318. පිං පව් තියෙන්නේ පංසලේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අප විසින් රැස් කරන කුසල අකුසල සංස්කාර අපට විපාක දීම පිණිස රැස් වෙන්නේ විඥානයේද?

A / R. "සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්‍ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුන පසු ඇති නො වේ. එමෙන් ඇතැම් හේතූන් ගේ ඵලය හේතුව විද්‍යමාන කාලයෙහි ම මිස හේතුව නැති වූ පසු ඇති නො වේ. ඒ න්‍යාය අනුව නම් “නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇති වන්නේ කෙසේ ද?” යන ප්‍ර‍ශ්නය නැගිය යුතු ය. අඹ ඇටයක් රෝපණය කළ කල්හි අඹ ඵල ඇති වන්නේ රෝපණය කළ අඹ ඇටය දිරා විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුව ය. විද්‍යමාන අඹ ඇටයකින් කිසි කලෙක අඹ ඵලයක් හට නො ගනී. එමෙන් ඇතැම් හේතූන්ගෙන් ඵලය ඇති වන්නේ හේතුව නිරුද්ධ වී බොහෝ කලක් ගත වූ පසු ය. කර්මයත් ඒ ගණයට අයත් හේතුවකි. සියලු ම කර්මයන් තම තමන් ගේ විපාකය ඇති කරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුව ය. විද්‍යමාන කර්මයකින් කවර කලෙක වත් ඵලයක් ඇති නො වේ. විද්‍යමාන ක්ෂණයෙහි ඵලය ඇති නො කිරීම කර්මවල ස්වභාවය ය.
නිරුද්ධ වූ කුශලාකුශල කර්‍මවලින් බොහෝ කල් ගත වී ඵල හට ගැනීම ඉතා ගැඹුරු කරුණෙකි. …"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll