13. අභය දානයේ ආනිශංස මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. Abhaya Daanaye Anishansa Monawa da?

A. 1. Sasara wasana thuraawata maaraka bhandhanayakata hasu noweema.
2. NirOgi weema.
3. Deergaayusha weema.
4. Usas / sepa sampath athi pawulwala ipadeema.
5. Diwyaloka / Brahmaloka sampath labeema.
6. Keekaru, punyawantha, priyasheelee ambu daruwan lebeema.
7. Sthaanochitha pragnaawen yuth keekaru, hithawath sewaka, dasi dassan labeema.
8. ArOha parinaaha (Usata sarilana mahathakin yuth) prathApawath dEhayak labeema.
9. Kawarek wuwath awanatha karaganeeme shakthiya labeema.
10. Shesha wu anisansha washayen, pancha abhignaa, ashta samApaththi laabhiwa MaharahathBhawayata path weemata upakaaree weema.

(Katugoda DhammAwAsa Himiyan wisin rachitha, Antharjaala Sinhala uputanayaka Singlish pariwarthanayayi. Athem thenaka Abhaya dhanaya Pancha sheelayata da samakota dakwa athi bewin Pansilwala anishansada dana ganeema wedagath wewi –– Ewaa Awashya nam “Bawuddhayage Athpota 49 – 83 pitu balanna.)

R. "අභය දානයේ – මරණ භය නැති කිරීමේ අනුසස්.

අභයදානං දත්වාන – ජත්තුනෝ භයතජ්ජිතේ
දසානිසංසේ අනුහොමි – කම්මානුච්ඡවිකෙ මම
[Still we couldn't find out the Resource of this  - possible R. පිලින්දවච්ඡත්ථෙරඅපදානං (maybe misinterpreted.)]

භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, බොහෝ ආත්ම භාවයන්හිදී මම මරණයට කැප වූ, භයින් තැතිගත් සතුන් කරුණාවෙන් යුතුව මරණ භයින් මුදවාලීමි. එහි කුසල විපාක වශයෙන් සසර වසනාතුරා මේ නිවන් ලබන ආත්මය දක්වාම ආනිශංස දහයක් ලැබූවෙමි.

1. උපනුපන් ආත්ම භාවයන්හි දී කිසිදු මාරක බන්ධනයකට අසු නොවීම.
2. නිරෝගී සම්පත්තිය ලැබීම.
3. දීර්ඝායු සම්පත්තිය ලැබීම.
4. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතුව උපත ලැබීම.
5. දිව්‍යලෝක, බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.
6. කීකරු පුණ්‍යවන්ත පි‍්‍රයශීලී අඹු දරුවන් ලැබීම.
7. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවක කාරකාදීන් ලැබීම.
8. සෑම තැනකදීම උසස් පුද්ගලයකු සේ කැපී පෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
9. උගත් නූගත්, දුප්පත් පොහොසත්, බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
10. ඒ අභය දානමය පිනේම ශේෂ වූ ආනිශංස වශයෙන් පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති ලාභීව මහරහතන් බවට පත්වීමට හැකිවීම.

(පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ විසින් රචිතයි.)"

{T / R. "ත්‍රිවිධ දානය - ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත්වයන්ගේ ද සැපයට හේතු වන ආහාර පානාදි වස්තූන් කම්පල අදහා දීම ආමිස දාන නම් වේ. සත්ත්වයන්ගේ සැපයට හේතු වන නිරවද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තූහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තූන් ගේ වශයෙන් කියත හොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ.

සංක්ෂේපයෙන් කියත හොත් බාහිර වස්තු දානය ය, ආභ්‍යන්තරික වස්තු දානය යි ආමිස දානය දෙ වැදෑරුම් බව කිව යුතුය. ආහාර - පාන - වස්ත්‍ර - බෙහෙත් - කෙත් - වතු - රන් - රිදී - මුතු - මැණික් - මිල - මුදල් - ගේ - ඇඳ - පුටු - මේස - පැදුරු - කොට්ට - කැති - උදලු - නගුල් - වෑ - පොරෝ - පිහියා - මල් - සුවඳ - විලවුන් ආදී අවිඥානක වස්තූන් හා ඇත් අස්, මහිෂාදී සවිඥානක වස්තූන් ද දීම බාහිර දාන නම් වේ. ඇස් - ඉස් - මස් - ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවය ද දීම ආභ්‍යන්තරික වස්තු දාන නම් වේ.

අභය දානය යනු රජුන් ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි නපුරු සතුන්ගෙන් හෝ යක්ෂ ප්‍රේතාදි භූතයන්ගෙන් හෝ ගින්නෙන් දියෙන් සුලඟින් හෝ සත්ත්වයනට භයක් පැමිණි කල්හි ඉන් ඔවුන් මිදවීම හා අනාගතයට ඇති විය හැකි විපත් නො වනු පිණිස ආරක්ෂාව ඇති කිරීමත් ය.

ධර්ම දානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවන් නැති ව, අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව, කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම ය, ධර්ම කථිකයන් ට සත්කාර කොට බණ කියවීම ය, දහම් පොත් පත් සම්පාදනය කිරීමය, දහම් පොත් පත් මුද්‍රණය කරවා හෝ මිළයට ගෙන හෝ දීම ය, ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීම ය, ධර්මය උගන්නා ශිෂ්‍යනට ඒ සඳහා ආධාර කිරීම ය, දහම් හල් කරවීම ය, පොත් ගුල් පිහිටුවීම ය, තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිරවද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගැන්වීම ය, ඒවා උගන්වන තැන් ඇති කිරීම ය යන ආදිය සිදු කිරීම ය.

කරුණු කියා දී අබෞද්ධයන් බෞද්ධයන් කර වීම ය, බුදු සස්නෙහි නො පහන් අය පැහැද වීම ය, බෞද්ධ වූවන් සුචරිතයෙහි පිහිට වීම ය, සිල් සමාදන් නො වන්නවුන් සීල සමාදානයෙහි යෙදවීම ය, ගිහියන් පැවිදි කරවා බුදු සස්නට ඇතුළු කරවීම ය, පැවිද්දන් ශීලාදී ගුණයෙන් සම්පූර්ණ කිරීමෙහි යෙදවීම ය, රූපා - රූප ධ්‍යානයන් හා අභිඥා උපදවා ගැනීමෙහි උත්සාහවත් කරවීම ය, ශ්‍රාවක බෝධියෙන් නිවන් පතනුවන් විදසුන් වඩා මග පල ලබා ගැනීමෙහි උත්සාහ වත් කර වීම ය, ඒවාට උපදෙස් දීම ය, යෝගාවචරයනට අනුබල දීම ය යන මොහු ද ධර්ම දානයෝය." ....

T / R. සවැදෑරුම් දානය - රූපදාන ය, සද්දදාන ය, ගන්ධදාන ය, රසදාන ය, පොට්ඨබ්බදාන ය, ධම්මදානය යි දානය අභිධර්‍ම ක්‍රමයෙන් සවැදෑරුම් වේ.

රූප දානය යනු පැහැය දීමයි. පැහැය හෙවත් වර්ණය දීමක් වශයෙන් සලකා නිල් - රතු - කහ සුදු ආදී පැහැයයන් ඇහි පුෂ්ප වස්ත්‍රාදි වස්තූන් ද ශරීරය වර්ණවත් කිරීමට පාවිච්චි කරන සුනු වර්ග - කල්ක වර්ග බෙහෙත් වර්ග ද , ගෘහ වස්ත්‍රාදි වස්තූන් වර්ණවත් කිරීමට ගන්නා සායම් වර්ග ද දීම රූප දාන නම් වේ.

සද්ද දානය යනු හඬ දීම ය. ශබ්ධය මල් පොකුරක් සේ අතින් ගෙන අනෙකකුගේ අතට දිය හැක්කක් නොවේ. ශබ්ධය පූජා කරමි යි තුනුරුවන් උදෙසා ගණ්ඨා බෙර ආදිය වැයීම ය, මිල දී පූජා පිණිස අනුන් ලවා වාදනය කරවීමය. ශබ්ද දානය වශයෙන් සලකා සුදුසු තැන්වල ගණ්ඨා ආදිය පිහිටවීම ය, ධර්ම කථිකයනට හඬ වැඩෙන - හඬ මිහිරි වන බෙහෙත් පිදීම ය, ධර්ම ඝෝෂා කිරීමය. ශබ්දදාන වශයෙන් සලකා බණ පිරිත් කීම ය, කියවීම ය යන ආදීහු ශබ්ධ දානයෝ ය.

ගන්ධදානය යනු සුවඳ දීම ය. ගන්ධය ද රූප ශබ්දයන් මෙන් ම වස්තුවෙන් උපුටා අතට ගෙන අනෙකකු අතට දිය හැකියක් නො වේ. ගන්ධ දාන වශයෙන් සලකා සුවඳ ඇත්තා වූ මල් ආදි වස්තූන් තුනුරුවනට පිදීම ද අන්‍ය ප්‍රතිග්‍රාහකයන්ට දීම ද ගන්ධ දානය ය.

මධුර තික්තාදි රසයන් දීම රස දානය ය. රසය ද ආහාරාදි වස්තුවෙන් උපුටා දිය හැක්කක් නො වේ. රසය දෙමි ය, මේ මාගේ රස දානය යි සලකා රසය ඇත්තා වූ ආහාර පානාදිය දීම රසදානය වේ.

ඵොට්ටබ්බ යනු සැපුණු කල්හි ශරීරයට සැප දුක් ඇති වන වස්තූන්ට නමෙකි. එක ම වස්තුව සැපීමෙන් ශරීරයට සැප දුක් දෙක ම ඇති වන බැවින්, දීම සඳහා සැපීමෙන් ශරීරයට සැපය පමණක් ඇති වන වස්තු කොටස් නැත. ඵොට්ඨබ්බ දාන වශයෙන් සලකා ශරීර සුඛයට හේතු වන වස්තු ඇඳ - පුටු - ඇතිරිලි - කොට්ට - මෙට්ට ආදිය දීම ඵොට්ඨබ්බ දාන ය.

රූප ශබ්දාදි අරමුණු පසට අයත් නො වන සියල්ල ම ධම්ම නම් වේ. ඒවායින් කවරක් හෝ දීම ධම්ම දාන නම් වේ. ආමිස දාන, අභය දාන - ධම්ම දාන යන තෙ වැදෑරුම් දානයෙහි කියැවෙන ධර්මදානය අනෙකකි. අභිධර්ම ක්‍රමයෙන් කරන දාන විභාගයේදී කියන මේ ධර්ම දානය අනෙකකි. තුන් ආකාර දානයට අයත් වූ ඇතැම් ආමිස දානය ද අභය දානය ද ධර්ම දානය ද ආරම්මණ භේදයෙන් කියන ධම්ම දානයට අයත් වේ.

ආරම්මණ භේදයෙන් කියන ධර්මදානය, ඕජා දාන - පාන දාන -ජීවිත දාන යන මොවුන් ගේ වශයෙන් දත යුතුය. කිරි - වෙඬරු - ගිතෙල් - මී පැණි - සකුරු - තලතෙල් ආදී ඕජා බහුල වස්තූන් ඕජා දාන වශයෙන් සලකා දීම ඕජා දාන නම් වේ. පිපාසාව සන්සිඳවීමේ අදහසින් පිපාසාව නසන පාන වර්ග දීම පාන දාන නම් වේ. ජීවිත දාන වශයෙන් සලකා දිවි පැවැත්වීමට වුවමනා ආහාර පාන බෙහෙත් ආදිය දීම ය, රෝගීන්ට වෙදුන් පමුණුවා දීම ය, බන්ධන වලට හසුවී සිටින සතුන් මිදවීම ය, දැල් ආදී සතුන් මැරීමේ උපකරණ විනාශ කරවීම ය යන ආදිය ජීවිත දාන නම් වේ. ඕජා දාන - පාන දාන - ජීවිත දාන යන මේවා ධර්ම දානයෝ ය. ධර්ම දාන දෙකක් ඇති බැවින් අවුල් විය හැකිය. අවුල් නොකර ගත යුතු ය." ...}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll