799. පංච වෙළඳාමට අයත් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බිත්තර වී, විසිතුරු මල් පැල, නා නා ප්‍රකාර බීජ වර්ග අතර කෘමි නාශක ද විකුණන වෙලෙන්දා බත සපයන ගොවියාට උපකාරයක් වශයෙන් හෝ සිතා එය සිදු කලත්, එය පාප කර්මයක් නේද? බුදුන් වහන්සේ ප්‍රතික්ශේප කල විශ වෙලදාමට එයත් අයත් වනවා නේද?

A. අනිවාර්යයෙන් ම අයත් වෙනව. පාප කර්මයක්මයි. සිල් ආරක්ශා කරන්නෙ දිවිහිමියෙන්.. කොටින්ම කිව්වොත් සීලය කියන්නෙ අවබොදයේ හා ශ්‍රද්දාවෙ ඵලයක්, අවබෝධයක් ඇති කෙනෙක් මෙවන් වෙලදාම් කරන්නෙ නෑ. මේක මම හිතලා මරන්නෙ නෑ කියල මගෙ චෙතනාවක් නෑ කියල හිත රවට්ටගෙන තෙරුමක් නෑ.

[R. "විසවණිජ්ජාති විසං කාරෙත්වා තස්ස වික්කයො."

R. "මංසවිසවණිජ්ජා වධහෙතුතො"]

{C / T. 177. ‘‘පඤ්චිමා , භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා - ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා’’ති. සත්තමං.
177. “මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
“කවර පසක්ද යත්? ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්‍රව්‍ය වෙළඳාමය, විෂ ද්‍රව්‍ය වෙළඳාමය යන පසයි.
“මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.
https://pitaka.lk/main?n=30277

27. පඤ‍්චිමා භික‍්ඛවෙ, වණිජ‍්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ‍්ච:
27. මහ‍ණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙණෙදම් පසෙකි. කවර පසෙකින් යත්:
සත්‍ථවණිජ‍්ජා, සත‍්තවණිජ‍්ජා, මංසවණිජ‍්ජා, මජ‍්ජවණිජ‍්ජා, විසවණිජ‍්ජා.
ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.
ඉමා ඛො භික‍්ඛවෙ, පඤ‍්ච වණිජ‍්ජා උපාසකෙන අකරණීයාති.
මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙණෙදම් පස යි.
https://tipitaka.lk/an-5-4-3-7/27-6/sinh

177.“පඤ්චිමා ¶, භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා – ඉමා ඛො, භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයා”ති. සත්තමං.
https://tipitaka.app/?a=de17-40-si

"සත්තමෙ ¶ සත්ථවණිජ්ජාති ආවුධභණ්ඩං කත්වා වා කාරෙත්වා වා කතං වා පටිලභිත්වා තස්ස වික්කයො. ආවුධභණ්ඩං කාරෙත්වා තස්ස වික්කයොති ඉදං පන නිදස්සනමත්තං. සූකරමිගාදයො පොසෙත්වා තෙසං වික්කයොති සූකරමිගාදයො පොසෙත්වා තෙසං මංසං සම්පාදෙත්වා වික්කයො. එත්ථ ච සත්ථවණිජ්ජා පරොපරාධනිමිත්තතාය අකරණීයා වුත්තා, සත්තවණිජ්ජා අභුජිස්සභාවකරණතො, මංසවිසවණිජ්ජා වධහෙතුතො, මජ්ජවණිජ්ජා පමාදට්ඨානතො. අට්ඨමං උත්තානමෙව."
https://tipitaka.app/?a=ne17-5-si

"සත්තමෙ ¶ සත්ථවණිජ්ජාති ආවුධභණ්ඩං කත්වා වා කාරෙත්වා වා කතං වා පටිලභිත්වා තස්ස වික්කයො. ආවුධභණ්ඩං කාරෙත්වා තස්ස වික්කයොති ඉදං පන නිදස්සනමත්තං. සූකරමිගාදයො පොසෙත්වා තෙසං වික්කයොති සූකරමිගාදයො පොසෙත්වා තෙසං මංසං සම්පාදෙත්වා වික්කයො. එත්ථ ච සත්ථවණිජ්ජා පරොපරාධනිමිත්තතාය අකරණීයා වුත්තා, සත්තවණිජ්ජා අභුජිස්සභාවකරණතො, මංසවිසවණිජ්ජා වධහෙතුතො, මජ්ජවණිජ්ජා පමාදට්ඨානතො. අට්ඨමං උත්තානමෙව."
https://tipitaka.app/?a=ne17-6-si}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll