912. නිරෝගී සැප හැර සැපයක් ලොවේ කොයින් දා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආර්යන් වහන්සේලා හැරෙන්න මේ ලෝකයේ මානසික සුවයෙන් සිටින අය නැති බවට සඳහනක් හෝ එවැනි අදහසක්  මතුවෙන දේශනාවක් ත්‍රිපිටකයේ තිබෙනවා ද?


A. “යම්කිසි කෙනෙක් චෛතසික රෝගයෙන් මොහොතක් නමුත් නීරෝගීකම ප්‍රතිඥා කරත්ද, ක්‍ෂීණාශ්‍රවයන් හැර ඒ සත්ත්‍වයෝ දුර්‍ලභ වෙත්.”

"මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් චෛතසික රෝගයෙන් ආරොග්‍යය පිළිණ කෙරෙත් ද, ඒ සත්හු ලොකයෙහි දුර්ලභ වෙති, රහතුන් හැර යි."

"තෙ භික‍්ඛවෙ සත‍්තා දුල‍්ලභා (සුදුල‍්ලභා) ලොකස‍්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත‍්තම‍්පි ආරොග්‍යං පටිජානන‍්ති, අඤ‍්ඤත්‍ර ඛීණාසවෙහි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll