්‍යය)?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. උදය වැය දැකීම යනු සම්මා දිට්ඨියද? ඇත්ත ඇති සැටියෙන් දැකීමද?

[උදය-ව්‍යය ගැන දැනගන්න මෙය ද කියවන්න!]

A. "රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යනු : රක්නාලද සිත් ඇතියේ සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇත්තේ වන්නේ යැ යන මේ අර්‍ත්‍ථය යෙදෙයි, සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇති පුද්ගල සම්‍යග්දෘෂ්ටි වන්නේ යැ යනු යෙදෙයි, සම්මාදිට්ඨිසංඛ්‍යාත විදර්‍ශනාඥානය පෙරටු ඇතිව වසනුයේ උදයව්‍යය ප්‍රතිවේධ කරන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදෙයි, උදයව්‍යය ප්‍රතිවේධ කරනුයේ දුර්‍ගති සංඛ්‍යාත සියලු භව ගති දුරුකරන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදෙයි, සියලු දුර්‍ගති දුරුකරනුයේ සියලු දුර්‍ගතිවිනිපාතභය (සසරභය ද) ඉක්මවන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදේ යයි.


“තස‍්මා රක‍්ඛිතචිත‍්ත’ස‍්ස සම‍්මාසඞ‍්කප‍්පගොචරො”ති රක‍්ඛිතචිත‍්ත’ස‍්ස සම‍්මාසඞ‍්කප‍්පගොචරො භවිස‍්සතීති යුජ‍්ජති, සම‍්මාසඞ‍්කප‍්පගොචරො සම‍්මාදිට‍්ඨි භවිස‍්සතීති යුජ‍්ජති, සම‍්මාදිට‍්ඨිපුරෙක‍්ඛාරො විහරන‍්තො උදයබ‍්බයං පටිවිජ‍්ඣිස‍්සතීති යුජ‍්ජති, උදයබ‍්බයං පටිවිජ‍්ඣන‍්තො සබ‍්බා දුග‍්ගතියො ජහිස‍්සතීති යුජ‍්ජති, සබ‍්බා දුග‍්ගතියො ජහන‍්තො සබ‍්බානිදුග‍්ගතිවිනිපාතභයානි සමතික‍්කමිස‍්සතීති යුජ‍්ජතීති."

# "සම්මාදිට්ඨි පුරෙක්ඛාරො යනු (දෙවැදෑරුම් සම්මාදිට්ඨියෙහි සිටියේ සසරදුක ඉක්මැවීමට උපාය වූ විදර්‍ශනා වඩා නුයි) විදර්‍ශනාවට පදට්ඨාන යැ, ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියට පදට්ඨාන යැ


සම‍්මාදිට‍්ඨිපුරෙක‍්ඛාරො”ති විපස‍්සනාය පදට‍්ඨානං; ඤත්‍වාන උදයබ‍්බය”න‍්ති දස‍්සනභූමියා පදට‍්ඨානං;"

# "සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු විදර්‍ශනා යැ (විදර්‍ශනාව ප්‍රඥා ප්‍රධාන හෙයිනි.) ඤත්‍වාන උදයබ්බයං යනු දුඃඛසත්‍යයාගේ පරිඥා යැ,


සම‍්මාදිට‍්ඨිපුරෙක‍්ඛාරො”ති විපස‍්සනා; “ඤත්‍වාන උදයබ‍්බය”න‍්ති දුක‍්ඛපරිඤ‍්ඤා;"

# "සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ,


“සම‍්මාදිට‍්ඨි පුරෙක‍්ඛාරො ඤත්‍වාන උදබ‍්බය”න‍්තී දස‍්සනභූමියා නික‍්ඛෙපපඤ‍්ඤත‍්ති;"

# "(යම් හෙයෙකින් අරක්‍ෂිත සිත් ඇතියේ මාරවශීව සසර මැ වෙසේ ද) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත් ඇතිවන්නේ යැ, නෙක්ඛම්මාදි සම්‍යක්සඞ්කල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ, (කම්මස්සකතා යථාභූතඤාණ ලක්‍ෂණ) සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට ඇතියේ (පඤ්චස්කන්‍ධයෙහි සමපනස් වැදැරුම්) උදයව්‍යය දැන (හඞ්ගානු පස්සනාදි වශයෙන් විදසුන් වඩා) රහත් මගින් ථිනමිද්ධය නැසූ ක්‍ෂීණාස්‍රව මහණ සියලු දුර්‍ගති දුරු කරන්නේ යි.


“තස‍්මා රක‍්ඛිතචිත‍්ත’ස‍්ස සම‍්මා සඞ‍්කප‍්පගොචරො,
සම‍්මාදිට‍්ඨිපුරෙක‍්ඛාරො ඤත්‍වාන උදයබ‍්බයං;
ථිනමිද‍්ධාභිභු භික‍්ඛු සබ‍්බා දුග‍්ගතියො ජහෙ”ති."

# "ඤත්‍වාන උදයබ‍්බයං පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු සමපඤ‍්ඤාසාය ආකාරෙහි උප‍්පාදනිරොධං වවත්‍ථපෙත්‍වා උදයබ‍්බයඤාණමධිගන‍්ත්‍වා තතො පරං භඞ‍්ගානුපස‍්සනාදිවසෙන විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අනුක‍්කමෙන අරියමග‍්ගං ගණ‍්හන‍්තො අග‍්ගමග‍්ගෙන


ඤත්‍වාන උදයබ්බයං පංච උපාදානස්කන්ධයන්හි සමපණස් ආකාරයන්ගෙන් ඉපැත්ම හා නිරුද්ධවීම විභාගකොට උදයව්‍යය ඥානය අවබෝධකොට ඉන් මත්තෙහි භංගානුපස්සනාදී වශයෙන් විදර්ශනාව ඔසවා අනුක්‍රමයෙන් ආර්යමාර්ගය ගනුයේ අග මගින්,"

# "ඤත්‍වාන උදයබ්බයං යනු ඒකත්තතා යැ, උදයඥානයෙන් - අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, (මෙසේ සියල්ල) සමුදය වේ. ව්‍යයඥානයෙන් - අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, (මෙසේ සියල්ල) නිරෝධය වේ. මේ වේමත්තතා යි.


ඤත්‍වාන උදයබ‍්බය”න‍්ති එකත‍්තතා: උදයෙන-අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං; (එවං සබ‍්බං,) සමුදයො භවති, වයෙන අවිජ‍්ජා නිරොධා සඞ‍්ඛාරනිරොධො සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො, (එවං සබ‍්බං) නිරොධො හොති. අයං වෙමත‍්තතා."

A / R. උදයබ්බයඤාණනිද්දෙසො.
https://pitaka.lk/?node=541016&coll=cs,aps

T. [සම්මාදිට්ඨිසඞ්ඛාතං විපස්සනාඤාණං පුරක්ඛත්වා විහරන්තො මග්ගඤාණෙන පඤ්චන්නං ඛන්ධානං උදයබ්බයං අසම්මොහතො පටිවිජ්ඣිස්සති. තථා පටිවිජ්ඣන්තො ච දුක්ඛසභාවත්තා දුග්ගතිසඞ්ඛාතා සබ්බා භවගතියො ජහිස්සති, තතො එව සබ්බං විනිපාතභයං සංසාරභයඤ්ච සමතික්කමිස්සතීති සබ්බොපි චායමත්ථො යුත්තො එවාති. https://tipitaka.app/?a=jq4-475-si]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll