181. සුතා - ධාතා ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සුතා - ධතා - වචසා පරිචිතා - මනසානුපෙක්ඛිතා - දිට්ඨියා සුප්පටිවිද්ධා?

A. ‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථං සබ්‍යඤ්ජනං (සාත්ථා සබ්‍යඤ්ජනා (සී.)) කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා (බහූ සුතා (?)) හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යම්පි, භික්ඛවෙ, භික්ඛු බහුස්සුතො හොති...පෙ.... දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මො නාථකරණො.
http://pitaka.lk/35117/cs,aps
http://pitaka.lk/bjt/books/27/AN6_Page_069.png
http://pitaka.lk/bjt/books/27/AN6_Page_070.png

http://pitaka.lk/35133/cs,aps
http://pitaka.lk/35134/cs,aps

{A / R"ස්තුති පූජාව
මල්, පහන්, සුවඳ දුම්, සුවඳ සුණු, සුවඳ පැන්, සුවඳ දෑ, ආහාර-පාන-වස්ත්‍ර යන ආදී මනුෂ්‍යයන් කැමැති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තුතියට කැමැත්තෝය. ඔවුන් ගෙන් මුදලක් දී කරවා ගත නොහෙන වැඩක් ස්තුතියෙන් කරවා ගත හැකිය. ස්තුතියෙන් සැමදෙනා ම සතුටු කරවිය හැකි ය. සතුටු වන දෙයක් වන ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ ගී ගයා ඔවුනට ස්තුතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්තෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යයන් ද කියමින් දෙවියන්ට ස්තුති පූජා කරති. ඇතැම්හු ස්තුති ගීතිකා ස්තුති වාක්‍යය පත් වල ලියා හෝ මුදණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තුතිය හැමදෙනම කැමති වන්නක් බැවිනි. රාජාදී සෑමදෙනාම කැමති වන උසස් අයට පිරිනමන ඒ ස්තුතිය මල් පහන් සුවඳ ආදිය සේ රත්නත්‍රයට පූජා කිරීමට ද සුදුසු ය. එබැවින් ඇතැම්හු ලොවුතුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන්වහන්සේලාට ස්තුති පූජා කළහ. වැඳීම මල් පහන් ආදියෙන් පිදීම පිනක් වන්නාක් මෙන් ස්තුතියෙන් පිදීම ද පිනක් වේ. රත්නත්‍රය ගුණවලින් යුක්ත කොට ගොතා ඇති වන්දනා ගාථා, වන්දනා වාක්‍යයන් කීම රත්නත්‍රයට ස්තුති පූජාවකි. ගුණ සිහි කරගැනීමට පමණක් නොව ස්තුති පූජාවක් වශයෙන්ද ඒ ගාථා වාක්‍ය‍යන් කිය යුතු ය.

ස්තුති පූජාවේ අනුසස්

අතීතයේ එක් කපෙක හිමවත දකුණු දිග එක් භූමිභාගයක අසපුවෙක තව්සෙක් මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්ය‍යවරයෙකු සොයමින් වනයෙහි ඇති මූල ඵලයන් ආහාර කොට ගනිමින් විසුවේ ය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ලොව පහළව සිව්සස් දෙසමින් මහජනයා සසර සයුරෙන් එතෙර කරවන්නට වන්හ. බුදුන් ලොව පහළව අට වසක් ඉක්මීමෙන් පසු බුදුන් ලොව පහළ වූ පුවත තව්සාට ද සැලවිය. තාපස තෙමේ ඉමහත් ප්‍රීතියට පැමිණ අසපුව හැමද ගිනි නිවා තවුස් පිරිකර ගෙන බුදුන් දක්නා රිසියෙන් නික්ම ගොස් සුමේධ බුදුන් වහන්සේ වෙසෙන චන්දවතී නම් නගරයට එක් දිනකින් ම පැමිණියේය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් උන් සේක. තාපස තෙමේ ජන සමූහයා පසු කොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට වැඳ මතු දැක්වෙන ගාථා කියා උන්වහන්සේට ස්තුති කළේය. ..."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll