995. මැරුණ ගමන් ම ඉපදෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. චුති සිතෙන් පසුව නැවත මවු කුසක ප්‍රතිසන්දිය ඇති වෙනවානම් මේ හිස් අවකාසය තුල කාය දසක වස්තු දසක භාව දසක ලෙස ඇතිවෙවි නැතිවීයන සිත් හා රූප පරම්පරවක් බිහිවෙනවාද පසුව මවු කුසකට ඇදී පවතිනවාද? චුති සිතෙන්ම පසුව ප්‍රතිසන්දියම මවුකුසක ක්ශනයකින් පහල වෙනවාද? එසේ විය හැක්කේ කෙසේද?

A. චුති සිතෙන් පසුව නැවත (ජලාබුජ වශයෙන්) මවු කුසක ප්‍රතිසන්ධිය ඇති වෙනවා නම්, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඇති වන්නේ (සාමාන්‍යයෙන්) මවු කුසක මිස හිස් අවකාශය තුළ නොවේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය මවු කුසක පහළ වීමට නම් මවු කුසක් සකස් වී තිබිය යුතුයි. එසේ සකස් වූ මාර්තෘ ගර්භ විශාල සංඛ්‍යාවක් විශ්වය පුරා තියෙනවා; නමුත් කර්මානුරූපව ඉන් එක් මව් ගැබක පිළිසිඳ ගන්නවා.

Q. ජාති සංජාති මොක්කන්ති කියන්නේ කුමක්ද ස්වාමීන්වහන්ස?

A. "ජාති නිර්දේශයේ - උපදී, හටගනියි ආදියෙහි ඉපදීම් අර්ථයෙන් “ජාති” නම් වේ. එය පරිපූර්ණ නොවූ ආයතන වශයෙන් කියන ලදී. හටගනියි යන අර්ථයෙන් “සඤ්ජාති” නම් වේ. පරිපූර්ණ වූ ආයතන වශයෙන් කියන ලදී. බැසගැනීම - ඇතුල්වීම යන අර්ථයෙන් “ඔක්කන්ති” නම් වේ. එය අණ්ඩජ, ජලාබුජ වශයෙන් කියන ලදී. ඔවුහු අණ්ඩකෝෂයට ද ගර්භාෂයට ද බැසගන්නාක් මෙන් පිළිසිඳ ගනිති. ඉපදීම් අර්ථයෙන් “අභිනිබ්බත්ති” නම් වේ. එය ‘සංසේදජ’ හා ඕපපාතික වශයෙන් කියන ලදී. ඔවුහු ප්‍රකටව ම පෙනෙමින් උපදිති. පහළවෙති. මේ දක්වා කරන ලද්දේ වෝහාර දේශනාවයි."

"ජාතිනිද්දෙසෙ ¶ ජාති සඤ්ජාතීතිආදීසු ජායනට්ඨෙන ජාති, සා අපරිපුණ්ණායතනවසෙන යුත්තා. සඤ්ජායනට්ඨෙන සඤ්ජාති, සා පරිපුණ්ණායතනවසෙන යුත්තා. ඔක්කමනට්ඨෙන ඔක්කන්ති, සා අණ්ඩජජලාබුජවසෙන යුත්තා. තෙ හි අණ්ඩකොසඤ්ච වත්ථිකොසඤ්ච ඔක්කමන්තා පවිසන්තා විය පටිසන්ධිං ගණ්හන්ති. අභිනිබ්බත්තනට්ඨෙන අභිනිබ්බත්ති, සා සංසෙදජඔපපාතිකවසෙන යුත්තා. තෙ හි පාකටායෙව හුත්වා නිබ්බත්තන්ති. අයං තාව වොහාරදෙසනා."


Q. එතකොට ගන්දබ්බයාගේ පැමිනීම මවුකුසට පැමිනෙන්නේ කෙසේද එය වෙනත් උපතක්ද තාවකාලිකව ලබන.

A. මහත්මයා ගන්ධබ්බයාගේ පැමිණීම කියන්නෙ ප්‍රතිසන්ධි විඤ්ඤාණය හටගැනීමට (චුති සිතකින් පසුව හටගන්නා).

Q. එතකොට ස්වාමීන්වහන්ස බෝදිය අබියසට ගොස දරුවන් ඉල්ලන විට බොදිය ගාව සැරිසරන ගන්දබයින් කුසට එනවා කියන්නේ මිත්‍යාවක්ද?

A. එහෙම එකක් වෙන්නෙ නෑ. බෝධිය අසල ගන්ධබ්බයො සැරිසරනව කියන එක මිත්‍යාවක්.

Q. ස්වාමින් වහන්ස, එක් තැනක දේසනා වෙනවා චුති සිතින් අනතුරුව වෙනත් කයකට නොයන්නේ නම් එ තෘශ්නාව පනවන්නේ යැයි කියද්. මට එය පැහැදිලි කර දෙන්න.

“වච්ඡය, යම්කලෙක මේ ශරීරය බහා තබයිද, සත්වයා අනික් කයකට නොපැමිණේද, ඔහුට මම තණ්හාව උපාදානයයි කියමි. වච්ඡය, තණ්හාවෙන් යුත් පුද්ගලයාහට ඒ අවස්ථාවෙහි උපාදානය වේයයි” වදාළේය.
-කුතුහලසාලා සූත්‍රය-

A. ඔව් මහත්මයා. අසංඥ තලයෙදි වෙන්නෙ ඒ විදිහට.

T. "ඉමඤ්ච කායං නික්‍ඛිපති - මේ කය බහා තබයි ද" යනු චුති චිත්තය හේතු කොට ගෙන බහා තබයි.
(එනම් චුති වීමයි. එය කරනුයේ චුති කෘත්‍යය කරමින් පහළ වන විපාක සිතකිනි. එම සිත පහළ වන කල්හි මේ කය බහා තබයි යැයි කියනු ලැබේ.)

"අනුපපන්නො හොති - නොපැමිණේ වේ ද" යනු චුතික්ෂණයේ ම ප්‍රතිසන්ධි චිත්තය නූපන් බැවින් අනුප්පන්නො හොති (හෙවත් නො ඉපදුනේ වෙයි) යයි යෙදිණ.

["ඉමඤ්ච කායං නික්ඛිපතීති චුතිචිත්තෙන නික්ඛිපති. අනුපපන්නො හොතීති චුතික්ඛණෙයෙව පටිසන්ධිචිත්තස්ස අනුප්පන්නත්තා අනුපපන්නො හොති."]


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll