439. මුඛ පරම්පරාවෙන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට පෙර මුක පරම්පරාවෙන් පැවත ආ බව අප අසා තිබෙනවා. එනම් ඒ 84000 ක් වූ ධර්මස්කන්ධය බුදුපියාණන්වහන්සේගේ පරිනිර්වානයෙන් පසු භික්ෂූන්වහන්සේලා මතකයෙන් ඒවා ඊලග භික්ෂු පරම්පරාවට දේශනා කල බවද?

A. [මතභේදාත්මක විය හැකි නමුත්,] මෙහි දී අදහස් 2ක් ඉදිරිපත් කිරීමට පෙළඹුණි.

1. “සතිය” හෝ “සති” / “සම්මා සති” ඉන්ද්‍රිය (බලවත්ව) පිහිටි කල, “සුපිරිසිදු මතකය” ගැන පාරම්පරිකව හෝ වෙනත් කිසිදු තත්ත්වයක් මත හෝ කිසි කලෙක කිසිදු ගැටළුවක් පැන නොනඟී.

2. දේව ලෝකාදී ලෝකවල සත්ත්වයන්ගේ හා කාලයේ අනුග්‍රහය.

(“බුද්ධානුභාවය” ... ආදිය නොසලා හැර ඇති බව කරුණාවෙන් සලකන්න.)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll