Q. සියලුදෙනාගෙන් අවසරයි! භාග්‍යවතුන් වහන්සේ දේශණාකරනව සත්වයාගේ ආරම්භය මෙය යයි පැනවීමක් කරන්න බැහැ කියල. මගේ ගැටළුව වන්නේ මේ විශ්වයේ වාසය කරන යම් විඤ්ඤාණයක් බැසගත් යම් සත්වයෙක් වෙත්ද ඒ සත්වයන් සියල්ල හටගතතේ එකටමද? කෙටියෙන් කිව්වොත් අපි සියළුදෙනාම මේ සක්වලේ පහළවුනේ එකටද? එසේත් නැත්නම් අළුතින් ශුද්ධාෂ්ඨක යොදාගෙන අළුතින් විඤ්ඤාණයක් සහිත සිත් පරම්පරාවක් සෑදිය හැකිද? (පෙර විඤ්ඤාණයක් සහිත සිත් පරම්පරාවක් බැසගැනීමක් නොමැතිව) ?. අළුතෙන් සත්වයන් හටගන්නෙත් නැත්නම් විශ්වයේ තිබෙන විඥ්ඥාණයන් ගනන නියතයක්නම් කෙතරම් සත්වයන් නිවන් දැක්කත් සත්වයන්ගේ අඩුවක් නැත්තේ ඇයි? කරුණාවෙන් පහදාදෙන්න.
A / R.“සත්ත්වයා” “කාලය” “අවකාශය” කියන “ප්‍රඥප්ති තුන” නිසා තමයි මේ ගොඩක් ම ගැටළු.
“අනන්ත” දේවල් ගැන හොඳට ම තේරුණොත්, “සත්ත්වයා” “කාලය” “අවකාශය” “සංසාරය” (“නිවන”) වගේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා.
එහෙම තේරෙන හොඳ ම සරල ම පොත තමා මේ - https://tipitaka.lk/library/493 - 125 පිටුවේ සිට 140 දක්වා වත් (125 සිට, 133 සිට, 138 සිට) ඉදිරියට කියවන්න - නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය - රේරුකානේ නා හිමි.
{අපේ භෞතිකවාදී චින්තනය කොච්චර ගැඹුරු ද කිව්වොත් “ශුද්ධාෂ්ටකය” කිව්වත් අපිට “යම්කිසි තියෙන (බර) දෙයක්” හැටියට හිතට දැනෙනවා - එත් ඒවා එහෙම දේවල් නොවේ.
[භෞතිකවාදී චින්තනය නිසා ගොඩක් ගැටළු විසඳන්නත් බැහැ.]
ඒ වගේ ම තමයි “සත්ත්වයා” කියන එක අපි සසර කොච්චර පුරුදු/ජප කරලා ද කිව්වොත් “සත්ත්වයා” ගෙන් තොරව කිසිම “දාර්ශනික ගැටළුවක්” විසඳාගන්න තාම බැහැ - එත් “දාර්ශනික ගැටළුවක්” විසඳාගන්න ඕනි ම නං ඉතිං “සත්ත්වයා” අමතක කරන්න ම වෙනවා (“පරමාර්ථ”වලට යන්න ම වෙනවා).
“දාර්ශනික ගැටළුවක්” විසඳාගන්න විටත්, මේ මොහොතේ “ප්‍රඥප්තිය” ගැන කතාකරලා, ඊළඟ මොහොතේ ම “පරමාර්ථ” ගැන කතාකරන එක හෝ, එකේ අනික් පැත්ත කතාකරන එක හෝ ගැනත් හැම තිස්සෙ ම හිතන්න ම වෙනවා - මොකද මේක අපි හිතනවාට වැඩිය වෙනස් ගැඹුරක් තියන දහමක්.}