448. මැරුණ අය හීනෙන් දැක්ක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මළ ගිය ඇත්තන් සිහිනෙන් පෙනීම - පැහැදිලි කරන්න. සෑබෑවටම පින් මදි නිසා දර්ශනය වෙනවාද?

[https://dhamma.lk.ingreesi.com/2019/08/161.html]

A / R. “සිහින වර්ග සතරක් ඇති බව බුදුසමය දක්වයි: ධාතුක්ඛෝභ සිහින, අනුභූතපුබ්බ සිහින, දේවතෝපසංහාර සිහින, පුබ්බනිමිත්ත සිහින …”

“තඤ්ච පනෙතං සුපිනං පස්සන්තො චතූහි කාරණෙහි පස්සති – ධාතුක්ඛොභතො වා අනුභූතපුබ්බතො වාදෙවතොපසංහාරතො වා පුබ්බනිමිත්තතො වාති. …”
https://tipitaka.app/?a=4b15-46-si

Q. මල ගිය ඥාතින් දැකීම මේ සතරින් කුමකට වැටේද?

A. නිශ්චිත පිළිතුරක් දිය නොහැක - ඇතැම් විට අවසාන තුනෙන් එකක් හෝ සමහරවිට මැද දෙකෙන් එකක් හෝ බොහෝ විට දෙවැන්න විය හැකි බව මාගේ පෞද්ගලික අදහස යි.

(කෙසේ වෙතත් - https://pitaka.lk/main?n=37160)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll