306. දිව්‍යලෝකයෙහි උපදියි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අන්නං පානං වත්ථං යානං - මාලා ගන්ධ විලෙපනං
සෙය්‍යාවසථ පදීපෙය්‍යං - දාන වස්ථු ඉමෙ දස
මෙම ගාථාව ත්‍රිපිටකයේ සදහන් සුත්‍රය කුමක්ද?

A / R. “මානවකය, මේ ලෝකයෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය, යන මෙය දෙන්නේ වේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ, මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතු කොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණෙත් නම් යම් යම් තැනක පසුව උපදීද, මහත් සම්පත් ඇත්තේ වේ. මානවකය, ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය, මල්ගඳවිලවුන්ය, සයනය, ආවාසය, පහන්ය යන මෙය, දෙන්නේ වේ නම් මේ පැවැත්ම බොහෝ සම්පත් ඇතිවීම පිණිස පවත්නේය.”

R. “අන්නං පානං වත්ථං යානං, මාලාගන්ධවිලෙපනං;
සෙය්‍යාවසථපදීපෙය්‍යං, දානවත්ථූ දසාවිමෙ”ති."

R. "අන්නං පානං ඝරං වත්ථං, යානං මාලා විලෙපනං;
ගන්ධො සෙය්‍යා පදීපෙය්‍යං, දානවත්ථූ සියුං දස."

R. "දානපාරමීආදිකානං ¶ තිස්සන්නං පාරමීනං වසෙන අසාධාරණදානවත්ථුං දස්සෙත්වා සාධාරණදානවත්ථුං දස්සෙතුමාහ “අන්නං පාන”මිච්චාදි. තත්‍ර අන්නං පානවජ්ජිතං යං කිඤ්චි ඛාදනීයාදිකං. පානං පාතබ්බං උදකාදි. යානං හත්ථ්‍යාදි අන්තමසො උපාහනං උපාදාය ගමනසාධනං. මාලා මාල්‍යං, පුප්ඵඤ්ච. විලෙපනං ඡවිරාගකරණං, විභූතො සුගන්ධො වා. ගන්ධො තදඤ්ඤගන්ධො. සෙය්‍යා මඤ්චාදි, සෙය්‍යාග්ගහණෙන චෙත්ථ ආසනම්පි ගහිතං. පදීපෙය්‍යං පදීපස්ස හිතං යං කිඤ්චි තෙලාදි, ඉමෙ දස දානවත්ථූ නාම සියුං. දීයන්තෙ යායාති දානං. තස්ස වත්ථු කාරණං, තදුප්පත්තියා උප්පජ්ජනතොති දානවත්ථු, දාතබ්බං වා දානං, අන්නාදි, තදෙව වත්ථු. එතානි පන දස දානවත්ථූනි සුත්තන්තනයෙන කථිතානි. විනයාභිධම්මනයවසෙනාපි පන කථෙතබ්බානි, රූපාදිඡළාරම්මණදානවසෙන හි අභිධම්මෙ ඡ දානවත්ථූනි ආගතානි, විනයෙ චීවරපිණ්ඩපාතභෙසජ්ජසෙනාසනවසෙන චත්තාරි ආගතානි. තත්ථෙවමාචරියා වදන්ති “සුත්තන්තනයදානතො විනයදානමෙව මහප්ඵලං, කස්මා? අන්නාදිදානමත්තවසෙනෙව යස්ස කස්සචි දුස්සීලාදිකස්ස දාතබ්බන්ති අනුජානිත්වා පිණ්ඩපාතාදිකප්පියවොහාරවසෙන සීලවන්තාදිකස්සෙව ච දාතබ්බන්ති අනුඤ්ඤාතත්තා. සාමඤ්ඤදානතො හි විසෙසදානමෙව මහප්ඵලං, තතොපි අභිධම්මනයදානමෙව මහප්ඵලං, කස්මා? රූපාදීසු පරමත්ථවසෙනෙව අභිනිවිසිත්වා දානවසෙන තතොපි අතිසයදානත්තා”ති. මයං පන සුත්තන්තනයදානං වා හොතු විනයාභිධම්මනයදානං වා, යං ඛෙත්තාදිතිවිධසම්පදායුත්තං, තමෙව මහප්ඵලං කරොතීති වදාම."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll