Q. චුතූපපාතඤාණය ලැබෙන්නේ කොහොම ද?
A / R. "හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුරුදු කරයි. හික්මවයි මෘදු කරයි. කර්මන්‍ය කරයි හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුරුදුකොට හික්මවා මෘදු කොට කර්මන්‍ය කොට ආලොක සඤ්ඤාව මෙනෙහි කරයි. දවල් යන සඤ්ඤාව උපදවයි. දවල් යම්සේද රාත්‍රියද එසේම වෙයි. රාත්‍රිය යම්සේද දවල්ද එසේම වෙයි. මෙසේ විවෘතවූ නොවැසුණාවූ ආලොක සහිතවූ සිත වඩයි හෙතෙම එසේ පුරුදු කරනලද පිරිසිදුවූ හාත්පස පිරිසිදුවූ සිතින් සත්වයන්ගේ චුති උත්පත්ති දැනගැනීම පිණිස සිත එළවයි නමයි හෙතෙම මිනිස් බව ඉක්ම ගියාවූ දිව්‍ය චක්ෂුසින් චුත වන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූ යහපත්වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද සත්වයන් දකියි. කර්මානුකූලව උපදින්නාවූ සත්වයන් දැනගනියි. කෙසේද? පින්වත්නි, මේ සත්වයන් එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය, වාක්දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහුය, ආර්යයන්ට ගර්හා කළාහුය, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහුය, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය, ඔව්හු කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ විනාශව වැටෙන්නාවූ නපුරු ගති ඇත්තාවූ නිරයෙහි උපන්නාහුය, පින්වත්නි, මේ සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවුවාහුය, වාක් සුචරිතයෙන් යුක්තවූවාහුය මනො සුචරිතයෙන් යුක්තවූවාහුය, ආර්යයන්ට නින්දා නොකළාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය, ඔව්හු කායයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපන්නාහු යයි මෙසේ මිනිසත් බව ඉක්මවූ පිරිසිදුවූ දිව්‍ය චක්ෂුසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද කර්මානුකූලව යන්නාවූ සත්වයන් දනියි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් කසිණා ලොකයෙන් නොයෙක් ස්වභාවයන් ඇත්තාවූද එක ස්වභාවය ඇත්තාවූද රූප සටහන් දැක්මෙහි ප්‍රඥාව දිබ්බචක්ඛු ඤාණයයි කියනු ලැබේ."
R. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද සැපයට පැමිණියාවූද දුකට පැමිණියාවූද සත්වයන් දකිමි. කර්මානුකූලව උපන් සත්වයන් දකිමි."