Q. දේවතානුස්සති භාවනාව කවදා හරි නිවන් මාර්ගයට උපකාර වන භාවනාවක්ද?
A / R. "සියලු ම සමසතළිස්කර්මස්තානයන්හි ම පරිකර්ම භාවනාව ලැබේ. බුද්ධානුස්මෘති - ධර්මානුස්මෘති - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - උපසමානුස්මෘති - මරණානුස්මෘති - ආහාරයෙහි ප්‍රතිකූල සංඥා - චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමහටන් දසයෙහි උපචාර භාවනාව පමණක් සිඬ වේ. අර්පණා භාවනාව සිදු නො වේ. අර්පණා භාවනාව සිදු නො වීමය යි කියනුයේ ඒ භාවනා දශයෙන් ධ්‍යාන නො ලැබිය හැකි බව ය. ධ්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍රකට කර ගත හැකි අරමුණකින් ය. බුද්ධ ගුණාදිය ගැඹුරු බැවින් ද, බොහෝ බැවින් ද, ඒවා සිතට හොඳින් හසු කර ගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටුවීමට දුෂ්කරය. එබැවින් කියන ලද කමටහන් දශයෙන් උපචාර සමාධිය මිස, රූපාවචරාරූපාවචර ධ්‍යාන නූපදවිය හැකිය. ධ්‍යාන ඉපදවිය හැක්කේ ඉතිරි කමටහන් තිසෙන් පමණෙකි."
{"භාවනා නිමිති
නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්ත හා උද්ග්‍රහ නිමිත්ත සියලු ම කර්මස්ථානවලින් සුදුසු පරිදි ලැබෙන්නේ ය. ප්‍රතිභාග නිමිත්ත වනාහි කසිණ දශය ය, අශුභ දශය ය, කේශාදි කොට්ඨාස භාවනාව ය, ආනාපාන භාවනා ය යන කමටහන් දෙ විස්සෙන් පමණක් ලැබේ. උපචාර අර්පණා සමාධීහු ප්‍රතිභාග නිමිත්ත අරමුණු කොට ඇති වන්නාහ."}
A / T. භාවනා තුන
පරිකර්ම භාවනාව - උපචාර භාවනාව - අර්පණා භාවනාව ය කියා භාවනා තුනෙකි.
කසිණාදි ආරම්මණයක සිත පිහිටුවා ගෙන එය ම නැවත නැවත මෙනෙහි කිරීම් වශයෙන් ඇසට පෙනෙන්නාක් මෙන් ඒ අරමුණ සිතට පෙනෙන පරිදි පුරුදු කරන්නා වූ යෝගාවචරයාගේ ඒ භාවනාව පරිකර්ම භාවනා නමි.
භාවනාරම්මණය සිතට ගෙන කාමච්ඡන්දාදි නීවරණයන් යටපත් කර ගත් තැන් පටන් අර්පණාචිත්තය ඇති වීමට ළං වන තුරු පවත්නා භාවනාව උපචාර භාවනා නමි.
මහග්ගත ලෝකෝත්තර භාවයට පැමිණි භාවනාව අර්පණා භාවනා නම් වේ.
අරමුණට පිවිසෙන්නාක් මෙන් පවත්නා බැවින් විතර්කය අර්පණා නම් වේ. එය ප්‍රධාන කොට පවත්නා බැවින් සියලු ම මහද්ගත ලෝකෝත්තර ධ්‍යාන ධර්මයන්ට ඒ නම ව්‍යවහාර කරනු ලැබේ.
නිමිති තුන
පරිකර්ම නිමිත්තය, උද්ග්‍රහ නිමිත්තය, ප්‍රතිභාග නිමිත්තය කියා නිමිති තුනෙකි. පළමුවෙන් ම භාවනාව පටන් ගෙන පෘථිවි මණ්ඩලාදියෙහි නිමිත්ත, සිතට ගන්නා වූ යෝගාවචරයා ගේ ඒ භාවනා නිමිත්ත පරිකර්ම නිමිත්ත නම් වේ. ඇසට පෙනෙන්නාක් මෙන් සිතට පෙනෙන්නට පටන් ගත් භාවනා නිමිත්ත උද්ග්‍රහ නිමිත්ත නම් වේ. උද්ග්‍රහ නිමිත්ත සිහි කරමින් ඉන්නා කල්හි නීවරණයන් වැඩි දුරටත් දුරු වී යෑමෙන් සිත පිරිසිදු වී, භාවනා නිමිත්ත සකල දෝෂයන් ගෙන් තොරව, ඉතා පිරිසිදු වී සිතට පෙනෙන්නට වන්නේ ය. ඉතා පිරිසිදු වූ ඒ භාවනා නිමිත්ත ප්‍රතිභාව නිමිත්ත නම් වේ."