Q. නිවන යනු ශුන්‍යත්වය දැකීම ද නැත්තං වෙන කුමක් හෝ ද?
A. “සුඤ්ඤතො එස්සො = යන මේ ආදිය එහි පවතිත් ස්වකීය ගුණයෙන්ද, අරමුණින් ද යුතුව කිව යුතුය. පවත්නා ගුණයන් සලකා කියන්නේ නම් ඵල සමාපත්තිය ශුන්‍ය භාවය (සුඤ්ඤතා) නම් වේ. ඒ (ශූන්‍ය භාවය) සමග එකට උපන් ස්පර්ශය සඳහා ශුන්‍ය භාවයෙන් වන ස්පර්ශය (සුඤ්ඤතො ඵස්සො) යයි කියන ලදී. නිමිත්තක් මත නො පිහිටි කල්හි වුවද මෙම පිළිවෙළම වේ. අරමුණ අනුව සලකන විට වනාහී නිවන රාගාදියෙන් ශූන්‍ය බැවින් එය ශූන්‍යතාවය (සුඤ්ඤතා) යයි නම් වේ. රාග නිමිති ආදිය නොමැති බැවින් “නිමිති රහිත බව (අනිමිත්ත) ය”යි නම් වේ. රාග ද්වේෂ මෝහ යන අපේක්ෂාවන් නැති බැවින් “ආශාවන්හි නොපිහිටි (හෙවත් අප්පණරහිත) නම් වේ. ශූන්‍යතාවය (ලෙසින් ද දැක්වුණ) නිර්වාණය අරමුණු කොට උපන් ඵල සමාපත්තින්ගේ ස්පර්ශය ශූන්‍යතාවය (සුඤ්ඤතා) නම් වේ. නිමිත්තක් (අරමුණක්) මත නො පිහිටි කල්හි වුවද මේ පිළිවෙළම වේ.”
“සුඤ‍්ඤතො ඵස‍්සොතිආදයො සගුණෙනාපි ආරම‍්මණෙනාපි කථෙතබ‍්බා. සගුණෙන තාව සුඤ‍්ඤතා නාම ඵලසමාපත‍්ති, තාය සහජාතඵස‍්සං සන්‍ධාය “සුඤ‍්ඤතො ඵස‍්සො”ති වුත‍්තං. අනිමිත‍්තප‍්පණිහිතෙසුපි එසෙව නයො. ආරම‍්මණෙන පන නිබ‍්බානං රාගාදීහි සුඤ‍්ඤත‍්තා සුඤ‍්ඤතා නාම, රාගනිමිත‍්තාදීනං අභාවා අනිමිත‍්තං, රාගදොසමොහප‍්පණිධීනං අභාවා අප‍්පණිහිතං, සුඤ‍්ඤතං නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා උප‍්පන‍්නඵලසමාපත‍්තිසම‍්ඵස‍්සො සුඤ‍්ඤතො නාම. අනිමිත‍්තප‍්පණිහිතෙසුපි එසෙව නයො.”