640 - හිත නවතින තැන?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. හිත පවතින්නේ හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙන බව ධර්මයේ සදහන් වන්නේ කොතනද ?

A / R / T. “... තඤ්ච හදයකොසබ්භන්තරෙ අඩ්ඪපසතමත්තං ලොහිතං නිස්සාය පවත්තති.”
https://tipitaka.app/?a=6i14-21-si
(https://tipitaka.app/?a=6j40-20-si)
[https://tipitaka.app/?a=pb2-74-si
https://tipitaka.app/?a=pd1-12-si]
{“තං පන හදයකොසබ්භන්තරෙ අඩ්ඪපසතමත්තං ලොහිතං බ්‍යාපෙත්වා තිට්ඨතීති වෙදිතබ්බං.”
https://tipitaka.app/?a=rb8-2-si}

A. “වස්තූන්ගෙන් විශේෂ දෙය හෘදය වස්තුව ය. එය වනාහි හෘදය කෝෂයෙහි පිහිටි අඩ පතක් පමණ ලේ ආශ්‍ර‍ය කර ගෙන පවත්නා වූ එක්තරා සූක්ෂ්ම ධාතුවකි. එය ඇසට නො පෙනෙන - අතට අසු නොවන ඉතා සියුම් දෙයකි. මළවුන් ගේ හෘදය කෝෂයෙහි එය නැත. එය වෛද්‍ය ශාස්ත්‍ර‍යට හසුවන දෙයක් ද නොවේ. එයට වස්තු රූපය යන නාමය ද ව්‍යවහාර වේ. හෘදය කෝෂයේ ලෙස ඉන් පිටතට ගලා යන මුත් සිත් ඇති වීමට ආධාර වන ඒ වස්තු රූපය හෘදය කෝෂයෙන් පිට වී යන ලෙය හා එක් වී පිට වී නො යේ. සිත්වලින් බොහෝවක් ම උපදින්නේ හෘදය වස්තුවෙහි ය.”
https://pitaka.lk/books/abhidharma-margaya/4-6.html
{“හෘදය රූපය
මෙය හෘදය කෝෂය තුළ පවත්නා අඩ පතක් පමණ ලේ ඇසුරු කොට විඥාන ධාතුවට නිඃශ්‍රය වීමට සුදුසු සේ පවත්නා වූ එක්තරා ස්වභාවයකි. විඥානයන්ගෙන් වැඩි කොටසක් උපදිනුයේ හෘදය රූපය නම් වූ ස්වභාවය ඇසුරු කොට ගෙන ය.”
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/8-5.html
“හෘදය වස්තු රූපය
මනුෂ්‍යයාගේ ශරීරයෙහි පපුවෙහි පෙණහැල්ලට යටින් හෘදය වස්තුව නම් වූ අඹ ගෙඩියක හැඩහුරුකම ඇති දෙයක් ඇත්තේය. එය ප්‍ර‍මාණයෙන් මනුෂ්‍යයාගේ මිට පමණ වේ. එයට හෘදය වස්තුව යයි කියනු ලැබේ. එය මනුෂ්‍යයාට වඩා මහත් වූ සත්ත්වයන් තුළ මනුෂ්‍යයාගේ හෘදය වස්තුවට වඩා මහත්ව ද කුඩා සතුන් තුළ කුඩාවට ද පිහිටා තිබේ. රූපස්කන්ධය හෙවත් අටවිසි රූපය දක්වන තැන්වල හෘදය වස්තු නාමයෙන් දක්වන්නේ මේ හෘදය වස්තුව නොවේ. හෘදය වස්තුව නම් වූ මේ මස්ගඩුව තුළ කුහරයන්හි අඩ පතක් පමණ ලේ ඇත්තේය. ඒ ලෙයෙහි චක්ෂුඃ ප්‍ර‍සාදාදිය සේ සිත් ඉපදීමට ආධාර වන එක්තරා දෙයක් තිබේ. රූප විසිඅට දක්වන තැන හෘදය වස්තුව යයි කියනු ලබන්නේ ඒ ලෙයෙහි පවත්නා වූ සිත්වලට ආධාර වන දෙයට ය.”
https://pitaka.lk/books/chathurarya-sathya/9-1-2.html”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll