Q. විතක්ක, විචාර පහදා දෙන්න.
A / R. "විතක්කය.
අරමුණ කරා යන, අරමුණට නඟින ස්වභාවය විතක්ක නම් වේ. විතර්කය අරමුණට පැමිණෙන කල්හි එය හා උපදනා චිත්ත චෛතසිකයෝ ද එය අනුව අරමුණට පැමිණෙති. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්කය යි ද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍රකට ය. එය ප්‍රකට වන්නේ ඕනෑ කමින් විතර්ක උපදවන කල්හි ය. කල්පනා කිරීම යයි කියනුයේ එසේ කිරීමට ය. එතෙක් සිත නො පැමිණි තැන්වලට පැමිණ වීමට, නො දත් දේ දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම ය” යි කියනු ලැබේ.
විචාරය.
විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. මෙහි අදහස් කරන පිරිමැදීම අරමුණෙහි ඇතිල්ලෙන, අරමුණෙහි පැතිරෙන ස්වභාවය ය. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිත විචාරයේ බලයෙන් එහි පැතිරේ. ඔබා බලන්නාක් මෙන් කරයි. විතර්ක විචාර දෙකින් විතර්කය ඖදාරිකය. විචාරය සියුම් ය. එය අප්‍රකට ය. ඖදාරික වූ විතර්කය ඝණ්ටාවකට පළමුවෙනි ගැසීම මෙන් ද, සියුම් වූ විචාරය පළමු ඇති වූ ඝණ්ටා නාදය අනුව පසු ව ඇදෙන සියුම් හඬ මෙන් ද දත යුතු යයි කියා තිබේ. මේ උපමාවෙන් විචාරය විතර්කයට පසුව ඇති වන්නක් සේ හැඟෙන්නට පිළිවන. චෛතසික දෙකේ සැටි දැක්වීමට මේ උපමාව කියා ඇති මුත් ඒ දෙක පෙර පසු නොවී ඒකක්ෂණයෙහි ඇති වන ධර්ම දෙකක් සැටියට තේරුම් ගත යුතු ය."
A / R. “විතර්‍ක - විචාර විභාගය
විතර්‍ක නම් විතර්‍කනය = ඌහනය සිත අරමුණට එළවීම ය. එහි ලක්‍ෂණය සිත අරමුණට නැංවීම ය. රසය ආහනන පරියාහනනය හෙවත් සිත අරමුණෙහි පැහැරීම වෙසෙසින් පැහැරීම ය.
ඒ එසේ මැයි - විතර්‍කය කරණ කොටැ යෝගාවචරයා, සිත විතක්කාහත - විතක්ක පරියාහත කරන්නේ යයි කියනු ලැබේ. පච්චුපට්ඨානය අරමුණට සිත පැමිණවීම ය. (විතර්‍කය නැති දෙපස් විඤ්ඤාණයෝ වස්තු - ආලම්බනයන්ගේ සංඝට්ටන බලයෙන් ද, ද්‍විතීයධ්‍යානාදීහු යට යට භාවනා බලයෙන් ද අරමුණට නැගෙති යි දත යුතු.)
විචාර නම් විවරණය හෙවත් විතර්‍කයට ඉක්බිති වැ අරමුණෙහි හැසිරීම යි. එහි ලක්‍ෂණය අරමුණ පිරිමදනා බව ය. රසය සහජාත ධර්‍මයන් අරමුණෙහි අනුවිචරණ වශයෙන් යොදන බව යි. පච්චුපට්ඨානය අරමුණෙහි සිත නො සිඳීමක් මෙන් පවත්නා බව යි.
විතර්‍කය හා විචාරය ඇතැම් සිතෙක (සවිතක්ක = සවිචාර සිත්හි) නො වෙන් වැ එකවිටම යෙදෙන්නේ නමුදු විතර්‍කය විචාරයට වඩා ඖදාරික බැවින් ද; ස්වකීය බලයෙන් සිත අරමුණට නැඟෙන හෙයින් විචාරයට පූර්‍වඞ්ගම බැවින් ද, ඝණ්ටාවට ගැසීමේ දී ආදි කොටැ නැඟෙන රාවය මෙන් චිත්තයාගේ ප්‍රථමාභිනිපාතය යි. විචාරය වනාහි සූක්‍ෂම භාවයෙන් හා අනුසඤ්චරණ භාවයෙන් ඝණ්ටාවගේ අනුරාවය මෙන් චිත්තයාගේ අනුප්‍රබන්‍ධය යි.
තවද චලනවත් විතර්‍කය සිත උපදනා කල්හි ඒ සිතෙහි පළමු කොටැ මැ වන පොපියුමක් (සෙලවුමක්) බඳුය. අහසට නැඟෙනු කැමැති පක්‍ෂියාගේ පියාපත් ගැසීම මෙනැයි ද; සුවඳ අසා යන භ්‍රමරයාගේ පද්මාභිමුඛපාතය මෙනැ යි ද සලකනු. ශාන්ත පැවතුම් ඇති විචාර වනාහි චිත්තයාගේ අතිශයයෙන් ම පොපියුම් (සෙලවුම) නැති බව ය. අහසෙහි ගමන් ගත් පක්‍ෂියාගේ පියාපත් විදහීම මෙනැ යි ද, පද්මාභිමුඛයෙහි පතිත භ්‍රමරයාගේ ඒ පද්ම මතුයෙහි පරිභ්‍රමණය මෙනැ යි ද දත යුතු.
දුක නිපාත අටුවායෙහි මෙය මෙසේ දක්වති. අහසෙහි ගමන් ගත් ගිජුලිහිණි දෙපියා සඟලින් සුළං අවුරා පියාපත් සංසිඳුවා ගෙන යන්නා සේ ආරම්මණයෙහි සිත අභිනිරෝපන භාවයෙන් පැවැත්ම විතර්‍කය යි. ඒ වනාහි එකඟ වැ පමුණු වන්නේ ය. ඒ ලිහිණි සුළං ගන්නා පිණිස පියාපත් පහරමින් යන්නා සේ අරමුණු පිරිමදිනා ස්වභාවයෙන් පැවැත්ම විචාරය යි. ඒ වනාහි අරමුණ පිරිමදින්නේ ය යනුයි. (කුඩා ලිහිණියාගේ පියා පෙළීම බඳු යයි පොපි ඇති හෙයින් විතර්‍කය ඖදාරික බව කීහු. මහ ලිහිණියාගේ පියා සන්සිඳුවා යන ගමන බැවිනැ යි වේග ඇති බැවින් විතර්‍කය ඖදාරික සේ කීහු. කුඩා ලිහිණියාගේ පියා පැහැරීම බඳු යයි මඳ වේග ඇති සෙයින් විචාරය ශාන්ත සේ මැ කීහ. මහ ලිහිණියාගේ පියා පොළඹින් යන ගමන මෙනැ යි මඳ පොපි ඇති සෙයින් විචාරයාගේ ශාන්ත සේ මැ කීහු” යනු පැරකුම්බා සන්නයි)
ගිජුලිහිණි උපමාව උපචාරයෙහි වත් අර්පණායෙහි වත් සන්තාන වශයෙන් පවත්නා කල්හි යෙදෙන්නේ ය. මේ විතර්‍ක = විචාරයන්ගේ වෙනස ප්‍රථම - ද්විතීය ධ්‍යානයෛහි ප්‍රකට ය. (විතර්‍කයාගේ අභිනිරෝපනාකාර සඞ්ඛ්‍යාත විශේෂය ප්‍රථම ධ්‍යානයෙහි ප්‍රකට වෙයි. විතර්‍කයාගේ අභාවයෙන් පඤ්චකනයයෙහි ද්විතීය ධ්‍යානයෙහි විචාරයාගේ අනුමජ්ජනාකාර විශේෂය ප්‍රකට වේ.)
තවද මල බැඳුණු ලොහො වළඳ එක් අතකින් තරයේ ගෙනැ අනිත් අතින් සුණු තෙලින් යුත් ලොම්සුඹුළුයෙන් (බුරුසුවෙන්) පිරිමදනා කල තරයේ ගත් අත බඳු ය. විතර්‍ක ය. පිරිමදනා අත බඳු ය විචාරය. එසේ මැ කුම්භකාරයා දඬුපහරින් සක බමවා වළංකරන කල මැටි පිඬ පෙළා ගත් අත බඳු ය විතර්‍ක ය. ඔබ මොබ හසුරුවන අත බඳුය විචාරය. එසේ මැ ලොහො බඳුන් ආදියෙහි වට රෙඛා කරන්නහු මැද ඔබා ගෙනැ සිටින කටුව බඳු ය අභිනිරෝපන ලක්‍ෂණ විතර්‍ක ය. පිටත්හි කව ගහන කටුව බඳුය අනුමජ්ජන ලක්‍ෂණ විචාරය. මෙසේ මෙබඳු විතර්‍කයෛන් හා විචරණයෙන් යුත් ධ්‍යානය පුෂ්පයෙන් හා ඵලයෙන් සෑදුණු වෘක්‍ෂය මෙන් සවිතක්ක - සවිචාරය යි කියනු ලැබේ.”