579. තමා තමාට ම රැවටීම නොවේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "චේතනාව කර්මය වේ"
බුදු වදනට අනුව අලුගෝසුවකුගේ අවංක "මූල චේතනාව" සමාජ ආරක්ෂණය නම්, අදහස අකුසල් සිදු නොවන බවයි. පැහැදිළි කරත්වා!

A. සමාජ ආරක්ෂණය නමැති “අවංක” - “මූල චේතනාව” ට, “මූල චේතනාව” සතෙකු (මිනිසෙකු) මැරීමට තරම් හිත රළු වීම ය; ඊට “මූල චේතනාව” ද්වේෂ සහගත (සිත් 2න්) සිතකි. [ඊට “මූල චේතනාව” “මෝහය” වුව ද එය මෙතැන දී නොසලකාහරින්න.]

එබැවින්, අලුගෝසුවෙකු වීමට සිතන මොහොතේ සිට [සතෙකු (මිනිසෙකු) මරණ තෙක්] ඉදිරියට බොහෝ අකුසල් සිදු වේ.

සතෙකු (මිනිසෙකු) මරණයට පත්කළ හොත්, අපායගාමී (දුගතියෙහි ඉපදිය හැකි) බලවත් අකුසලයක් සිදු වේ.

කොටින් ම (/ කෙටියෙන් ම), “සමාජ ආරක්ෂණය මුවාවෙන් එන වංචක ද්වේෂය” යැයි කියා කිව හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll