363. අලගද්ද පරියත්තිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තම දැනුම සමත් කම් පෙන්විමට බුදු දහම ගැන විවාද කිරිම ප්‍රශ්න වලට පිලිතුරු දිම හා තමන් නිවැරදි පිලිතුරු දුන්නා කියා මානය ගොඩ නගා ගැනිමෙන් කවර ආකාරයක බලපෑමක් කුසල අකුසල තත්වයක් ඇතිවේද?

A / R. “මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙන ගන්නාහුය. ඔව්හු ඒ ධර්මය ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අනර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දෙස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුලුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි.”
https://www.youtube.com/watch?v=x_CWFS-rca8
https://pitaka.lk/?node=18122&para=238

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll