Q. බුද්ධසාසනය අන්තරස්ධාන වන පිළිවෙල කෙසේද?
[මෙය ද කියවන්න.]
A / R. "මිලිඳු රජු -
ස්වාමීනි, බුදුපියාණෝ ආනන්ද තෙරුන්ට පන්දහසක් අවුරුදු සද්ධර්මය පවතින්නේය යයි වදාළහ. එසේනම් සුභද්‍ර පරිබ්‍රාජකයාට පිරිනිවන් පාන සමයෙහි “මාගේ ශාසනයෙහි භික්ෂුහු මනා ලෙස ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ නම් රහතුන්ගෙන් ලෝකය හිස් නොවෙයි.” යයි වදාළේ ඇයි?
නාගසේන තෙරණුවෝ -
මහරජ, බුදුපියාණෝ “ආනන්දයෙනි, කාන්තාවන් ශාසනයේ පැවිදි නොවුයේ නම් දස දහසක් අවුරුදු සද්ධර්මය පවතියි. දැන් සද්ධර්මය පවතින්නේ අවුරුදු පන් දහසක් පමණි” යයි වදාළහ. මෙහිදී බුදුපියාණෝ ශාසනයේ විනාශය ද, ඉතිරිවූ ශාසනායුෂය ද දෙවි මිනිසුන්ට වදාළහ. උපමාවකින් කිවහොත් යම්කිසි විපතකින් වස්තුව විනාශ වූ මිනිසෙක්” මාගේ මෙපමණ වස්තුව නැතිවී ගියේය. ඉතිරුවූ වස්තුව මෙපමණය” යයි පෙන්වා කියන්නාක් මෙනි. එසේම සුභද්‍ර පරිබ්‍රාජකයාට “මාගේ භික්ෂුහු මනා ලෙස වාසය කරන්නේ නම් (සීල සමාධි ප්‍රඥාවෙහි හැසිරෙන්නේ නම්) ලෝකය රහතුන්ගෙන් හිස් නොවෙයි” යයි නිර්මල වූ ශාසන ප්‍රතිපත්තිය දක්වා වදාළහ. සිහිල් ජලයෙන් පිරුණු විලක් ඇත්නම් නිරතුරු වසිනා වැස්සෙන් එය නිතර පිරේ නම් ඒ විලේ වතුර නොසිඳෙන්නාක් මෙනි. ඇවිළෙන ගිනි ගොඩකට නැවත නැවතත් වියළි තණකොළ, ගොම වැරටි දැමූ විට වඩ වඩාත් එය ඇවිළෙන්නාක් මෙනි. නොනිමෙන්නාක් මෙනි. මෙසේ සම්බුදු සසුන ප්‍රතිපත්තිය මුල් කර පවතියි. බබළයි.
බුදු පියාණන් පිරිනිවී කාලයක් යන තුරු භික්ෂුහු රහත් බව ලබති. කල් යාමේදී එසේ නොහැකිව අනාගාමී වෙති. සකෘදාගාමී වෙති. සෝවාන් වෙති. අවසන් සෝවාන් ලාභියාගේ ජීවිතය ක්ෂය වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් අධිගමනය අතුරුදහන් වෙයි. පසුව භික්ෂුහු භාවනා කර මාර්ගඵල උපදවා ගත නොහැකිව සීලය පමණක් රක්ෂා කරති. ඉන්පසුව ශික්ෂාපද පමණක් රකිති. කල් යාමේදී කුඩා කුඩා ශික්ෂාපදද කඩ කරති. වරද දුටු කල එකිනෙකාට චෝදනා නොකරති. මෙසේ සමථ විදර්ශනා ආදී භාවනා නොකරන සිල් පිරිසිදු නොකරන භික්ෂුහු ඇති වෙති. ඔවුන්ගේ ශිෂ්‍ය හිමිවරුද සිල් රැකීමට භාවනා කිරීමට අසමත් වෙති. එහෙත් උපසම්පදාව ලබති. පාපයට බැස සිටින එම භික්ෂුහු ධර්මයට කන් නොදෙන අතර ධර්මය තේරුම් නොගනිති. නූගත යුතු දේ උගන්නා අතර ධර්මය උගත යුතු බව, භාවිතා කළ යුතු බව නොසලකති. ශාසනය ලිහිල් කොට ගෙන සිව්පසය වැඩි කර ගැනීම පිණිස පිළිපදිති. ඔවුන්ගෙන් අන්තිම භික්ෂුවගේ ජීවිතය ක්ෂය වීමෙන් ප්‍රතිපත්තිය හෙවත් ධර්මය පිළිපැදීම අතුරුදහන් වෙයි.
අනාගතයේ රජදරුවෝ, ඇමතිවරු සහ රටවැසියෝ අධර්මිෂ්ඨ වෙති. කලට වැසි නොලැබෙයි. ගොවිතැන් පාලු වෙයි. සිවුපසය දිය නොහැකි වෙයි. ක්ලාන්ත වන භික්ෂුහු බුද්ධ වචනය උගන්වන්නට අසමත් වෙති. තමාටත් මතක තබා ගැනීමට අසමත්ව අටුවා හැර පාලි ධර්මය දරති. පාලි ධර්මයද දැරිය නොහැකි වෙති. අභිධර්ම පිටකය පිරිහෙයි. විනයත් පිරිහෙයි. යම්කිසි දිනෙක ධර්මිෂ්ට රජෙක් දහසින් බැඳි පියල්ලක් ඇතෙකු පිට තබා “බුදු දහමින් සතර පදයක බණ කියා මේ සියලු වස්තුව ගන්න” යයි තුන්වරක් නුවර වටේ යවාත් ධර්මය දන්නා කෙනෙක් නොලදින් මහා ශෝකීව හඬයි. ඒ දවස පර්‍යාප්තිය හෙවත් ධර්මය ඉගෙනීම අතුරුදහන් වෙයි.
කල් යාමේදී මහණහූ කුඩා කහ පාට රෙදි කැබැල්ලක් හිසේ, අතේ හෝ බෙල්ලේ බැඳගෙන “අපි උපසම්පන්නයම්හ” යයි කියමින් අඹුදරුවන් සමඟ කෘෂිකර්මයෙන්, වෙළෙඳාමෙන් ජීවත් වෙති. මිනිස්සු ඒ දුසිල් පවිටු මහණුන්ට කුසල් පතා සාංඝික කර දානය දෙති. එයද අනුසස් සහිතය. පසුව නොයෙක් වැඩවල යෙදෙන්නාවූ ඔවුහු මේ කහකඩින් වැඩක් නැතැයි එය කඩා දමති. ඒ දවස මහණ වේෂය අතුරුදහන් වෙයි.
බුදුපියාණන්ගේ ශාරීරික ධාතු පන්දහසක් අවුරුදු පවතියි. පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල් යාමේදී සෑම තැනම පූජා සත්කාර නොලැබෙයි. එකල ලෝ වැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කළ සියලු ධාතුන් වහන්සේ මහ බෝමැඩට වැඩ, බුද්ධ රූපයක් මැවෙයි. ඒ දකින දෙව් බඹහු “අද බුදුපියාණන්ගේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේය” යයි මහත් සංවේගයට පැමිණ නොයෙකුත් පුද පූජා පවත්වති. එවිට බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් එයින් නැගෙන ගින්නෙන් හැම ධාතු ආදාහනය කරයි. ඒ දවස ශාසනායුෂය ගෙවෙයි."