875. දෙවියන්වහන්සේ සියල්ල මැවූ සේක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ලෝකය මවන්නට කලියෙන් දෙවියන් වහන්සේ කොහි සිටියේද? නැත්නම් සියල්ල මැවු දෙවියන් වහන්සේ මැවුවේ කවුද?

දේව වාදය පිලිබඳ ව එවැනි ප්‍රශ්ණ මතු කරන අය මේ කර්ම වාදය පිලිබදව ඇති මුලික ප්‍රශ්ණයට - එනම් සත්වයා උපදින්නේ කර්මයකින් නම් සසරේ මුල්වරට හට ගැනීමට කර්මයක් ඇතිවුයේ කෙසේද?

පිලිතුරු දෙන්නේ කෙසේද? (සමාන ලිපි = මෙය ද කියවන්න | මෙය ද කියවන්න | මෙය ද කියවන්න.)

A. දාර්ශනික පිළිතුරක්: 1. සෑම සත්වයකුට ම ඇතැම් ගැඹුරු කාරණා නොතේරෙන්නේ, ඇතැම් සිත් පහළ නොවන්නේ, ඇතැම් අංග-ප්‍රත්‍යංග හට නොගන්නේ ආදිය ඒ අදාළ “කර්ම” නොකළ සත්වයන්ට “විපාක / ප්‍රතිඵල” නොලැබෙන නිසයි. (කර්ම කළ අයට ද “විපාක / ප්‍රතිඵල” නොලැබුණ / වැළකුණු නිසයි.)

2. # සියල්ල දෙවියන්වහන්සේ මැවූ බව (“නිර්මාණවාදය”) ඇති වූ සැටි ද පෙන්විය (ඔප්පු කළ) හැකිය (එය සරලය).

පහතින් ගොස් කියවන්න - බ්‍රහ්මජාල සූත්‍රය - එකච්චසස්සතවාදො.

https://pitaka.lk/main?n=15107&p=42

## (“සම්මුති”) සත්ත්වයා කර්මයෙන් උපන් බව ද පෙන්වා දිය (ඔප්පු කළ) හැකිය (එය ගැඹුරු ය.)

[උපකාරක: “පරමාර්ථ” (4කි) = විශ්වයේ සැබවින් ම පවතින දේ (ශක්තිය).
“සම්මුති” = ඉහත කොටස් හතරෙන් (උපරිම) තුනක් එක්වීම නිසා පෙනෙන මායාවකි.]

(“සම්මුති” වශයෙන්) සත්ත්වයකු නිර්මාණය වන්නේ “කර්ම” යැයි හඳුන්වන “සිත්” හා “චෛතසික/සිතුවිලි” යන “පරමාර්ථ” ධර්ම මුල් වීමෙන් නිසා  හා එකී “පරමාර්ථ” ධර්ම මිස සැබෑ ලෙස ම සත්ත්වයෙකු නොවන නිසාත් “කර්මය” විසින් සත්ත්වයා උපදවන බව ඒකාන්තය - නිසැකය - ස්ථිරය.

සසරේ මුල්වරට” ලෙස ඔබ සිතා සිටින්නේ “අන්තඃග්‍රාහී (අන්තවාදී / අන්තවත්) චින්තනය” නිසාය; මෙය “අනන්තඃග්‍රාහී (අනන්තවාදී / අනන්තවත්) චින්තනය” සඳහා විෂය වන ප්‍රශ්නය කි - එනම්, “සසරේ මුල්වරක්” ද නොමැති (නොවන) බව වැටහෙන චින්තනයට ය.

### මෙවැනි ගැඹුරු කරුණු කාරණා තබා - බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හිංදු, ආදී ලෙසින් බැණ අඬගසා ගැනීම කෙසේ වෙතත්, ගහමරා ගැනීම හා “ත්‍රස්‌තවාදය” දක්වා ම ගිය “ආගම්වාදය” කෙතරම් අමානුෂික දැයි වටහා ගන්නට තරම්වත් උසස් ප්‍රභාස්වර මනසක් සහිත මිනිස් සත්ත්වයෙකු මවන්නට, සෑම සත්වයකු ම මැව් සර්වබලධාරී දෙවියන්වහන්සේගේ ප්‍රඥා බලය දුර්බල (දුබල) වූ ද මහා කාරුණික දෙවියන්වහන්සේගේ ලය තෙත් නොවූ ද හද අකාරුණික වූ ද අරුමය කිම! - දෙවියන්වහන්සේට එසේ කිරීමේ හැකියාවක් නොමැති වීමට ද හේතුව ද ජාති ආගම් ආදී බෙදීම්වලට ද “කර්ම” (සිත් හා සිතුවිලි) ම මුල්වීම යි.

“පහතින් ගොස් කියවන්න - බ්‍රහ්මජාල සූත්‍රය - එකච්චසස්සතවාදො.”

සරල පිළිතුරක්: "43. කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?

මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍ර‍ශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක."

https://pitaka.lk/books/dharma-winishchaya/44.html

A / S. "කාංක්ෂා විතරණ විශුද්ධිය

“මේ නාම - රූප කෙසේ ඇති වී ද, මේවා මෙසේ ම අතීතයේදීත් තුබුණා ද, අනාගතයේ දීත් ඇති වෙනවා ද” යනාදි සැකයන් දුරු කරන නාම-රූපයන් ගේ උත්පත්ති හේතූන් දන්නා වූ ඥානය කාංක්ෂා විතරණ විශුද්ධි නම් වේ.

නාම රූපයන් ගේ තතු සොයා ගැනීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇති කර ගත් යෝගාවචරයා හට දැන් කරන්නට ඇත්තේ කාංක්ෂා විතරණ විශුද්ධිය ඇති කර ගැනීම පිණිස නාම - රූපයන් ගේ ප්‍රත්‍ය සෙවීම ය. එය සංක්ෂේපයෙන් ද කළ හැකි ය. විස්තර වශයෙන් ද කළ හැකි ය. චක්ෂුරාදි වස්තූන් හා රූපාදි ආරම්මණයන් නිසා චක්ෂුර්විඥානාදි නාමයෝ ඇතිවන්නාහ යි ද, චිත්ත - සෘතු - ආහාරයන් නිසා රූපයෝ ඇති වන්නාහ යි ද, අවිද්‍යා - තෘෂ්ණා - උපාදාන - කර්ම යන මේවා නිසා නාම - රූප දෙකොටස ම ඇති වන්නේය යි ද සලකා ගැනීම, කොටින් නාම - රූපයන් ගේ ප්‍ර‍ත්‍යය සලකා ගැනීම ය. මෙහි අට වන පරිච්ඡේදයෙහි දැක් වූ පටිච්චසමුප්පාද ක්‍ර‍මය, ප්‍ර‍ත්‍යය සලකා ගැනීමේ විස්තාර ක්‍ර‍මය ය. ආදිකර්මිකයන් විසින් ප්‍ර‍ස්ථාන ක්‍ර‍මයෙන් ප්‍රත්‍යය සොයන්නට නො යා යුතු ය. එය ඔවුනට අවිෂය ය.

නාම - රූපයන්ගේ ප්‍ර‍ත්‍යයන් විමසන්නා වූ යෝගාවචරයාහට නාම - රූප ධර්ම සමූහය සම්පූර්ණයෙන් ම ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා බව පෙනීමෙන් අහේතුක දෘෂ්ටිය ප්‍ර‍හීණ වේ. ඒ ඒ නාම - රූප ධර්මය ඇතිවීමට නිසි හේතුවන් ම මිස, අනික් ආකාරයකින් ඒ නාම - රූපයන් ඇති නො වන බව පෙනීමෙන් මේ නාම රූපයන් දෙවියන් විසින් මවනවා ය, කාලය විසින් ඇති කරනවාය, යනාදීන් පවත්නා විෂම හේතු දෘෂ්ටිය ද ප්‍ර‍හාණය වේ. නාම - රූපයන් ගෙන් අන්‍ය වූ කර්ම කරන්නකු හා විපාක විඳින්නකු ඇතය යන දෘෂ්ටිය ද ප්‍ර‍හීණ වේ. අනවරාග්‍ර‍ සංසාරයෙහි හේතු - ඵල පරම්පරා වශයෙන් නාම - රූප දෙක, ඇති වීම දැකීමෙන් මම අතීතයෙහි දීත් වූයෙම් ද, අනාගතයෙහි ඇති වන්නෙම් ද” යනාදීන් පවත්නා සැක දුරු වේ. බුදුරජාණන් වහන්සේ ගේ දේශනය සත්‍ය බව පෙනීමෙන් බුද්ධාදි අට තැන්හි ඇතිවන සැකය දුරු වේ."


{“39. “මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.

40. “මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

41. “ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

42. “මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලෝකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලෝකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලෝකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.

43. “මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක්වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, ඉතා රුවෙන් අඩුවූද, පිරිවර නැත්තෙක්ද වේ.

44. මහණෙනි, මේ කාරණය සිද්ධවේ. එනම් එක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ.
“මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමට පැමිණ, යම්සේ හිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි.
“යම් බ්‍රහ්මයෙක් වේද ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙක, මැඩපැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි, මවන්නෙකි, ඉතා උසස්ය. බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි. ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටිනේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඒ අපි අනිත්‍යය, ස්ථිර නැත, ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආවෙමු’යි.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll