737. ස්ත්‍රීන් / පුරුෂයන් (කෙල්ලෝ / කොල්ලෝ) ආශ්‍රය කළ යුත්තේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මම ස්තිරින් ඇසුරු කරලා නැහ. එත් ඊයෙ කුනාල ජාතකය බැලුවා.ඒක දැකලා මගේ හිත ගොඩක් කම්පනයකට පත් උනා. ඇත්තටම බොසතානන්වහන්සේගේ දේශනාවක්ද? නැත්තම් ස්ත්රින්ට අකමැති වෙන කෙනෙක් ලිව්වද? හැම ස්තියක්ම එතකොට එහෙමද? බොසතාන්නවහන්සෙට වැරදිලාද?

A. “සියලු ගංගාවෝ වක්වූ ගමන් ඇත්තාහ සියලු වනයෝ කාෂ්ටවලින් යුක්තවූවාහ. රහස් තැනක් ලැබුනු කල්හි සියලු ස්ත්‍රීහු පව්කරන්නාහුය.”

“ඉදින් අවකාශයක් හෝ රහස් තැනක් හෝ ලැබේ නම් එබඳුවූ රහසිගතව මන්ත්‍රණය කිරීමට සුදුසු තැනක් ලැබේ නම් අන්පුරුෂයෙකු නොලද්දීහු පිලෙකු සමග වුවත් සියලු ස්ත්‍රීහුම පාප කර්මය නොකරන්නාහුද?”

“ඇළුම් කරන්නාවූ නොයෙක් දෙනා කෙරෙහි සිත් ඇත්තාවූ, නිග්‍රහයෙන් හික්මවිය නොහැකිවූ මේ ස්ත්‍රීන් කෙරෙහි මිනිසුන්ගේ සියලු සිතින් සතුටුකරන්නාහුද, වෙෂ්‍යාවූවෝ වෙත්. ඔවුන් විශ්වාස නොකටයුතුය. ස්ත්‍රීහු වනාහි තොටුපලවල් හා සමාන වෙත්යයි” කීයේය.”
https://pitaka.lk/main?n=51144&p=308

සබ්බිත්ථියො කරෙ පාපං ලභමානෙ නිවාතකෙ” (ඉඩක් ලබන කල්හි සියලු ස්ත්‍රීහු පවු කරන්නාහුය) යනාදී ජාතක ගාථා අනුව රහත් භික්‍ෂුණීන් වහන්සේලාත් මෙසේදැයි අන්‍යාගමිකාදීන්ට වාදකළ හැකිය. නමුත් මෙහි අටුවාවේ දක්වන්නේ “සබ්‌බිත්‌ථියොති ඨපෙත්‌වා විපස්‌සනාය තනුකතකිලෙසා සෙසා සබ්‌බා ඉත්‌ථියො පාපං කරෙය්‍යුං.” (සබ්බිත්ථියො යනු විපස්සනාවෙන් කෙලෙස් තුනීකළ ස්ත්‍රීහු හැර සෙසු ස්ත්‍රීහු පවු කරන්නාහ) යනුවෙනි. “සබ්බෙ තසන්ති දණ්ඩස්ස” ආදී ගාථාවන්හි ද මෙබඳු විග්‍රහ දක්වා ඇත. මෙබඳු අටුවා පාඨ නොවන්නට බොහෝ දහම්පාඨ විකෘති කරමින් අරුත් දක්වනු ඇත.”
https://pitaka.lk/books/atuwa-tika-pali/5-4.html

http://jathakakatha.lk/sinhala/index.php?option=com_content&view=article&id=587:519-&catid=60:501-550-&Itemid=103

https://suttacentral.net/ja536/si/zoysa

Ahttps://suttacentral.net/ja341/si/zoysa

https://www.thripitakaya.org/tipitakaya/Index/855?s=22524

https://pitaka.lk/books/shasanavatharanaya/41-3.html

A. “ස්වාමීන් වහන්ස, අපි ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපදිමෝදැයී?” ඇසුවේය “ආනන්දය, යම් මේ ස්ත්‍රීන්ගේ නොදැක්මෙක් ඇද්ද ඒ නොදැක්මම උතුම්වූ ප්‍රතිපත්තියයි” කීවෝය “භාග්‍යවතුන් වහන්ස, දැකීමක් ඇති කල්හි කෙසේ පිළිපදිමෝදැයි” ඇසුවේය. “ආනන්දය කථා නොකිරීමම උතුමැයි” කීවෝය. “ස්වාමීන්වහන්ස, කථා කරන්නහු විසින් කෙසේ පිළිපැද්ද යුත්තේදැයි” ඇසුවේය. “ආනන්දය, සිහියෙන් යුක්ත විය යුතුයයි” කීවෝය.”
https://pitaka.lk/main?n=161229&p=203

A. “මහරජ, සියල්ල දන්නා වූ ධර්‍මයන් දක්නාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, එව් තෙපි මව් පමණ ඇත්තියන් කෙරෙහි මව්ය යන සිත එලවව්. නැගණියන් පමණ ඇත්තියන් කෙරෙහි නැගණියන්ය යන සිත එලවව්. දියණියන් පමණ ඇත්තියන් කෙරෙහි දියණියන්ය යන සිත එලවව් යයි (උපදවව් යයි)’ මෙසේ වදාරණ ලදී. “මහරජ, යම් හෙයකින් මේ තරුණවූ යෞවනවූ කළු හිසකේ ඇත්තා වූ යහපත් යෞවන භාවයෙන් යුක්තවූ පළමුවන වයසින් යුක්තවූ පඤ්චකාමයන්හි නොකරනලද ක්‍රීඩා ඇත්තාවූ භික්‍ෂූහු දිවිහිමියෙන් සම්පූර්‍ණකොට පිරිසිදු කොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, බොහෝ කාලයකුත් නොසිඳ පවත්වත්ද, මේ වනාහි ඒ හේතුව වේ, ප්‍රත්‍ය වේයයි, (කීයේය.)”
https://pitaka.lk/main?n=2410129

A. “මහණෙනි, යමක් මෙසේ ඇළුම් කරන්නේද, මෙසේ කැමති වන්නේද, මෙසේ මත් කරන්නේද, මෙසේ බැඳ ගන්නේද, මෙසේ මුසපත් කරන්නේද, උතුම්වූ නිවණ ලැබීමට මෙසේ අනතුරු කරන්නේද,
“එබඳුවූ අන් එක රූපයකුදු මම සර්‍වඥතාඥානයෙන් නොදකිමි. මහණෙනි, එනම් ස්ත්‍රී රූපයයි. මහණෙනි, ස්ත්‍රී රූපයෙහි සත්ත්‍වයෝ ඇළුනාහු, ගැටුනාහු, ගිජුවූවාහු, මුසපත්වූවාහු, ඇතුළත් වූවාහු වෙද්ද, ඔවුහු බොහෝ ස්ත්‍රී රූපයාගේ …. ඒ ස්ත්‍රීන්ගේ ස්පර්‍ශ කළ යුත්තට වසඟයට ගියාහු ශොක කරත්.”
https://pitaka.lk/main?n=30155

A. “මහණෙනි, ස්ත්‍රී තොමෝ යන්නීද, පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි. සිටියාද, හුන්නීද, ශයනය කරන්නීද, සිනාසෙන්නීද, කථා කරන්නීද, ගායනා කරන්නීද, හඬන්නීද, ඉදිමුණු තැනැත්තීද, මළ තැනැත්තීද පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි. මහණෙනි, මනාකොට කියන්නේ, ‘මාරයාගේ හාත්පස මළපුඩුවය’ යි යමෙකුත් කියන්නේද, ස්ත්‍රියම මාරයාගේ හාත්පස මළපුඩුවයයි මනාකොට කියන්නෙක් එය කියන්නේය” යි වදාළ සේක.

“කඩු ගත් අත් ඇත්තෙකු සමගද කථා කරන්නේය. අමනුෂ්‍යයෙකු සමගද කථා කරන්නේය. යමෙකු විසින් දෂ්ට කරණ ලද්දේ ජීවත් නොවේද? එබඳු සර්‍පයෙකුටද ලංවන්නේය.
“එකළාවූයේ එකළාවූ මාගමක් (ස්ත්‍රියක්) සමග නොම කථා කරන්නේය. ඔවුහු මුළා සිහි ඇත්තහු බැලීමෙන්ද, සිනාවෙන්ද බැඳ ගනිත්.

“තවද, නපුරුකොට හැඳීමෙන්ද, මිහිරි කථාවෙන්ද බැඳගණිත්. ඉදිමුනාවූද, මළාවූද මේ ජන තෙම ලංවීමට නුසුදු වේ.
“සිත්කළුවූ රූපය, ශබ්දය, ගන්‍ධය, රසය, ස්පර්‍ශය යන මේ පස්කම් ගුණයෝම ස්ත්‍රී රූපයෙහි දක්නා ලැබෙත්.”
https://pitaka.lk/main?n=30155

A. “ස්ත්‍රී රූපයෙහිද ස්ත්‍රී ස්වරයෙහිද ස්ත්‍රී ගන්ධයෙහිද ඇලුනාවූ විවිධ දුක් විඳිති.”
“ස්ත්‍රියගෙන් වැගිරෙන්නාවූ තෘෂ්ණා දියපහරවල් පුරුෂයාගේ පංචද්වාරයෙහිම පවතී. ඒ සංවරණය කරන්ට හැකි පුද්ගලයෙක්වේ නම් ඔහු වීර්යවන්තයෙකි.”
https://pitaka.lk/main?n=44252&p=739

A. {මෙහි (ඉතත) සියලු පිළිතුරු සඳහා “ස්ත්‍රී ලිංග පද” වෙනුවට, සුදුසු “පුරුෂ ලිංග පද” යොදා ගැනීම යුක්තියුක්ත යැයි ද සිතේ.}

[“පුරුෂ රූපයෙහිද පුරුෂ ස්වරයෙහිද පුරුෂ ගන්ධයෙහිද .... ඇලුනාවූ විවිධ දුක් විඳිති.” “පුරුෂයාගෙන් වැගිරෙන්නාවූ තෘෂ්ණා දියපහරවල් ස්ත්‍රියගේ පංචද්වාරයෙහිම පවතී. ඒ සංවරණය කරන්ට හැකි ස්ත්‍රියක් වේ නම් ඇය වීර්යවන්තියෙකි!”]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll