Q. අධිගම අන්තර්දානය ගැන ත්‍රිපිටකයේ සදහන් වෙනවාද?
A / R. “අටුවා පොත් කීපයක අධිගමාන්තර්ධාන කථා දක්නා ලැබේ. ඒවා එකිනෙකට සම නැත. එබැවින් ඒවා සාර වශයෙන් පිළිගත නො හැකිය. ඒ අන්තර්ධාන කථාවල සැටියටත් තවම අධිගමය ලැබිය හැකි කාලය ය. මින් ඉදිරියටත් ඒ කාලය ඇත්තේය.
කවරදා නමුත් අධිගමාන්තධානය වෙතත් වනුයේ කාලයේ වරදින් නොව පුද්ගලයින් විසින් පිළිවෙත් නොපුරා හැරීමෙනි. එක ජාතියෙක දී කරන උත්සාහයෙන් ම මහ-පල නොලැබිය හැකිය. මේ බුදුසසුනෙන් මඟ-පල ලැබීමට නිසි අය මඟ-පල ලබා අවසන වීමෙන් හෝ අධිගමාන්තධානය විය හැකිය.
මනුෂ්‍යයන් විසින් මඟ-පල ලැබීමට පිරිය යුතු පිළිවෙත් පිරීම හෙවත් විදර්ශනා වැඩීම හැර දැමූ පසු භාවනා මාර්ගය දත් අයත් නැති වී ගිය පසු නැවත බුදු කෙනකුන් බුදුවී නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන තෙක් පසේ බුදුවරුනට හැර අන්‍යයනට මඟපල නො ලැබේ. තථාගතයන් වහන්සේ ගේ ධර්මය පවතිද්දී විදර්ශනා භාවනා මාර්ගය තිබියදී කාල විපර්‍ය්‍යාසය නිසා මඟ-පල නොලැබෙතැයි කීම “ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස” යන බුදු වදනට විරුද්ධ මතයෙකි.”
A / R. "ශාසනය පවත්නා කාලය.
විනයපිටකයේ චූලවග්ගපාළියේ භික්ඛුනීඛන්ධකයේ හා අංගුත්තර නිකායේ ද දක්නා ලැබෙන පාඨයක් දක්වමින් ඇතැම්හු “මෙකල බුදු සස්නක් නැත, භික්සූන් නැත, දැනට සිටින භික්ෂූහූ භික්ෂු ප්‍රතිරූපකයන් මිස නියම භික්ෂූහූ නො වෙති ය, දැන් නියම සංඝරත්නය නැතය’යි පවසති. ඔවුන් ගෙනහැර දක්වන පාඨය මෙසේය.
“සචෙ ආනන්ද නලභිස්සා මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං ආනන්ද බ්‍රහ්මචරියං අහවිස්ස වස්සසහස්සං සද්ධම්මො තිට්ඨෙය්‍ය, යථො පි ඛො ආනන්ද මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො න දානි ආනන්ද බ්‍රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති, පඤ්චෙවදානි ආනන්ද වස්සසතානි සද්ධම්මො ඨස්සති.
සෙය්‍යථාපි ආනන්ද - පෙ - සෙය්‍යථාපි ආනන්ද පුරිසො මහතො තළකස්ස පටිගච්චේව ආළිං බන්ධෙය්‍ය යාවදෙව උදකස්ස අනතික්කමනාය. එවමෙව ඛො ආනන්ද මයා පටිගච්චේව භික්ඛුනීනං අට්ටගරුධම්මා පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයාති.”
මේ පාඨයේ කෙටි අදහස “වර්ෂ දහසක් පවත්නා සද්ධර්මය මාගමුන් බුදුසස්නෙහි පැවිදිවීම නිසා වර්ෂ පන්සියයක් පමණක් පවත්නක් වන්නේය. එසේ නොවී සද්ධර්මය වර්ෂ දහසක් ම පවතිනු පිනිස කලින් ම තථාගතයන් වහන්සේ විසින් භික්ෂුනීන්ට අෂ්ටගරු ධර්මය පනවන ලද්දේය” යනුයි.
පර්‍ය්‍යාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, ප්‍රතිවේධ සද්ධර්මය යි සද්ධර්ම තුනක් ඇත්තේ ය. ඉහත දැක් වු සුත්‍රයෙහි වර්ෂ දහසක් පවත්නේය යි වදාරා තිබෙන්නේ සද්ධර්ම තුනෙන් ප්‍රතිවේධ සද්ධර්මය යයි අටුවාවල කියා ඇත්තේ ය. “වස්සසහස්සං සද්ධර්මො තිට්ඨෙය්‍ය” යන පාඨයෙහි දැක්වෙන්නේ වර්ෂ දහසක් අංගසම්පුර්ණ ප්‍රතිවේධය පවත්නා බවත් ඉන් පසු ක්‍රමයෙන් පිරිහි යන බවත් මිස දැල්වෙමින් තිබෙන පහනක් සැණෙකින් නිවී යන්නාක් මෙන් වර්ෂ දහස පිරෙනු සමඟම ප්‍රතිවේධය සම්පුර්ණයෙන් අතුරුදහන් වීමක් නො වන බව ය.
“වස්සසහස්ස”න්ති වෙතං පටිසම්භිදාපභේදප්පත්ත ඛීණාසවානං වසෙනෙව වුත්තං, තතො පන උත්තරිම්’පි සුක්ඛවිපස්සක ඛීණාසව වසෙන වස්සසහස්සං, අනාගාමිවසෙන වස්සසහස්සං, සකදාගාමීවසෙන වස්සසහස්සං, සොතාපන්න වසෙන වස්සසහස්සන්ති එවං පඤ්චවස්ස සහස්සානි පටිවේධ සද්ධම්මො ඨස්සති.
(මනෝරථපූරණී)
මේ මනෝරථපූරණී අටුවා පාඨයෙන් පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂදහසක් ද, ශුෂ්කවිදර්ෂක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සකෘදාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද මෙසේ පන්දහසක් අවුරුදු ප්‍රතිවේධ ධර්මය පවත්නා බව දැක්වේ. පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ෂඬහිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්කවිදර්ෂක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, පෘථග්ජන භික්ෂුන් වශයෙන් වර්ෂ දහසක් ද, බුදු සසුන පවත්නා බව සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි කියා තිබේ. දැනට පවත්නේ බුදු සසුනේ තුන්වන වර්ෂ දහසය. මේ කාලය මනෝරථපූරණියෙහි කියන අන්දමට අනාගාමීන් සිටිය හැකි කාලයයි. දීඝනිකායට්ඨ කථාවෙහි දැක්වෙන අන්දමට ත්‍රීවිද්‍යාව ඇති රහතුන් සිටිය හැකි කාලයයි.
පිටකත්‍රය සංඛ්‍යාත පර්‍ය්‍යාප්ති සද්ධර්මය ලෙහෙසියෙන් සුළු කලකින් නැතිවිය හැකියක් නොවේ. ටික තැනක ටික දෙනෙක් අත පමණක් පවත්නා දේවල් ලෙහෙසියෙන් නැති වී යා හැකිය. පර්‍ය්‍යාප්ති සද්ධර්‍මය බොහෝ ගම්වල බොහෝ නගරවල බොහෝ පෙදෙස්වල බොහෝ රට වල බොහෝ භික්ෂුන් අතර පැතිර පවතින්නකි. එය එක විහාරයක නැති වුව ද තවත් දහස් ගණනක් විහාරවල පවති. එක ගමක එක රටක නැති වුව ද තවත් බොහෝ ගම් රටවල පවති. එබැවින් එය ලෙහෙසියෙන් නැති කළ නො හැකිය. එය කලින් කලට පැතිර පවත්නා ප්‍රදේශ අඩු වැඩි වෙමින්, දීර්ඝ කාලයක් පවතිනු ඇත. වර්ෂ පන්දහසකින් තබා දසදහසකිනුදු එය නැතිවෙතැයි නො සිතිය හැකි ය.
සද්ධර්‍මයේ මූලය පර්යාප්තියය. බෙහෙත් වට්ටෝරුව පවත්නා තුරු වුවමනා අයෙකුට බෙහෙත් සාදාගත හැකි බැවින් බෙහෙත් නැති වූයේ නොවේ. බෙහෙත් නැති වුයේය යි කිය යුත්තේ බෙහෙත් වට්ටෝරුව නැති වුව හොත්ය. එමෙන් ප්‍රතිපත්ති ප්‍රතිවේදයන් අති කර ගන්නා ක්‍රමය දක්වන පර්යාප්ති සද්ධර්මය පවත්නා තුරු ප්‍රතිපත්ති - ප්‍රතිවේධ දෙක අතුරුදහන් වී යයි නො කිය හැකිය. වුවමනා කෙනෙකුට පර්‍ය්‍යාප්තිය අනුව ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය ඇති කර ගත හැකිය. භික්ෂු පරම්පරාව සිඳි ගියහොත් මහණ කම හා උපසම්පදාව පමණක් නැවත ඇති කළ නො හැකිය.
සංඝරත්නය නොයෙක් රටවල පැතිර සිටින විශාල පිරිසකි. එක් පෙදෙසක එක් රටක භික්ෂුන් නැතිවී ගිය ද තවත් බොහෝ ප්‍රදේශ වල භික්ෂුහු වෙසෙති. එබැවින් බුදුරදුන් දිවමන් කල පටන් මේ වන තුරු භික්ෂු පරම්පරාව පැවත අවුත් තිබේ. බුදුරජාණන් වහන්සේගේ අදහස ලෝකයෙහි සද්ධර්මය හෙවත් ත්‍රිවිධ ශාසනය ඉදිරියට බොහෝ කලක් පැවැත්වීමය. එබැවින් උන්වහන්සේ විසින් සද්ධර්මය ඉදිරියට පවත්වා ගැනිමට උපදෙස් දීම් වශයෙන් සද්ධර්මයාගේ චිරස්ථිතියට හා පරිහානියට හේතු දක්වන සුත්‍ර බෙහෝ ගණනක් වදාරා ඇත්තේය. මාගේ මේ විනය ධර්‍මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා තථාගතයන් වහන්සේ විසින් ආඥාවන් පිහිටුවා නැත. භික්ෂූහු යම් තාක් කල් තථාගතයන් වහන්සේගේ විනය අනුව කුලපුත්‍රයන් පැවිදි කෙරෙත් නම් උපසම්පදා කෙරෙත්නම් එතෙක් සංඝරත්නය පවත්නේය. බුද්ධ කාලයේ පටන් අද දක්වා ම භික්ෂුන් විසින් එදා පැවති විනය අනුවම කුලපුත්‍රයන් පැවිදි උපසම්පදා කරගෙන අවුත් ඇති බැවින් අද වාසය කරන භික්ෂූන් නියම භික්ෂුන් නො වීමට, අද සංඝයා නියම සංඝයා නොවීමට කිසිදු හේතුවක් නැත. එදා බුදුරදුන් හා විසු සැරියුත් මුගලන් ආදි මහරහතන් වහන්සේ හා අද සිටින භික්ෂුන් වහන්සේ ද එක ම පිරිසකි. එදා විසු රහතන් වහන්සේලා හා අද සිටින පෘථග්ජන භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ එක ම ශ්‍රාවක සංඝරත්නය ය.
බොහෝ දහම් පොත් දක්නට ඇති බැවින්, ධර්‍මධරයන් දක්නට ඇති බැවින්, ධර්මදේශනා අසන්නට ඇති බැවින් මෙකල පර්‍ය්‍යාප්ති සද්ධර්මය ඇති නැති බව ගැන සැක කරන්නට කරුණක් නැත. ධර්මය අනුව පිළිවෙත් පුරන බොහෝ ගිහි පැවිද්දන් දක්නට ඇති බැවින් මෙකළ ප්‍රතිපත්ති සද්ධර්මය ඇත ද? නැත ද? කියා සැක කරන්නට කරුණක් නැ. “ඉමෙ ච සුභද්ද භික්ඛූ සම්මා විහාරෙය්‍යුං න සුඤ්ඤා ලොකො අරහන්තෙහි අස්ස’යි “සුභද්දය, මේ භික්ෂූහු මැනවින් වෙසේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය’යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක පවත්නා කල්හි ප්‍රතිවේධය නැතය’යි ද නො කිය හැකිය. ප්‍රතිවේධය නො පෙනෙන දෙයක් බැවින් එහි ඇති නැති බව කවදාවත් තේරුම් ගැනීම අපහසුය. වර්ෂ දහසකින් ශාසනය කෙළවර වේ නම් තථාගතයන් වහන්සේට “ඉමෙ ච සුභද්ද භික්ඛු සම්මා විහාරෙය්‍යුං න සුඤ්ඤා ලොකො අරහන්තෙහි අස්ස” යනු වදාරන්නට කරුණක් නැත."
[T / R. “භන්තෙ නාගසෙන, භාසිතම්පෙතං භගවතා ‘පඤ්චෙව දානි, ආනන්ද, වස්සසතානි (වස්සසහස්සානි) සද්ධම්මො ඨස්සතී’ති." (ගොතමීසුත්තං - (මහා පජාපතී) ගොතමී සූත්‍රය)
"බුදු සසුනේ ආයූෂ තව වසර 2450ක් ද?"]
A / R / T / C. "6. ශාසනායු ප්‍රශ්නය
මිලිඳු රජු -
ස්වාමීනි, බුදුපියාණෝ ආනන්ද තෙරුන්ට පන්දහසක් අවුරුදු සද්ධර්මය පවතින්නේය යයි වදාළහ. එසේනම් සුභද්‍ර පරිබ්‍රාජකයාට පිරිනිවන් පාන සමයෙහි “මාගේ ශාසනයෙහි භික්ෂුහු මනා ලෙස ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ නම් රහතුන්ගෙන් ලෝකය හිස් නොවෙයි.” යයි වදාළේ ඇයි?
නාගසේන තෙරණුවෝ -
මහරජ, බුදුපියාණෝ “ආනන්දයෙනි, කාන්තාවන් ශාසනයේ පැවිදි නොවුයේ නම් දස දහසක් අවුරුදු සද්ධර්මය පවතියි. දැන් සද්ධර්මය පවතින්නේ අවුරුදු පන් දහසක් පමණි” යයි වදාළහ. මෙහිදී බුදුපියාණෝ ශාසනයේ විනාශය ද, ඉතිරිවූ ශාසනායුෂය ද දෙවි මිනිසුන්ට වදාළහ. උපමාවකින් කිවහොත් යම්කිසි විපතකින් වස්තුව විනාශ වූ මිනිසෙක්” මාගේ මෙපමණ වස්තුව නැතිවී ගියේය. ඉතිරුවූ වස්තුව මෙපමණය” යයි පෙන්වා කියන්නාක් මෙනි. එසේම සුභද්‍ර පරිබ්‍රාජකයාට “මාගේ භික්ෂුහු මනා ලෙස වාසය කරන්නේ නම් (සීල සමාධි ප්‍රඥාවෙහි හැසිරෙන්නේ නම්) ලෝකය රහතුන්ගෙන් හිස් නොවෙයි” යයි නිර්මල වූ ශාසන ප්‍රතිපත්තිය දක්වා වදාළහ. සිහිල් ජලයෙන් පිරුණු විලක් ඇත්නම් නිරතුරු වසිනා වැස්සෙන් එය නිතර පිරේ නම් ඒ විලේ වතුර නොසිඳෙන්නාක් මෙනි. ඇවිළෙන ගිනි ගොඩකට නැවත නැවතත් වියළි තණකොළ, ගොම වැරටි දැමූ විට වඩ වඩාත් එය ඇවිළෙන්නාක් මෙනි. නොනිමෙන්නාක් මෙනි. මෙසේ සම්බුදු සසුන ප්‍රතිපත්තිය මුල් කර පවතියි. බබළයි.
බුදු පියාණන් පිරිනිවී කාලයක් යන තුරු භික්ෂුහු රහත් බව ලබති. කල් යාමේදී එසේ නොහැකිව අනාගාමී වෙති. සකෘදාගාමී වෙති. සෝවාන් වෙති. අවසන් සෝවාන් ලාභියාගේ ජීවිතය ක්ෂය වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් අධිගමනය අතුරුදහන් වෙයි. පසුව භික්ෂුහු භාවනා කර මාර්ගඵල උපදවා ගත නොහැකිව සීලය පමණක් රක්ෂා කරති. ඉන්පසුව ශික්ෂාපද පමණක් රකිති. කල් යාමේදී කුඩා කුඩා ශික්ෂාපදද කඩ කරති. වරද දුටු කල එකිනෙකාට චෝදනා නොකරති. මෙසේ සමථ විදර්ශනා ආදී භාවනා නොකරන සිල් පිරිසිදු නොකරන භික්ෂුහු ඇති වෙති. ඔවුන්ගේ ශිෂ්‍ය හිමිවරුද සිල් රැකීමට භාවනා කිරීමට අසමත් වෙති. එහෙත් උපසම්පදාව ලබති. පාපයට බැස සිටින එම භික්ෂුහු ධර්මයට කන් නොදෙන අතර ධර්මය තේරුම් නොගනිති. නූගත යුතු දේ උගන්නා අතර ධර්මය උගත යුතු බව, භාවිතා කළ යුතු බව නොසලකති. ශාසනය ලිහිල් කොට ගෙන සිව්පසය වැඩි කර ගැනීම පිණිස පිළිපදිති. ඔවුන්ගෙන් අන්තිම භික්ෂුවගේ ජීවිතය ක්ෂය වීමෙන් ප්‍රතිපත්තිය හෙවත් ධර්මය පිළිපැදීම අතුරුදහන් වෙයි.
අනාගතයේ රජදරුවෝ, ඇමතිවරු සහ රටවැසියෝ අධර්මිෂ්ඨ වෙති. කලට වැසි නොලැබෙයි. ගොවිතැන් පාලු වෙයි. සිවුපසය දිය නොහැකි වෙයි. ක්ලාන්ත වන භික්ෂුහු බුද්ධ වචනය උගන්වන්නට අසමත් වෙති. තමාටත් මතක තබා ගැනීමට අසමත්ව අටුවා හැර පාලි ධර්මය දරති. පාලි ධර්මයද දැරිය නොහැකි වෙති. අභිධර්ම පිටකය පිරිහෙයි. විනයත් පිරිහෙයි. යම්කිසි දිනෙක ධර්මිෂ්ට රජෙක් දහසින් බැඳි පියල්ලක් ඇතෙකු පිට තබා “බුදු දහමින් සතර පදයක බණ කියා මේ සියලු වස්තුව ගන්න” යයි තුන්වරක් නුවර වටේ යවාත් ධර්මය දන්නා කෙනෙක් නොලදින් මහා ශෝකීව හඬයි. ඒ දවස පර්‍යාප්තිය හෙවත් ධර්මය ඉගෙනීම අතුරුදහන් වෙයි.
කල් යාමේදී මහණහූ කුඩා කහ පාට රෙදි කැබැල්ලක් හිසේ, අතේ හෝ බෙල්ලේ බැඳගෙන “අපි උපසම්පන්නයම්හ” යයි කියමින් අඹුදරුවන් සමඟ කෘෂිකර්මයෙන්, වෙළෙඳාමෙන් ජීවත් වෙති. මිනිස්සු ඒ දුසිල් පවිටු මහණුන්ට කුසල් පතා සාංඝික කර දානය දෙති. එයද අනුසස් සහිතය. පසුව නොයෙක් වැඩවල යෙදෙන්නාවූ ඔවුහු මේ කහකඩින් වැඩක් නැතැයි එය කඩා දමති. ඒ දවස මහණ වේෂය අතුරුදහන් වෙයි.
බුදුපියාණන්ගේ ශාරීරික ධාතු පන්දහසක් අවුරුදු පවතියි. පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල් යාමේදී සෑම තැනම පූජා සත්කාර නොලැබෙයි. එකල ලෝ වැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කළ සියලු ධාතුන් වහන්සේ මහ බෝමැඩට වැඩ, බුද්ධ රූපයක් මැවෙයි. ඒ දකින දෙව් බඹහු “අද බුදුපියාණන්ගේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේය” යයි මහත් සංවේගයට පැමිණ නොයෙකුත් පුද පූජා පවත්වති. එවිට බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් එයින් නැගෙන ගින්නෙන් හැම ධාතු ආදාහනය කරයි. ඒ දවස ශාසනායුෂය ගෙවෙයි."
A / R. "ශාසනායුඃප්‍රශ්නය
නැවතත් මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, පන්සියයක් හවුරුදු මුළුල්ලෙහි දැන් අපගේ සද්ධර්මය පවත්නේ ය’ යි කියා මේ කාරණය වදාරණ ලද්දේ ය. නැවත ද පරිනිර්වාණසමයෙහි සුභද්‍ර නම් පරිබ්‍රාජකයන් විසින් ප්‍රශ්න අසන ලද්දා වූ භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ විසින් ‘සුභද්‍රයෙනි, මාගේ ශාසනයෙහි මේ භික්ෂූහු මනා කොට වාසය කරන්නාහු වූ නම්, රහතුන්ගේ ලොකය අශූන්‍ය වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. මේ අශෙෂ වූ වචනයෙක. මේ නිරවශෙෂ වචනයෙක. අන්‍ය කාරණා විරහිත වූ (142) වචනයෙක. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් “පඤ්චෙවදානි ආනන්ද වස්ස සතානි සද්ධම්මො ඨස්සතී” තී කියා වදාරණ ලද්දේ වී නම්, ඒ හෙයින් “අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සා’ ති කියා යම් වචනයක් වදාරණ ලද ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේ විසින් ‘අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සා’ ති කියා වදාරණ ලද්දේ වී නම්, එහෙයින් ‘පඤ්චෙවදානි ආනන්ද වස්සසතානි සද්ධම්මො ඨස්සතී’ ති කියා වදාළ ඒ වචනය හෝ බොරු වන්නේ ය. මේ උභතොකොටික ප්‍රශ්නයතෙමේත් අවුලෙනුත් අවුල්තර වූයේ ය. බලයෙනුත් බලවත්තර වූයේ ය. බලවත් ග්‍රන්ථිස්ථානයෙනුත් ග්‍රන්ථිතර වූයේ ය. ඒ ප්‍රශ්නයතෙම නුඹ වහන්සේ කරා පැමිණියේ ම ය. මහා සාගරාභ්‍යන්තරට පැමිණ දිය යට ඔබ මොබ ක්‍රීඩා කරණ මකර නම් මත්ස්‍යයකු මෙන් ඒ ගම්භීර වූ ප්‍රශ්න නමැති සාගරයෙහි ලා නුඹ වහන්සේගේ ප්‍රඥාබලවිස්ථාරය දක්වා වදාළ මැනැවැ” යි කීහ.
“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්දයෙනි, අපගේ දැන් මේ ප්‍රතිපත්තිසද්ධර්මය වර්ෂපන්සියයක් මුළුල්ලෙහි නො නැසී සිටින්නේ ය’ යි කියා මේ කාරණයත් වදාරණ ලද්දේ ය. නැවැත පරිනිර්වාණ සමයෙහි ද ප්‍රශ්න විචාල සුභද්‍ර නම් පරිබ්‍රාජකයා හට ‘සුභද්‍රයෙනි, මාගේ ශාසනයෙහි මේ භික්ෂූහු දුස්සීලාදීනවයක් නැති ව මනා කොට වාසය කරන්නාහු වූ නම්, ලොකයතෙම රහතුන්ගේ අශූන්‍ය වන්නේ ය’ යි කියාත් වදාරණ ලද්දේ ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ඒ වදාළ වචනය නානාර්ථ ද වන්නේ ය. නානා ව්‍යංජන ද වන්නේ ය. මේ ශාසනයාගේ ආයු පරිච්ඡෙදය වන්නේ ය. මේ ප්‍රතිපත්තියගේ දැක්වීම වන්නේ ය. ඒ කාරණයෝ දෙදෙනෙක් ම ඔවුනොවුන්ට දුරින් දුරු වන ලද්දාහු ය. මහරජානෙනි, යම් සේ අහස පොළොව කෙරෙන් දුරින් දුරු වන ලද ද, නරකය ස්වර්ගය කෙරෙන් දුරින් දුරු වන ලද ද, කුශලධර්මය අකුශලධර්මය කෙරෙන් දුරින් දුරු වන ලද ද, කායචිත්තදුක්ඛය කායචිත්තසැපය කෙරෙන් දුරින් දුරු වන ලද ද, එපරිද්දෙන් ම මහරජානෙනි, ඒ කාරණයෝ දෙදෙන ඔවුනොවුන්ට දුරින් දුරු වන ලද්දාහු ය. මහරජානෙනි, එතෙකුදු වුවත් තොපගේ විචාරීම සිස් නො වන්නේ ය. අර්ථරසය වශයෙන් තොපට සංසන්දනය කොට මම කියමි. ‘පඤ්චෙවදානි ආන්නද වස්සසතානි සද්ධම්මො ඨස්සති’ යි කියා යම් වචනයක් භාග්‍යවතුන් වහන්සේ වදාළසේක් ද, ඒ වචනය ශාසනයාගේ නැසීම දක්වමින් ඉතිරි ව සිටි ශෙෂයන් පිරිසිඳ වදාළසේක. ‘ආනන්දයෙනි, භික්ෂුණීහු ශාසනයෙහි පැවිදි නො වූවාහු වූ නම්, ශාසනයත් චිරස්ථායික වේ නම්, දහසක් හවුරුදු සද්ධර්මය සිටින්නේ ය. ආනන්දයෙනි, පන්සියයක් හවුරුදු දැන් මේ සද්ධර්මය සිටින්නේ ය’ යි කියා වදාළසේක. කිමෙක් ද, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරමින් සද්ධර්මයාගේ අන්තර්ධානය හෝ කීසේක් ද? ප්‍රතිවෙධ ධර්මය හෝ වළක්වා වදාළසේක් දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ.
“මහරජානෙනි, අධිගමසද්ධර්මයාගේ විනාශය දක්වා වදාරමින් ශෙෂ ව සිටි ශාසනයාගේ ආයුසයත් දක්වා වදාරමින් පිරිසිඳ වදාළසේක. මහරජානෙනි, යම් සේ (143) නැසුනු අය ඇත්තා වූ පුරුෂයෙක්තෙම නො නැසී ශෙෂ ව සිටි සියල්ල ගෙණ මහජනයාට ‘පින්වත්නි, මාගේ මෙපමණ වූ බඩු නැසී ගියේ ය. ඉතිරි වූ බඩු මෙපමණ ය’ යි කියා දක්වා කියන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ ශාසනයාගේ විනාශය දක්වා වදාරමින් ‘ආනන්දයෙනි, පන්සියයක් හවුරුදු මුළුල්ලෙහි දැන් මාගේ ශාසනසද්ධර්මය පවත්නේ ය’ යි කියා සියලු දිව්‍යමනුෂ්‍යයන්ට ඉතිරි වූ ශාසනායඃශෙෂය වදාළසේක. මහරජානෙනි, සර්වලොකෛකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පඤ්චෙවදානි ආනන්ද වස්සසතානි සද්ධම්මො ඨස්සති’ ති කියා මේ වචනයක් වදාරණ ලද ද, ඒ ශාසනආයු පරිච්ඡෙදය වන්නේ ය. පිරිනිවන්පානා සමයෙහි සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට ශ්‍රමණයන් දක්වා වදාරමින් ‘සුභද්‍රයෙනි, මාගේ මේ භික්ෂූහු මනා කොට වසාය කරන්නාහු වූ නම්, ලොකය රහතුන්ගෙන් අශූන්‍ය වන්නේ ය’ යි කියා යමක් වදාළසේක් ද, මේ වදාළ දෙශනාතොමෝ නිර්මල වූ ශාසනප්‍රතිපත්තිය දක්වන්නී ය. මහරජානෙනි, තෙපි වනාහි ‘ඒ ශාසනායුඃපරිච්ඡෙදයත් ප්‍රතිපත්ති දැක්වීමත් දෙක එක ම අර්ථරසයකැ’ යි සිත්හි කරන්නහු ද? ඉදින් වනාහි තොපගේ ඒ බව අසාපියන කැමැත්තෙක් ඇත්තේ වී නම්, එක අර්ථරසයක් කොට මම කියමි. තෙපි අන්‍යවිහිත නො වූ සිතින් යුක්ත ව මනා කොට අසව. එපවත් සිත්හි කර ගණුව. මහරජානෙනි, මේ ලොකයෙහි සිසිරතර නවුන්ජලයෙන් සම්පූර්ණ වූ හාත්පසින් ඉතිරී යන්නා වූ ජලප්‍රමාණයෙන් පරිච්ඡින්න වූ හාත්පසින් වට කොට බඳන ලද වැවු බැම්මෙන් වට කරණ ලද්දා වූ විලෙක් වේ ද, ඒ තළාකයෙහි ජලය නො සිඳුනු කල්හි ම ඒ ජලය මත්තෙහි මහාමෙඝය ද කඩ නො වී අනු ව බැඳ ගණිමින් නැවැත නැවැතත් වර්ෂා කරන්නේ වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ තළාකයෙහි ජලය ක්ෂය වීමට විනාශ වීමට යේ ද?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, ඒ කුමන කාරණාවකින් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, මෙඝයාගේ අනුබන්ධන බැවිනැ” යි කීහ.
“මහරජානෙනි, එපරිද්දෙන් ම සර්වඥශාසනවරසද්ධර්මතළාකය තෙම ආචාරසීල ගුණවන්ත ප්‍රතිපත්ති නමැති නිර්මල වූ නවුන්ජලයෙන් සම්පූර්ණ ව ඉතිරෙමින් යට අජටාකාශයෙන් පටන් මත්තෙන් භවාග්‍රය දක්වා සරස දසදහසක් සක්වළ අභිභවනය කෙරෙමින් සිටියේ ය. ඉදින් ඒ සර්වඥශාසනයෙහි බුද්ධපුත්‍රයෝ ආචාරසීල ගුණවන්ත ප්‍රතිපත්ති නමැති මහාමෙඝවර්ෂාව පසු පසුවත් අනුබන්ධනය කරන්නාහු වී නම්, මෙසේ මේ සර්වඥශාසනවර සද්ධර්මතළාකය බොහෝ වූ දීර්ඝකාලයක් මුළුල්ලෙහි සිටින්නේ ය. රහතුන්ගෙන් ද ලොකය සිස් නො වන්නේ ය. මේ අර්ථය සඳහා අප භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සුභද්‍රයෙනි, මාගේ මේ භික්ෂූහු මනා කොට ප්‍රතිපත්තියෙහි පිහිටා වාසය කරන්නාහු වූ නම්, රහතුන්ගේ ලොකය අශූන්‍ය වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. මහරජානෙනි, මේ ලොකයෙහි වනාහි දිලියෙමින් ඇවිළෙන්නා වූ මහ ගිනිකඳෙක, පසු පසුවත් වියළුනා වූ තෘණකාෂ්ට ගොමවැරටි උපාසංහරණයෙන් බහාලන්නා වූ නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාගිනි කඳ නිවි යේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, නැවැත නැවැතත් ඒ ගිනි කඳ දිලියෙන්නේ ය. නැවැත නැවැතත් ප්‍රභාවත් වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම දශසහශ්‍රීලොකධාතුයෙහි (144) සර්වඥශාසනවරය ආචාරසීල ගුණවන්ත ප්‍රතිපත්තියෙන් දිලියෙන්නේ ය. ප්‍රභාවත් වන්නේ ය. ඉදින් වනාහි, මහරජානෙනි, එයින් මත්තෙහි බුද්ධපුත්‍ර වූ ශ්‍රාවකයෝ සර්වඥබොධිය සිහි කරන්නා වූ විශුද්ධශ්‍රද්ධායෙන් හා ප්‍රධානක්ෂම වූ අල්පාබාධතායෙන් හා අමායාකාරභූත වූ අසඨතායෙන් හා අකුශලධර්මයන් දුරු කිරීම පිණිසත් කුශලධර්මයන් උපදවන පිණිසත් පවත්නා අරබ්ධවීර්යයෙන් හා මනා කොට ම සියලු දුක් ක්ෂය කිරීම පිණිස පවත්නා වූ උදයත්ථගාමිනී ප්‍රඥායෙන් යුක්ත වීමෙන් හා යන මේ පඤ්චවිධ වූ ප්‍රධානියාංගයෙන් සමන්නාගත වූවාහු නිරන්තරයෙන් අප්‍රමාද ව වීර්ය කරන්නාහු ය. ත්‍රිවිධශික්ෂායෙහි ආලය උපදවා හික්මෙන්නාහු ය. චාරිත්‍රවාරිත්‍ර වශයෙන් විවිධ වූ ශීලය සම්පූර්ණ කොට පූරණය කරන්නාහු ය. මෙසේ ඇති කල මේ සර්වඥශාසනවරය බොහෝ සෙයින් වඩවඩා බොහෝ දීර්ඝකාලයක් මුළුල්ලෙහි නිර්මල ව සිටින්නේ ය. රහතුන්ගෙන් ලොකය අශූන්‍ය වන්නේ ය. මෙම අර්ථය සඳහා අප භාග්‍යවතුන් වහන්සේ විසින් සුභද්‍රයෙනි, මාගේ ශාසනයෙහි මේ භික්ෂූහු මනා ව විහරණය කරන්නාහු වූ නම්, රහතුන්ගේ ලොකය අශූන්‍ය වන්නේ ය’ යි කියා වදාරණ ලද්දේ ය. තවද මහරජානෙනි, මේ ලොකයෙහි වනාහි සිනිඳු සුමර්දිත ප්‍රභාවත් වූ යහපත් වූ කැඩපතක් මෘදු වූ සියුම් ගුරුචූර්ණයෙන් නැවත නැවැතත් මදින්නාහු වූ නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ කැඩපතෙහි මලකඩ මඩ රජස් කඳුළු උපදී දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, එකාන්තයෙන් ම කැඩපත නිර්මලතර වන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම සර්වඥ ශාසනප්‍රවරය ප්‍රකෘතියෙන් ම අත්‍යන්ත නිර්මල ය. පහ වූ කෙලෙස්මල ඇත්තේ ය. පහ ව ගිය කෙලෙස් රජස් කඳුළු ඇත්තේ ය. ඉදින් බුද්ධපුත්‍ර වූ සංඝයා වහන්සේ ආචාරසීල ගුණවන්ත වූ ප්‍රතිපත්ති සල්ලෙඛධුතාංග ගුණයෙන් ඒ සර්වඥශාසනප්‍රවරය සල්ලෙඛනය කළාහු වූ නම්, මෙසේ කළ මේ ජිනශාසනප්‍රවරය බොහෝ දීර්ඝකාලයක් මුළුල්ලෙහි නිර්මල ව සිටින්නේ ය. රහතුන්ගෙන් ලොකය අශූන්‍ය වන්නේ ය. මෙම අර්ථය සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සුභද්‍රයෙනි, මාගේ ශාසනයෙහි මේ භික්ෂූහු මනා කොට ම ප්‍රතිපත්තියෙහි විහරණය කරන්නාහු වූ නම්, රහතුන්ගෙන් ලොකය සිස් නො වන්නේ ය’ යි කියා පිරිනිවන් සමයෙහි වදාරණ ලද්දේ ය. මහරජානෙනි, ශාස්තෘශාසනය ප්‍රතිපත්තිය ම මුල් කොට ඇත්තේ ය. ප්‍රතිපත්තිය ම සාර කොට ඇත්තේ ය. ප්‍රතිපත්තිය අන්තර්ධාන නො වූ කල්හි ම සිටින්නේ ය” යි කීසේක.
එවිට රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සද්ධර්මාන්තරධානය යි කියා යමක් නුඹ වහන්සේ කියනසේක් ද, ඒ සද්ධර්මාන්තරධානය කවරේ දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, මේ ශාසනාන්තර්ධානයෝ තුන් දෙනෙක. ඒ තුන්දෙන කවරේ ද? අධිගමඅන්තර්ධානය, ප්‍රතිපත්තිඅන්තර්ධානය, ලිංගඅන්තර්ධානය යි, මහරජානෙනි, අධිගමඅන්තර්ධානය වූ කල්හි මනා ව පිළිපන්නාහටත් ධර්මාභිසමය නො වන්නේ ය. ප්‍රතිපත්තිය අන්තරහිත වූ කල්හි ශික්ෂාපදප්‍රඥප්තිය අන්තර්ධාන වන්නේ ය. මහණවෙස ම සිටින්නේ ය. මහණවෙස අන්තර්ධාන වූ කල්හි ශාසනායුඃප්‍රවෙණිය සිඳීම වන්නේ ය. මේ ත්‍රිවිධඅන්තර්ධානයෝ ය. මහරජානෙනි, තව ද, එම අන්තර්ධානයෝ (145) පර්‍ය්‍යාප්ති ධාතු වශයෙන් පඤ්චවිධ වේ. එහි බුදුන් පිරිනිවී දහසක් හවුරුදු මුළුල්ලෙහි භික්ෂූහු සිව්පිළිසිඹියායෙන් යුක්ත වූ රහත්ඵල උපදවති. කල් යාමෙන් එසේ නො හැකි ව ෂඩභිඥාවෙන් යුක්ත වූ රහත් ඵල උපදවති. කල් යත් යත් එසේත් නො හැකි ව ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වූ රහත්ඵල උපදවති. මෙම ක්‍රමයෙන් පිරිහී ශුෂ්කවිදර්ශක වෙති. අනාගාමී වෙති. සකෘදාගාමී වෙති. සෝවාන් වෙති. පශ්චිම සෝවාන්හුගේ ජීවිතක්ෂය වීමෙන් අධිගමය අන්තර්ධාන වෙයි.
“එකල භික්ෂූහු භාවනානුයොගයෙහි යෙදී වීර්ය කරත්. උපචාර අර්පණා කසිණාලොකමාත්‍රයකුදු නො ලැබ කුසීත ම ‘අහෝ! මෙකලට අධිගමය පිරිහී ගියේ ය. අපි අකාරණයෙහි වීර්ය කරම්හ. කෙතෙක් වීර්ය කළත් අධිගමය නො ලැබේ ම ය’ යි සිතා චතුපාරිසුද්ධිසීලය ම නිර්මල කොට රක්ෂා කෙරෙති. කල් යාමෙන් ඒ ශීල රක්ෂායෙහිත් ඔවුනොවුන්ගේ සාකච්ඡාවකුත් නැත්තෙන් කෞසීද්‍ය බහුල ව ක්ෂුද්‍රානුක්ෂුද්‍ර ශික්ෂාපද මර්දනය කරති. කල් යාමෙන් භය හැරී මහත් මහත් ශික්ෂා පද මර්දනය කෙරෙමින් සතරපාරාජිකාපත්තිය ම රක්ෂා කෙරෙති. අන්තිම භික්ෂුහුගේ ජීවිතය ක්ෂය වීමෙන් ප්‍රතිපත්තිය අන්තර්ධාන වන්නේ ය. අනාගත වූ කලියුගයෙහි රජ්ජුරුවෝ අධර්මිෂ්ඨ වෙති. ඒ දැක අමාත්‍යයෝ ද ජනපදවාසිහු ද අධර්මිෂ්ඨ වෙති. එකල වස්සවළාහකයෝ අසන්තොස ව කලට වැසි නො වස්වති. එකල මනුෂ්‍යයන්ගේ ශස්‍යඵලයන් අසම්ප්‍රාප්ත ව භික්ෂූන්ට සිවුපසය දෙන්ට අසමර්ථ වෙති. සිවුපසයෙන් ක්ලාන්ත වූ භික්ෂූහු ශිෂ්‍යයන්ට බුද්ධවචනය උගන්වන්ට අසමර්ථ වෙති. කල් යාමෙන් තුමූත් ධරන්නට අසමර්ථ ව සියලුම අටුවා හැර වදාළ පාළිධර්මය ම ධරන්නාහු ය. කල් යාමෙන් සියලු ම පාලිධර්මය ධරන්නට අසමර්ථ වෙති. එකල ගම්භීරාර්ථ තද පද ඇති අභිධර්මපිටකය පිරිහෙයි. ඊට අනතුරු ව සූත්‍රපිටකයත් පිරිහෙයි. ශීලාචාරසම්පන්න වූ භික්ෂූහු විනයපිටකය ධරන්නාහ. ලාභසත්කාරකීර්ති ප්‍රශංසාකාමී වූ භික්ෂූහු ජාතක ධරන්නාහු ය. කල් යාමෙන් සියලු ම ජාතකත් ධරන්නට අසමර්ථ ව පිරිහෙන්නේ ය. විනයපිටකයත් ක්‍රමයෙන් ම පිරිහෙන්නේ ය. යම් දවසෙක කලියුගයෙහි ධර්මිෂ්ඨ රජෙක් බණ අසනු කැමැති ව දහසින් බැඳි පියල්ලක් රන්සිවි ගෙයක නඟා ඇත්කඳ පිටත බා ‘බුදුන් දෙසූ බණීන් සතරපදයකින් බණ කියා මේ සියලු ම වස්තුව ගණීවා’ යි තුන්යළක් නුවර ප්‍රදක්ෂිණා කරවා බණ දන්නෙකු නො ලදින් මහාශොකී ව හඬන්නේ ය. එදවස් පර්යාප්තිය අන්තර්ධාන වන්නේ ය.
“අනාගතයෙහි භික්ෂූන්ගේ චීවරග්‍රහණ පාත්‍රග්‍රහණ හස්තපාදයන් හකුළුවා ලීම් දිග හැරීම් ඉදිරි පසු බැලීම් ප්‍රාසාදික නො වන්නේ ය. ලබු කබල් ගෙණ යන නිගණ්ඨශ්‍රාවකයන් සෙයින් භික්ෂූහු පාත්‍ර අග්‍රබාහුවෙන් හෝ ගෙණ ඇවිදිති. සහල්ලෙක හෝ තබා එල්වා ගෙණ හෝ ඇවිදිති. සිවුරු ද යහපත් කොට කපා ගොතා, පඬු පොවා නො හැඳ ඔටුවන්ගේ අස්ථිවර්ණ කොට ගෙණ හඳිති. කල් යාමෙන් කුඩා කහකඩක් හස්තයෙහි හෝ ග්‍රීවයෙහි හෝ හිසෙහි හෝ බැඳ ගෙණ ‘අපි උපසම්පන්නයම්හ’ යි කියා අඹුදරුවන් හා සමග කෘෂිවණික්කර්මාන්තයෙන් ජීවත් වෙති. ඒ කාසාවකණ්ඨ නම් දුස්සීලපවිටුමහණුන්ට කුසල් පතා (146) සංඝගත කොට සිවුපසය දෙන්නාහු ය. ඒ දානය ද අසංඛෙය්‍ය අප්පමෙය්‍යානිසංස වන්නේ ය. කල් යාමෙන් ඒ දුස්සීලයෝ නානාවිධ කර්මාන්තයෙහි හැසිරෙන්නාහු ‘මේ කුඩා කහකඩින් අපට කම් කිම් දැ?’ යි කියා කහකඩ දමා පියති. එදවස් මහණවේසය අන්තර්ධාන වන්නේ ය.
“මෙසේ, අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්තිය යි කියන ලද ත්‍රිවිධ ශාසනය හා ලිංගාන්තර්ධානය වූ කල්හි ශෙෂ ව සිටි ශාරීරිකධාතු ම පන්දහසක් හවුරුදු පවත්නේ ය. එකල සත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳවීමෙන් පූජාසත්කාර නො ලබන්නා වූ ධාතූන් වහන්සේ බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජාසත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල් යාමෙන් හැම තැන ම පූජාසත්කාර නො ලැබෙයි. එකල බුදුන් ධරමාන කාලයෙහි ලෝවැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කර වදාළ හැම ධාතුන් වහන්සේ අධිෂ්ඨානබලයෙන් ලක්දිව රුවන්වැලිමහසෑයට වඩිති. එතැනින් නාගදිවයින රාජායතන නම් චෛත්‍යයට රැස් වෙති. එයින් මහබෝමැඩ කරා වඩිති. එකල දෙව්ලොවිනුත් නාලොවිනුත් මිනිස් ලොවිනුත් හැම ධාතුහු ම බෝමැඩට රැස් වූ කල තුදුස්රියන් වජ්‍රාසනය පැන නැඟෙයි. ඊමත්තෙහි බුදුන් බුදු වූ දා දුටු දිව්‍යබ්‍රහ්මයන්ට සන්තොස උපදවමින් සැඟවී සිට එළි බැස වදාළ කලක් මෙන් දොළොස්රියන් බුදු වෙස් ගෙණ වැඩ සිටි කල්හි ඒ ධාතු බුද්ධශරීරයෙන් නීලපීතාදි වූ සවණක් ඝනබුදුරැස් විහිද බඹලොව දක්වා නැඟී පැතිර ගෙණ අනන්තාපරිමාණ සක්වළට දිවන්නේ ය. ඒ දැක දිව්‍යබ්‍රහ්මනාගසුපර්ණයක්ෂරාක්ෂසාදීහු ‘අහෝ! අප ලොවුතුරා බුදුන්ගේ ධාතුපරිනිර්වාණය අද දවස් වන්නේ ය’ යි මහත් වූ සංවෙගයෙන් ක්ෂණයකින් දිව අවුත් අනෙකවිධ වූ පූජොත්සවයට පටන් ගණිති. එකල ධාතු බුද්ධරූප වහන්සේ ජීවමාන බුදුන් සෙයින් යමකප්‍රාතිහාර්ය කොට වැඩ සිටි කල්හි බුදුන්ගේ අධිෂ්ඨානයෙන් ඒ ශරීරයන් ගිනි නැඟී බඹලොව දක්වා ගිනිදැල් නඟා හැම ධාතු ආදාහනය කරන්නේ ය. එකල බුදුන් පිරිනිවි දා සෙයින් මුළුලොව මහා ශොක පත් වන්නේ ය. එදවස් ශාසනායුෂය ගෙවා ධාතු අන්තර්ධාන වන්නේ ය.
මෙසේ නාගසෙනස්ථවිර ස්වාමීන් වහන්සේ “ඉදින් බුදුරජානන් වහන්සේ ‘ආනන්දයෙනි, මාගේ ශාසනය පන්සියයක් හවුරුදු පවත්නේ ය’ යි කියා වදාළ කාරණය සැබෑ වී නම්, ‘සුභද්‍රයෙනි, මාගේ භික්ෂූහු දුස්සීලදීනවයක් නැති ව මනා ව වාසය කරන්නාහු වූ නම් රහතුන්ගේ ලොකය සිස් නො වන්නේ ය’ යි කියා වදාළ කාරණය බොරු වන්නේ ය” යි කියා උභතොකොටිකප්‍රශ්නය විචාළ මිලිඳුරජහට ඒ කාරණා දෙක ම සැබෑ කොට වදාළ කල්හි අතිප්‍රසන්න වූ මිලිඳු මහරජානෝ ‘යහපත, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ප්‍රශ්නයතෙම මනා කොට ම අවබොධ කර වදාරණ ලද්දේ ය. අර්ථගම්භීරය ලැහැල්ලු කරණ ලද්දේ ය. අර්ථගැටය බිඳින ලද්දේ ය. එහෙයන් ප්‍රවරගණීන්ද්‍රප්‍රධාන වූ නුඹ වහන්සේ කරා පැමිණ පරවාදීහු නෂ්ට වූහ. භග්න වූහ. නුඹ වහන්සේ විසින් නිෂ්ප්‍රභ කරණ ලද්දාහු ය” යි කියා ස්තුති කළහ.
ශාසනායුඃප්‍රශනය නිමි."
A / R. "යං ¶ පනෙතං සබ්බසුත්තානං පරියොසානෙ තෙචිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති වුත්තං, තත්ථ පඤ්ච අන්තරධානානි නාම අධිගමඅන්තරධානං, පටිපත්තිඅන්තරධානං, පරියත්තිඅන්තරධානං, ලිඞ්ගඅන්තරධානං, ධාතුඅන්තරධානන්ති ¶. තත්ථ අධිගමොති චත්තාරො මග්ගා, චත්තාරි ඵලානි, චතස්සො පටිසම්භිදා, තිස්සො විජ්ජා, ඡ අභිඤ්ඤාති. සො පරිහායමානො පටිසම්භිදාතො පට්ඨාය පරිහායති. බුද්ධානං හි පරිනිබ්බානතො වස්සසහස්සමෙව පටිසම්භිදා නිබ්බත්තෙතුං සක්කොන්ති, තතො පරං ඡ අභිඤ්ඤා, තතො තාපි නිබ්බත්තෙතුං අසක්කොන්තා තිස්සො විජ්ජා නිබ්බත්තෙන්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ තාපි නිබ්බත්තෙතුං අසක්කොන්තා සුක්ඛවිපස්සකා හොන්ති. එතෙනෙව උපායෙන අනාගාමිනො සකදාගාමිනො සොතාපන්නාති. තෙසු ධරන්තෙසු අධිගමො අනන්තරහිතො නාම න හොති. පච්ඡිමකස්ස පන සොතාපන්නස්ස ජීවිතක්ඛයෙන අධිගමො අන්තරහිතො නාම හොති. ඉදං අධිගමඅන්තරධානං නාම."