278. ශ්‍රී-බුද්ධ-ශරීරයේ උස?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ශ්‍රී-බුද්ධ-ශරීරයේ උස කොපමණද? (m හෝ cm වලින්, ශ්‍රී බුද්ධ ශරීරයේ ප්‍රමාණය අප්‍රමාණ බව දනීමි.)

A. ඒ ඒ තථාගතයන් වහන්සේලාගේ සැබෑ උස හා මවා ගත හැකි උස, ඒ ඒ තථාගතයන් වහන්සේලාට ම ආවේණික බව කියනු ලැබේ.

ඒ අනුව, අප තථාගතයන් වහන්සේගේ සැබෑ උස මීටර් දෙකක් පමණ (අඩි හයහමාරක් පමණ) වන අතර, මවා ගත හැකි උස රියන් 18ක් (රියන = හත්ථ) (මීටර් එකොළහක් පමණ - අඩි තිස්හයක් පමණ) වන බව ද කියනු ලැබේ.

(ඉතා වැදගත් - මේවා තවදුරටත් සොයා බැලිය යුතු / පරීක්ෂණය කළයුතු කරුණු බව අවධාරණය කරමු.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll