Q. කරුණා භාවනාව යන්නෙන් අදහස හා වඩන ආකාරය කුමක්ද?
A. "කරුණා භාවනාව
තමාට දුක් ඇතිවීම නො ඉවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නො ඉවසන ස්වභාවය, දුඃඛිතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය, අනුන්ගේ දුක් ගැන කම්පා වන ස්වභාවය කරුණාව ය. කරුණා සහගත සිත් නැවත නැවත පැවැත්වීම කරුණා භාවනාව ය.
එය කරනු කැමති යෝගාවචරයා විසින් පළමුවෙන් අත්පා කැඩීමක් නිසා හෝ සුව නො වන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කර ගත නො හෙන, අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත්වන පරම දුඃඛියකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා “මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදේවා! මිදේවා!” යි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතු ය. ඉක්බිති දුකට පත් තමාගේ ප්‍රිය පුද්ගලයන් කෙරෙහි ද මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද කරුණාව පැවැත්විය යුතු ය. තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්ථයන් ගැනත් සතුරන් ගැනත් සම කරුණාව ඇති කර ගෙන භාවනාවෙහි යෙදෙන්නවුන්ට දුඃඛිත සත්ත්වයන් අරමුණු කොට කරුණා ධ්‍යානය උපදී.
සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්නවුන් විසින් ඒ ඒ සත්ත්වයන්ගේ දුක් නුවණින් සලකා “මේ සත්ත්වයෝ මේ දුක්වලින් මිදෙත්වා!” යි කරුණාභාවනාව කළ යුතු ය. කරුණාවට ලක් කර ගත නො හෙන සත්ත්වයෙක් නැත. සුඛිතයන් වශයෙන් සලකන සත්ත්වයන්ට ද බොහෝ දුක් නැත්තේ ය. නොයෙක් පව් කම් කරමින් පස්කම්සැප විඳිමින් ප්‍රීති වන ජනයා සැප විඳින්නන් සේ පෙනෙතත් මරණින් මතු ඔවුහු මහ දුකට පත්වන්නාහ. ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය හැකිය. මහත් සම්පත්තියෙන් කල් යවන සිටුවරු රජවරු ද කලක දී මැරී ඒ සම්පත්තියෙන් පිරිහෙන්නාහු ය. දහස් ගණන් දෙවඟනන් පිරිවරාගෙන සිත්කලු විමන්වල හා නන්දනාදි උයන්වල කම් සැපයෙන් ප්‍රීති වන දෙවිවරු ද, මහ ගිනිකඳන් සේ දිලෙන කල්ප ගණන් ආයු ඇති බ්‍රහ්ම රාජයෝ ද පින් කෙළවර වීමෙන් ඇද වැටෙන්නාහ. මෙසේ නුවණින් සලකා සැම දෙනා කෙරෙහි ම “මේ සත්ත්වයෝ දුකින් මිදෙත්වා” යි කරුණාව පැවැත්විය යුතු ය."
A / T. "අහිංසාය රතො - ඔහු කරුණා සහගත වේදනාවෙන් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. මෙලෙස කරුණා භාවනාවේ ඇලුනේ"
"අහිංසාය රතොති “සො කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරතී”ති (විභ· 642) එවං වුත‍්තාය කරුණාභාවනාය රතො."
A/ T. "724. කිසෙයින් මහණ කරුණාසහගත සිතින් එක් දිශාවක් ස්පර්ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් දුගී වූ කායදුශ්චරිතාදියෙන් යුක්ත වූ එක් පුද්ගලයකු දැක කුළුණුසිත් උපදවන්නේ ද, එසෙයින් ම සියලු සත්ත්වයන් කරුණායෙන් ස්පර්ශ කෙරෙයි.
එහි ‘කරුණා’ කවර යත්: සත්ත්වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කරුණා කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චෙතසා’ යි.
‘එකං දිසං’ යනු: පැදුම් දිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.
‘එරිත්වා’ යනු: ස්පර්ශ කොට අරමුණෙහි හෙළා යි.
‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
‘තථා දුතියං’ යනු: එක් දිශායෙක්හි යම් බඳු ද දෙවැනි දිශායෙහි එ බඳු ය, තුන් වැනි දිශායෙහි එ බඳු ය, සතර වැනි දිශායෙහි එ බඳු ය, උඩ එ බඳු ය, යට එ බඳු ය, සරස එ බඳු ය, අනුදිග එ බඳු යි.
‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං’ යනු: සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට ගෙන කීමෙකි තෙල ‘සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං’ යනු.
‘කරුණාසහගතෙන චෙතසා’ යනු: එහි ‘කරුණා’ කවර යත්: සත්ත්වයන් කෙරෙහි යම් කරුණායෙක් කුළුණු අයුරෙක් කුළුණු කළ බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘කරුණා’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ කරුණාව සහගියේ වෙයි. සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘කරුණාසහගතෙන චෙතසා’ යි.
‘විපුලෙන’ යනු: යම් සිතෙක් විපුල නම් හේ මහද්ගත ය, යමෙක් මහද්ගත නම් හේ අප්‍රමාණ ය, යමෙක් අප්‍රමාණ නම් හේ අවෛර ය, යමෙක් අවෛර නම් හේ අබ්‍යාපජ්ඣ යි.
‘එරිත්වා’ යනු: ස්පර්ශ කොට අරමුණෙහි හෙළා යි.
[එරිත්වා’ යනු: (අරමුණු කිරීම් වශයෙන්) ස්පර්ශ කොට වෙසෙසින් බැසගෙන.]
‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, පවතියි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි."
["653.කථඤ්ච ¶ භික්ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති? සෙය්‍යථාපි නාම එකං පුග්ගලං දුග්ගතං දුරූපෙතං දිස්වා කරුණායෙය්‍ය, එවමෙව සබ්බෙ සත්තෙ කරුණාය ඵරති.
තත්ථ කතමා කරුණා? යා සත්තෙසු කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති – අයං වුච්චති “කරුණා”.
තත්ථ කතමං ¶ චිත්තං? යං ¶ චිත්තං මනො මානසං…පෙ… තජ්ජාමනොවිඤ්ඤාණධාතු – ඉදං වුච්චති “චිත්තං”. ඉදං චිත්තං ඉමාය කරුණාය සහගතං හොති සහජාතං සංසට්ඨං සම්පයුත්තං. තෙන වුච්චති “කරුණාසහගතෙන චෙතසා”ති.
654.“එකං දිස”න්ති පුරත්ථිමං වා දිසං පච්ඡිමං වා දිසං උත්තරං වා දිසං දක්ඛිණං වා දිසං උද්ධං වා අධො වා තිරියං වා විදිසං වා.
655.“ඵරිත්වා”ති ඵරිත්වා අධිමුච්චිත්වා.
656.“විහරතී”ති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති “විහරතී”ති.
657.“තථා ¶ දුතිය”න්ති යථෙව එකං දිසං තථා දුතියං දිසං තථා තතියං දිසං තථා චතුත්ථං දිසං තථා උද්ධං තථා අධො තථා තිරියං තථා විදිසං.
658.“සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක”න්ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං. පරියාදායවචනමෙතං – “සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොක”න්ති.
659.“කරුණාසහගතෙන චෙතසා”ති තත්ථ කතමා කරුණා? යා සත්තෙසු කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති – අයං වුච්චති “කරුණා”.
තත්ථ කතමං චිත්තං? යං චිත්තං මනො මානසං…පෙ… තජ්ජාමනොවිඤ්ඤාණධාතු – ඉදං වුච්චති “චිත්තං”. ඉදං චිත්තං ඉමාය කරුණාය සහගතං හොති සහජාතං ¶ සංසට්ඨං සම්පයුත්තං. තෙන වුච්චති “කරුණාසහගතෙන චෙතසා”ති.
660.“විපුලෙනා”ති යං විපුලං තං මහග්ගතං, යං මහග්ගතං තං අප්පමාණං, යං අප්පමාණං සො අවෙරො, යො අවෙරො සො අබ්‍යාපජ්ජො.
661.“ඵරිත්වා”ති ඵරිත්වා අධිමුච්චිත්වා.
662.“විහරතී”ති…පෙ… තෙන වුච්චති ¶ “විහරතී”ති."