Q. "මා මේ දේශනා කරන ධර්මය තොපලාට නොවැටහේ නම්, තේරුම් ගැනීමට අපහසු නම්, වැටහීම මඳ නම්, ප්‍රඥාව මඳ නම්... මා කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන, භක්තියෙන්, ගෞරවයෙන් මේ ධර්මය සත්‍ය යයි, තුන් සිත පහදාගෙන, ශ්‍රද්ධාවෙන් මෙය අදහාපල්ලා.. එයද තොපලාට නිර්වාණාවබෝධයට හිතසුව පිණිස පවතින්නේය"
මෙවැනි කියමන්ක් බුදුන් වහන්සේ කොතැනක හෝ කියා තිබේද?
හෝ මේ හා සමාන, මෙවැනි අර්ථයක් ආසන්න වශයෙන් හෝ ගෙන දෙන, වක්‍රාකාරයෙන් හෝ මෙවැන්නක් අදහස්වන ප්‍රකාශයක් බුදුන් වහන්සේ ත්‍රිපිටකයේ කුමන සූත්‍ර දේශනාවක හෝ වදාරා තිබේද?
දැ.ගැ.පි.
T1. “වච්ඡය, තාගේ නොදැනීමට සුදුසුය. මුළාවීමට සුදුසුය. වච්ඡය, මේ ධර්මය තෙමේ ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබෝධ කිරීම දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි යෙදෙන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ තා විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය.”
‘‘අලඤ්හි තෙ, වච්ඡ, අඤ්ඤාණාය, අලං සම්මොහාය. ගම්භීරො හායං, වච්ඡ, ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. සො තයා දුජ්ජානො අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙන අඤ්ඤත්‍රයොගෙන (අඤ්ඤත්‍රායොගෙන (දී. නි. 1.420)) අඤ්ඤත්‍රාචරියකෙන’’
https://pitaka.lk/main?n=19122&p=190
https://tipitaka.app/?a=bb2-30-si
https://tipitaka.lk/mn-2-3-2/5-2/sinh
T2. “මහණෙනි, ඒ මට මෙසේ අදහස් විය. මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරුය, දැකීම දුෂ්කරය, අවබෝධ කර ගැනීම අමාරුය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක, සියුම්ය, පණ්ඩිතයන් විසින් දතයුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සතුටු වන්නීය. පංචකාමයෙහි ආශා ඇත්තීය. පංචකාමයෙහි සතුටු වූවාය. පංචකාමයෙහි ඇලී සතුටු වන්නාවූ පඤ්ච කාමයට ආශා කරන්නාවූ පඤ්චකාමයෙන් සතුටුවන්නාවූ මේ සත්ත්ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය ඇති වන්නේය යන පටිච්ච සමුප්පාදය දැක ගැනීම අපහසුය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතුවූ සියලු උපධීන්ගෙන් මිදීමට හේතුවූ තෘෂ්ණාව නැතිවීමට හේතුවූ කෙලෙස් පහ කිරීමට හේතුවූද සියලු දුක් නැති කිරීමට හේතුවූ යම් ඒ නිර්වාණයක් වේද යන මේ කාරණයද දැක ගැනීම අපහසුය.
“මමද ධර්මය දේශනා කරන්නෙම් නම් අන්‍යයෝද මාගෙන් අසා අවබෝධ කර නොගන්නාහු නම් එය මට ක්ලාන්ත බවක් වෙහෙසක් වන්නේය. මහණෙනි, ඉක්බිති මට පෙර නොඇසූ විරූ ආශ්චර්යවූ මේ ගාථාවෝ වැටහුනාහුය.
“මා විසින් දුකසේ අවබෝධ කරගන්නා ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමට සුදුසු නැත. රාගයෙන් හා ද්වේෂයෙන් මඩනා ලද්දාවුන් විසින් මේ ධර්මය පහසුවෙන් තේරුම් ගත නොහැකි වෙයි.
“ගඟ උඩු අතට ගැලීමක් වැනිවූ සියුම්වූ ගැඹුරුවූ අවබෝධය අපහසුවූ අතිශයින් සියුම්වූ මේ ධර්මය රාගයෙන් රත්වූ මෝහයෙන් වටවූ මේ සත්ත්වයෝ අවබෝධ කර නොගන්නාහ.” ….
https://pitaka.lk/main?n=18126&p=281
“බ්‍රහ්මය, වෙහෙස පිළිබඳ හැඟීම් ඇතිව ප්‍රගුණවූ උතුම් ධර්මය නොකීයෙමි, ඒ සත්ත්වයන්හට නිවණෙහි දොරටු හරින ලද යම් කෙනෙක් තුමූ කන් ඇත්තාවූද අසනු කැමැත්තාහුද ඔහු ශ්‍රද්ධාව එළවත්වා.”
https://pitaka.lk/main?n=18126&p=283
T3. “යහපති, යහපති, අනුරුද්‍ධය, ඔබ මහා පුරුෂ විතර්‍ක සහිත කල්පනා කිරීම යහපත්මය. “මේ ධර්‍මය, අල්පෙච්ඡයාටය. මේ ධර්මය, මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය. මේ ධර්මය, ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය, ප්‍රකර්‍ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය, පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය, පටන්ගන්නා ලද කායික, චෛතසික වීර්‍ය්‍යය ඇත්තාහටය, මේ ධර්මය, කුසීතයාහට නොවේ. මේ ධර්මය, සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාහටය, මේ ධර්මය, සිහි මුළාවූවහුට නොවේ. මේ ධර්මය, එකඟවු සිත් ඇත්තාහටය, මේ ධර්මය, එකඟනුවූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය, ප්‍රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.” යනුයි. එසේවීනම් අනුරුද්‍ධය, ඔබ මේ ධර්මය තෘෂ්ණා, මාන, දෘෂ්ටි නම් වූ, ප්‍රමාදයන්ගෙන් තොරවු හෙයින් නිෂ්ප්‍රපඤ්ච නම්වූ නිර්‍වාණ පදයෙහි ඇලුනහුටය, මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුනහුට නොවේයයි, මේ අටවැනිවූ මහා පුරුෂ විතර්‍කයද කල්පනා කරව.
{‘‘සාධු සාධු, අනුරුද්ධ! සාධු ඛො ත්වං, අනුරුද්ධ, (යං තං මහාපුරිසවිතක්කං) (සත්ත මහාපුරිසවිතක්කෙ (සී. පී.) දී. නි. 3.358) විතක්කෙසි - ‘අප්පිච්ඡස්සායං ධම්මො, නායං ධම්මො මහිච්ඡස්ස; සන්තුට්ඨස්සායං ධම්මො, නායං ධම්මො අසන්තුට්ඨස්ස; පවිවිත්තස්සායං ධම්මො, නායං ධම්මො සඞ්ගණිකාරාමස්ස; ආරද්ධවීරියස්සායං ධම්මො, නායං ධම්මො කුසීතස්ස; උපට්ඨිතස්සතිස්සායං ධම්මො, නායං ධම්මො මුට්ඨස්සතිස්ස; සමාහිතස්සායං ධම්මො, නායං ධම්මො අසමාහිතස්ස; පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්සා’ති. තෙන හි ත්වං, අනුරුද්ධ, ඉමම්පි අට්ඨමං මහාපුරිසවිතක්කං විතක්කෙහි - ‘නිප්පපඤ්චාරාමස්සායං ධම්මො නිප්පපඤ්චරතිනො, නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’’’ති.}