Q. අසුභ සංඥාව භාවිතා කරලා, සමථ ධ්‍යාන අටම වඩන්න පුළුවන් කියලා ලංකාවෙ සමහර භාවනා ගුරුවරු උගන්වනවා. මේ පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ද? ඔබේ අදහස් මොනවාද?
A / R. “ඒ ඒ භාවනාව ලැබෙන/නො ලැබෙන කමටහන්.
සියලු ම සමසතළිස්කර්මස්තානයන්හි ම පරිකර්ම භාවනාව ලැබේ. බුද්ධානුස්මෘති - ධර්මානුස්මෘති - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - උපසමානුස්මෘති - මරණානුස්මෘති - ආහාරයෙහි ප්‍රතිකූල සංඥා - චතුර්ධාතු ව්‍යවස්ථාන යන කමහටන් දසයෙහි උපචාර භාවනාව පමණක් සිඬ වේ.
අර්පණා භාවනාව සිදු නො වේ. අර්පණා භාවනාව සිදු නො වීමය යි කියනුයේ ඒ භාවනා දශයෙන් ධ්‍යාන නො ලැබිය හැකි බව ය. ධ්‍යාන ලැබිය හැක්කේ පහසුවෙන් සිත පිහිටුවා ගත හැකි ප්‍රකට කර ගත හැකි අරමුණකින් ය. බුද්ධ ගුණාදිය ගැඹුරු බැවින් ද, බොහෝ බැවින් ද, ඒවා සිතට හොඳින් හසු කර ගෙන ඒවායේ නිශ්චල කොට සිත පිහිටුවීමට දුෂ්කරය. එබැවින් කියන ලද කමටහන් දශයෙන් උපචාර සමාධිය මිස, රූපාවචරාරූපාවචර ධ්‍යාන නූපදවිය හැකිය. ධ්‍යාන ඉපදවිය හැක්කේ ඉතිරි කමටහන් තිසෙන් පමණෙකි.
ධ්‍යාන ඉපදවිය හැකි කමටහන් සියල්ලෙන් ම ධ්‍යාන සියල්ල ම උපදවන්නටත් නො පිළිවන. ඒ ඒ කමටහන්වලින් ඉපද විය හැකි ධ්‍යාන මතු දැක්වෙන පරිදි දත යුතු ය.
කසිණ දශය ය, ආනාපානය යන මේ කමටහන් එකොළොසින් ධ්‍යාන පස ම ඉපදවිය හැකි ය.
අශුභ දශය ය, කායගතාසතිය යන කමටහන් එකොළොසෙන් ඉපද විය හැක්කේ ප්‍රථම ධ්‍යානය පමණෙකි. ඒවායින් ප්‍රථම ධ්‍යානය උපදවා ගත් යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානාදිය ඉපදවීමට අනික් කමටහනක් වැඩිය යුතු ය. මළ සිරුරුවල හා කෙස් ලොම් ආදි කුණප කොටස්වල ද; සිහි කරන තැනැත්තාගේ සිත ඒවායින් ඈත් කරන ස්වභාවයක් මිස සිත් ඇදගන්නා ස්වභාවයක් ඇත්තේ ම නැත. සිතට පිළිකුලක් ඇති කරන ස්වභාවය මිස සතුටක් ඇති කර තමා කරා ඇදගන්නා ස්වභාවය මඳකුදු නැති ප්‍රතිකූලාරම්මණයන්හි සිත පිහිට වන්නේ විතර්කයේ බලයෙනි. ද්විතීයාදි ධ්‍යානවල අරමුණ කරා සිත ගෙන යන විතර්කය නැත. එබැවින් අශුභාරම්මණයන්හි විතර්කය නැති ධ්‍යානයෝ නූපදිති.
මෛත්‍රී - කරුණා - මුදිතා යන කමටහන් තුනෙන් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථධ්‍යාන සතර ඉපදවිය හැකි ය. පඤ්චමධ්‍යානය ඒවායින් නො ලැබිය හැකිය. මෛත්‍රිය වනාහි දොම්නසින් හටගන්නා වූ ව්‍යාපාදයට විරුද්ධ ධර්මයෙකි. කරුණාව දොම්නසින් හට ගන්නා වූ හිංසාවට විරුද්ධ ධර්මයෙකි. මුදිතාව දොම්නසින් හට ගන්නා වූ අරති නම් වූ නො සතුට ට විරුද්ධ ධර්මයෙකි. එබැවින් මෛත්‍රී කරුණා මුදිතාවන් බලවත් ව ඇති වීමට සෝමනස්ස තිබිය යුතු ය. ප්‍රථමාදි ධ්‍යාන සතර සෝමනස්ස සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් ඒ ධ්‍යාන ඉපදවිය හැකි ය. පඤ්චම ධ්‍යානය උපේක්ෂා සහගත වන බැවින් මෛත්‍රී ආදි තුනෙන් එය නො ඉපද විය හැකි ය.
උපේක්ෂා කර්මස්ථානයෙන් පඤ්චම ධ්‍යානය පමණක් ඉපදවිය හැකි ය. උපේක්ෂා භාවනාව වනාහි සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථතාවෙන් කළ යුත්තක් වන බැවින් එයින් උපේක්ෂා සහගත ධ්‍යානයක් ම මිස සෝමනස්ස සහගත ධ්‍යානයක් නො ඉපද විය හැකි ය.
කසිණුග්ඝාටිමාකාසාදි අරූපාවචරාරම්මණ සතර අරූපධ්‍යාන උපදවන කර්මස්ථානයෝ ය.”
https://pitaka.lk/books/abhidharma-margaya/10-2.html
https://pitaka.lk/books/abhidharma-margaya/10-1.html
A / R. “මහණෙනි, ඉදින් මහණ ඇගිලි පොළන පමණ කලෙකුදු ප්‍රථමධ්‍යානය භවා නම්, මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇතිව වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නො සිස් වූ පිණ්ඩපාතය වළඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.”
තව ද මෙහි,
“නො හළ දැහැන් (ධ්‍යාන) ඇතිව වසති” - යන්නෙහි - ධ්‍යාන කොටස් දෙකකි.
1. අතුච්ඡ ධ්‍යාන = ප්‍රථමධ්‍යානාදී ධ්‍යානයෙන් නොසිස් බව.
2. අපරිච්චත්ත ධ්‍යාන = පරිත්‍යාගය යි / පරිත්‍යාගයෙන් නොසිස් බවයි.
[දීම / දානය හෝ ඊට ම සමාන වචන සඳහා කියන ලදී.]
{“අරිත්තජ්ඣානොති අතුච්ඡජ්ඣානො අපරිච්චත්තජ්ඣානො වා.” “අරිත්තජ්ඣානොති අවිරහිතජ්ඣානො. අතුච්ඡජ්ඣානොති ඣානෙන අතුච්ඡො. චාගො වා වෙවචනන්ති ආහ – “අපරිච්චත්තජ්ඣානො”ති.”}

A / R. "අච්‌ඡරාසඞ්‌ඝාතමත්‌තම්‌පීති ඉදම්‌පි සුත්‌තං අග්‌ගික්‌ඛන්‌ධූපමඅට්‌ඨුප්‌පත්‌තියංයෙව (අ. නි. 7.72) වුත්‌තං. අප්‌පනාප්‌පත්‌තාය හි මෙත්‌තාය විපාකෙ කථායෙව නත්‌ථි. තස්‌සායෙව අට්‌ඨුප්‌පත්‌තියා අයං දෙසනා ආරද්‌ධාති වෙදිතබ්‌බා. තත්‌ථ පඨමන්‌ති ‘‘ගණනානුපුබ්‌බතා පඨමං, ඉදං පඨමං සමාපජ්‌ජතීති පඨම’’න්‌ති විභඞ්‌ගෙ (විභ. 568) වුත්‌තත්‌ථමෙව. ඣානන්‌ති ඣානං නාම දුවිධං ආරම්‌මණූපනිජ්‌ඣානඤ්‌ච ලක්‌ඛණූපනිජ්‌ඣානඤ්‌චාති. තත්‌ථ ආරම්‌මණූපනිජ්‌ඣානං නාම අට්‌ඨ සමාපත්‌තියො. තා හි පථවීකසිණාදිනො ආරම්‌මණස්‌ස උපනිජ්‌ඣානතො ආරම්‌මණූපනිජ්‌ඣානන්‌ති වුච්‌චන්‌ති. ලක්‌ඛණූපනිජ්‌ඣානන්‌ති විපස්‌සනාමග්‌ගඵලානි. විපස්‌සනා හි අනිච්‌චාදිවසෙන සඞ්‌ඛාරලක්‌ඛණස්‌ස උපනිජ්‌ඣානතො ලක්‌ඛණූපනිජ්‌ඣානං නාම, විපස්‌සනාය පන ලක්‌ඛණූපනිජ්‌ඣානකිච්‌චං මග්‌ගෙන සිජ්‌ඣතීති මග්‌ගො ලක්‌ඛණූපනිජ්‌ඣානං, ඵලං සුඤ්‌ඤතඅනිමිත්‌තඅප්‌පණිහිත-ලක්‌ඛණස්‌ස නිබ්‌බානස්‌සෙව උපනිජ්‌ඣානතො ලක්‌ඛණූපනිජ්‌ඣානන්‌ති වුච්‌චති. තත්‌ථ ඉමස්‌මිං පන අත්‌ථෙ ආරම්‌මණූපනිජ්‌ඣානං අධිප්‌පෙතං. කො පන වාදො යෙ නං බහුලීකරොන්‌තීති යෙ නං පඨමජ්‌ඣානං බහුලී කරොන්‌ති"
මනෝරථපුරණි අටුවාව.