637 - තිරිසන් මවක් මැරීම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආනන්තරීය පාපකර්මයක් වන මව මැරීම සත්තුන්ටත් එලෙසම අදාල වෙනවාද.ගෝනුස්සන් වැනි සතුන්ගේ පැටවුන් කුඩා කාලයේ තම මවගේ පිට ආහාරයට ගනී ඉතින් එම සතුන්ටත් ආනන්තරීය පාපකර්මයක් සිදුවේද?

A. “තිරිසන් දරුවකුට මනුෂ්‍ය වූ මව හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ” නම්, තිරිසන් දරුවෙකු (පැටියෙකු) තිරිසන් මව හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ යැයි කිව හැකි ය.
“මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ. සමහර කෙනකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකි ය. මනුෂ්‍ය ජාතික දරුවා විසින් ඒ තිරශ්චීන මව හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු නොවේ. තිරිසන් දරුවකුට මනුෂ්‍ය වූ ම හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. එයින් ඔහුට බරපතල අකුශලයක් පමණක් වේ. මනුෂ්‍යයකු විසින් නො දැන ස්වකීය මව හෝ පියා හෝ මැරුයේ ද, ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/9-1-4.html

Q. මව හො පියා ගෙන් කෙනෙකු තිරිසන් වෙන්නෙ කොහොමද ? මෙ කියන්නෙ හැසිරිමෙන් තිරිසන් විමද?

A. නෑ, හැසිරීමෙන් තිරිසන් වීම නෙවෙයි.
[ධර්මයේ තියන සමහර කාරණා (විශේෂයෙන් ම “විද්‍යාව” 'කරතියාගෙන' ඉන්න) සමහරුන්ට ("මිලින්ද ප්‍රශ්නය" තුළ ඇති ඇතැම් කරුණු දෙස බලන්නාක් මෙන්) හාස්‍යජනකව බලන නිසාත්, හෝ සමහරු පිළිගන්නේ නැති නිසා, එක්කෝ ඒ තියන විදිහට පිළිගන්න, නැත්නං ධර්මය ගැඹුරින් අධ්‍යයනය කරලා (හෝ) තමන් ම පිළිගන්න තත්ත්වයට එන්න.]


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll