623 - විරුද්ධ චෛතසිකයන්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. පහත චෛතසිකන්ට විරුද්ධ චෛතසිකයන් පහදා දෙන්න. (ඒවා සඳහන් කෙරෙන මූලාශ්‍ර ද ඇත්නම් ලබා දෙන්න)

ප්‍රීතිය
උපේක්ශාව
කරුනාව
මානය
කුක්කුච්චය

2. කුහක කම යනු කුමන ගුනයක් ද යන්න චෛතසික ආශ්‍රයෙන් පහදා දෙන්න.

තෙරුවන් සරණයි.

A. 1. ප්‍රීතිය - දෝසය (ද්වේෂය).
උපේක්ෂාව (තත්‍ර‍මජ්ඣත්තතා) - උද්ධච්චය.
කරුණාව - දෝසය.
මානය - ප්‍රඥාව.
කුක්කුච්චය - ප්‍රඥාව / එකග්ගතා / කායපස්සද්ධිය හා චිත්තපස්සද්ධිය.

2. කුහකකම ලෙස සමාජයේ භාවිතා වනුයේ ඊර්ෂ්‍යා සහගත බව හෝ ගුණමකු බව ආදියට බව පෙනේ - එසේ ගන්නේ නම්, ඉස්සා හෝ දෝස චෛතසික යි.
ධර්මානුකූලව සිතා බලන කල නම්, මෝහය (මෝහයේ ප්‍රඥා ස්වරූපය) ම යැයි කිව හැකි ය.

{අකුසල් චෛතසික 14ක් ඇතත්, කෙලෙස් 1500ක් ඇති බැවින්, එක ම චෛතසිකයේ නොයෙක් නොයෙක් ස්වරූපයන් බොහෝ ගණනක් ඇති බව කිව හැකි ය; සෑම අකුසල සිතක ම යෙදෙන යෙදෙන (අකුසල සාධාරණ) චෛතසික හතර ගැන ද අමතක කළ නො හැක; ලෝභ-ද්වේෂ-මෝහ හා අලෝභ-අද්වේෂ-අමෝහ චෛතසිකවල මූල භාවය ද සලකා බැලිය යුතු ම ය - කෙසේ වෙතත්, (ඉහත හා) මේ සියල්ල මාගේ පෞද්ගලික අදහස් ය.}

"අකුශල චෛතසික තුදුස

“මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාවය, මච්ඡරිය ය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාව ය යි අකුශල චෛතසික තුදුසෙකි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll