885. මත්ද්‍රව්‍ය භාවිතය දස අකුසල "කර්ම පථය"ක් නෙවෙයි නේද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "සුරා පානය වෙන් වූ කර්මපථයක් වශයෙන් එය නො ගන්නේ වී නමුත් “තස්ස සභාගත්තෙන මිච්ඡාචාරෙ උපකාරකත්තෙන දසසුපි කම්මපථෙසු අනුපවෙසො”යි එය සභාගත්වයෙන් කාමමිථ්‍යාචාර කර්මය ද, උපකාරත්වයෙන් දශාකුශල කර්මපථයට ම ඇතුළත් වන බව පූර්වාචාර්යවරයෝ දැක්වූහ."
ඉහත උපුටාගැනීම පැහැදිලි කර දෙන්න

A. "වෙන් වූ කර්මපථයක් වශයෙන් එය නො ගන්නේ වී නමුත් “තස්ස සභාගත්තෙන මිච්ඡාචාරෙ උපකාරකත්තෙන දසසුපි කම්මපථෙසු අනුපවෙසො”යි එය සභාගත්වයෙන් කාමමිථ්‍යාචාර කර්මය ද, උපකාරත්වයෙන් දශාකුශල කර්මපථයට ම ඇතුළත් වන බව පූර්වාචාර්යවරයෝ දැක්වූහ. එසේ දශ අකුශලයට ඇතුළත් වන බැවින් එය වෙන්වූ කර්ම පථයක් වශයෙන් නො ගන්නා ලදැයි ද කිය හැකි ය.

සුරාපාන කර්මය ප්‍ර‍තිසන්ධි විපාකදානයෙහි අනේකාන්තික කර්මයක් නම් එහි විපාක වදාරන්නා වූ තථාගතයන් වහන්සේ “නිරය සංවත්තනිකං හොති” යනාදිය වදාළේ කුමට ද? යන ප්‍ර‍ශ්නය ද මෙහි දී ඇති වේ. සුරාපානය මදයට හේතු වේ. මදය අකුශලයට හේතු වේ. අකුශලය අපායෝත්පත්තියට හේතු වේ. සුරාපානය නො කළේ නම් මදය නිසා සිදුවන අකුශල් සිදු වී අපායගාමී නොවන බැවින් සුරාපානය ද අපායෝත්පත්තියට දුරින් සිටින බලවත් හේතුවක් වේ. එබැවින් එහි ඵල දක්වන්නා වූ තථාගතයන් වහන්සේ “නිරය සංවත්තනිකං හොති” යනාදිය වදාළ සේක."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll