Q. මිනිසාගේ ආයු කාලය වසර 10 කට උපරිම අඩුවන කාල ඇත. එහි තේරුම මිනිසා කවරදාවක්ම සම්පූර්ණයෙන් විනාශ නොවේ (ද?). එහෙත්, දැනට සොයාගෙන ඇති ජුරාසික් හා පසු ජුරාසික් යුගයන් මේ අතරට ඇතුලත් කර හැක්කේ කෙසේද?
A. පෙර හා පසු ජුරාසික් යුගයන් දිවයන්නේ වසර මිලියන 144 ත් 206 ත් අතර ය. මෙම කාලය ‘වසර මිලියන’ වලින් දැක්විය හැකිය. අනෙක් අතට එය ඉලක්කම් නවයක සංඛ්‍යාවකි. අසංඛ්‍යය ට ඉලක්කම් 141ක් ඇත. එබැවින් ජුරාසික් යුගයන් අසංඛ්‍යය තුළට ලෙහෙසියෙන් ම ඇතුළත් කළ හැක.
Q. මිනිස්සුත් එක්ක ඩයිනෝසෝරයින් ජීවත් උණා ද?
A. මනුෂ්‍ය වර්ගයා හා ඩයිනෝසෝරයින් (Dinosaurs) අතර සහභවයක් (Coexistence) පැවති බව විද්‍යාත්මක මතය යි. ඔවුන් ඒ මතය තහවුරු කිරීමට නොයෙක් භෞතික සාධක (Physical Evidence) ගෙනහැර දක්වයි.
ලෝක / පෘථිවි සම්භවය ගෙනහැර දක්වන “අග්ගඤ්ඤ සුත්‍රය” (https://pitaka.lk/main/?n=17130) විමසන කල, මනුෂ්‍යයා පහල වී, අති දීර්ඝ කාලයකට පසුව ඩයිනෝසෝරයින්ගේ යුගය පටන් ගන්නා බවත්, මිනිසා ඊට පසුත් (මේ දක්වාම) පවතින බවත් පැහැදිළි ය. එබැවින් මනුෂ්‍ය වර්ගයා හා ඩයිනෝසෝරයින් අතර සහභවයක් පැවති බව ද කිව යුතුය. එහෙත් එය සාමකාමී එකක්ද නැද්ද යන්න හරියටම කිව නොහැක. [(විටෙක / යුගයක) සාමකාමී මෙන්ම සාමකාමී නොවන්ට ද ඇත.]
{කල්පය අති දීර්ඝ කාලයෙකි.
“අන්තඃ කල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්ප ය” යි කල්ප තුනෙකි. මිනිසුන් ගේ ආයුෂය ක්‍රමයෙන් පිරිහී ගොස් දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ කාලයේදී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැති වීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වේ. ඉතා ටික දෙනකු පමණක් ඉතිරි වේ. ඉන් පසු මිනිසුන් සුචරිතයෙහි හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මඳින් මඳ ඔවුන් ගේ ආයුෂය වැඩෙන්නට පටන් ගනී. ඒ වැඩීම වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩේ. ඉන් පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනිති. ක්‍රමයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට එළඹේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ.
මිනිස් ආයුෂය දශ වර්ෂයෙන් පටන් ගෙන අසඞ්ඛ්‍යය දක්වා වැඩී, නැවත දශ වර්ෂය පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලයට අන්තඃකල්පය යි කියනු ලැබේ.
“සංවර්තය-සංවර්තස්ථායි-විවර්තය-විවර්තස්ථායි” යයි අසඞ්ඛ්‍ය කල්ප සතරෙකි.
ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළොව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍රහ්ම ලෝකත් සමග විනාශ වෙයි. ලෝකය වරක් විනාශ වී යෑමටත් ඉතා දීර්ඝ කාලයක් ගත වේ. ලෝකය නැසෙමින් පවත්නා කාලය සංවර්ත කල්ප නම් වේ. ලෝකය විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගත වූ කාලය තරම් කාලයක් සිස් ව පවතී. ඒ කාලය සංවර්තස්ථායී කල්ප නම් වේ. නැවත ලෝකය මඳින් මඳ හැදෙන්නට පටන් ගනී. ලෝකය හැදී සම්පූර්ණ වීමට ගත වන කාලය විවර්ත කල්ප නම් වේ. ලෝකය සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීම දක්වා පවත්නා කාලය විවර්තස්තායි නම් වේ. මේ අසඞ්ඛ්‍ය කල්ප සතර එක් මහා කල්පයෙකි. අසඞ්ඛ්‍ය කල්පයක ප්‍රමාණය, අන්තඃ කල්ප විස්සකි. මහා කල්පයේ ප්‍රමාණය අන්තඃ කල්ප අසූවකි.
පිළිවෙළින් සත් වරක් ගින්නෙන් ලෝකය නැසේ. අටවන වාරයේ ජලයෙන් නැසේ. මෙසේ නැසෙන ලෝකය සූ සැට වන වාරයේ දී වායුවෙන් නැසේ. ගින්නෙන් ලෝකය විනාශ වන කල්හි ආභස්සරයෙන් යට සියල්ල නැසේ. ජලයෙන් විනාශ වන කල්හි සුභකිණ්හයෙන් යට ද, වාතයෙන් විනාශ වන කල්හි වේහප්ඵලයෙන් යට ද සියල්ල විනාශ වේ."