719. සාමයික විමුක්තිය හා අසාමයික විමුක්තිය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සාමයික විමුක්තිය ගැන සඳහන් වන්නේ මොන සූත්‍ර වලද? එයින් අදහස් වන්නේ කුමක්ද? බොහොම පින්.

A. “[27] සාමයික විමොක්ෂය කවරේද? සතර ධ්‍යානයෝද අරූප සමාපත්ති සතරද වෙත්. මෙය සාමයික විමොක්ෂය නමි. අසාමයික විමොක්ෂය කවරේද? සතර ආර්ය මාර්ගයෝද සාමඤ්ඤ ඵල සතරද නිර්වාණයද වෙත්. මෙය අසාමයික විමොක්ෂ නමි.”

“කතමො සාමයිකො විමොක්ඛො? චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො - අයං සාමයිකො විමොක්ඛො.
කතමො අසාමයිකො විමොක්ඛො? චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච - අයං අසාමයිකො විමොක්ඛො.”
https://pitaka.lk/main?n=541084&p=213

{“සාමයික” කියන වචනය අපි නම් යොදාගන්නේ “ආගමික” කියන අදහසින් උණාට, පාළි අදහස වෙනස්.}

"සාමයික.3 ටික කලක් පවත්නා; තාවකාලික.
සාමයික.ති තමාඅයත්, තමාපිළිබඳ."
https://pitaka.lk/dict/

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll