A. වෙනත් කෙනෙක්ගෙන් අසන ලද හෝ වෙනත් කෙනෙකුන් විසින් දේශනා කරන ලද දේශනාව පරතෝඝෝෂය යි.
"පරෙහි සුතා, දෙසිතා වා දෙසනා පරතොඝොසො."
"පරතො ඝොසො අන්‍යයන්ගේ සමීපයේදී උපන් ශබ්දයයි.
පරතොඝොසොති අඤ‍්ඤෙසං සන‍්තිකා උප‍්පන‍්නසද‍්දො."
# මෙය (පරතෝ ඝෝෂය) සද්ධර්මය හෝ අසද්ධර්මය හෝ විය හැකිය.
"අටවැන්නෙහි පරතො ච ඝොසො යනු අනුන් සමීපයෙන් අසත්දම් ඇසීමයි.
අට‍්ඨමෙ පරතො ච ඝොසොති පරස‍්ස සන‍්තිකා අස‍්සද‍්ධම‍්මසවනං."
"නවවැන්නෙහි පරතො ච ඝොසො යනු සදහම් ඇසීමයි. සෙස්ස සියලුතන්හි පැහැදිලිමය.
නවමෙ පරතො ච ඝොසොති පරස‍්ස සන‍්තිකා සද‍්ධම‍්මසවනං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති."
"පරතො ඝොසො සත්ප්‍රාය වූ සැප වූ, ධර්මශ්‍රවණය.
පරතො ච ඝොසොති සප‍්පායධම‍්මස‍්සවනං."
"මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් (අසද්ධර්‍මය) ඇසීම හා නුනුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
ද‍්වෙමෙ භික‍්ඛවෙ පච‍්චයා මිච‍්ඡාදිට‍්ඨියා උප‍්පාදාය. කතමෙ ද‍්වෙ: පරතො ච ඝොසො, අයොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පච‍්චයා මිච‍්ඡාදිට‍්ඨියා උප‍්පාදාය."
"9. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් සද්ධර්‍මය ඇසීම හා නුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන යි. මහණෙනි, මොහු වනාහි සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
9. ද‍්වෙමෙ භික‍්ඛවෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය. කතමෙ ද‍්වෙ: පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය."
A. "එහි පරතෝඝෝසය කවරෙ යත්: මෙරමාගේ වශයෙන් යම් දේශනායෙක් අවවාදයෙක් අනුශාසනායෙක් සත්‍යකථායෙක් සත්‍යානුලොම ධර්මයෙක් වේ ද එය යි. සත්‍යයෝ සතර දෙනෙකි : දුක යැ සමුදය යැ නිරොධ යැ මාර්ග යි. මේ සතර සත්‍යයන්ගේ යම් දෙසුමෙක් සැසැඳීමෙක් විස්තර කිරීමෙක් විභාග කිරීමෙක් ප්‍රකට කිරීමෙක් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ සත්‍යානුලොම වූ ඝෝෂ යයි කියනු ලැබේ යි.
3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ.
යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර’යි කියනු ලැබේ.
4. පෙර නො ඇසු නො ඇසුවිරූ තුන් උපමා කෙනෙක් වටහති: “කාමයන්හි අවිතරාග වූ යම් කිසිවෙක්... එහි උපමා දෙකක් අයොනිසො මනසිකාරයෙනැයි කියැ යුතු ය. පශ්චිම උපමා ව යෝනිසො මනසිකාරය කියන ලදු.
එහි යම් පරතොඝෝසයෙකුත් අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරයෙකුත් වේ ද, මේ දහම්හු දෙදෙන ප්‍රත්‍යය වෙති. පරතෝඝෝසයෙන් යම් ප්‍රඥාවක් උපද දී මේ සුතමයී පඤ්ඤා’යි කියනු ලැබේ. අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ චින්තාමයී පඤ්ඤා’ යයි කියනු ලැබේ. මේ ප්‍රඥා දෙක දත යුතු යැ. පූර්ව වූ ප්‍රත්‍යය දෙක ද දතයුතු යි. මෙසේ ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය ඉපදීම පිණිස මේ හේතු දෙක ප්‍රත්‍යය දෙක වෙත්."
"තත්‍ථ කතමො පරතො ඝොසො: යා පරතො දෙසනා ඔවාදො අනුසාසනී සච‍්චකථා සච‍්චානුලොමො. චත‍්තාරි සච‍්චානි: දුක‍්ඛං සමුදයො නිරොධො මග‍්ගො ඉමෙසං චතුන‍්නං සච‍්චානං යා දෙසනා සන්‍දස‍්සනා විවරණා විභජනා උත‍්තානීකිරියා පකාසනා. අයං වුච‍්චති සච‍්චානුලොමො ඝොසො’ති.
3. තත්‍ථ කතමො අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො: අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො නාම: යො යථා දෙසිතෙ ධම‍්මෙ බහිද‍්ධා ආරම‍්මණං අනභිනීහරිත්‍වා යොනිසො මනසිකාරො, අයං වුච‍්චති අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො. තං ආකාරො යොනිසො ද‍්වාරො විධි උපායො.
යථා පුරිසො සුක‍්ඛෙ කට‍්ඨෙ විගතස‍්නෙහෙ සුක‍්ඛාය උත‍්තරාරණියා ථලෙ අභිමන්‍ථමානං භබ‍්බො ජොතිස‍්ස අධිගමාය. තං කිස‍්ස හෙතු: යොනිසො අග‍්ගිස‍්ස අධිගමාය. එවමෙවසො යමිදං දුක‍්ඛසමුදයනිරොධ මග‍්ගානං අවිපරීතධම‍්මදෙසනං මනසිකරොති. අයං වුච‍්චති අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො.
4. යථා තිස‍්සො උපමායො පුබ‍්බෙ අස‍්සුතා ච අස‍්සුතපුබ‍්බා ච පටිහන‍්ති. ‘යො හි කොචි කාමෙසු අවීතරාගො’ති -පෙ- දුවෙ උපමා අයොනිසො කාතබ‍්බා පච‍්ඡිමා යොනිසො වුත‍්තා.
තත්‍ථ යො ච පරතො ඝොසො යො ච අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරො ඉමෙ ද‍්වෙ පච‍්චයා, පරතො ඝොසෙන යා උප‍්පජ‍්ජති පඤ‍්ඤා අයං වුච‍්චති සුතමයී පඤ‍්ඤා. යා අජ‍්ඣත‍්තං යොනිසො මනසිකාරෙන උප‍්පජ‍්ජති පඤ‍්ඤා, අයං වුච‍්චති චින‍්තාමයී පඤ‍්ඤාති. ඉමා ද‍්වෙ පඤ‍්ඤා වෙදිතබ‍්බා, පුරිමකා ච ද‍්වෙ පච‍්චයා. ඉමෙ ද‍්වෙ හෙතූ ද‍්වෙ පච‍්චයා සාවකස‍්ස සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය."
T. "කම්මස්සකතා ¶ ¶ සම්මාදිට්ඨි ච වට්ටනිස්සිතත්තා ඉධ නාධිප්පෙතා, විවට්ටකථා හෙසාති වුත්තං “විපස්සනාසම්මාදිට්ඨියා ච මග්ගසම්මාදිට්ඨියා චා”ති. පරතො ඝොසොති පරතො සත්ථුතො, සාවකතො වා ලබ්භමානො ධම්මඝොසො. තෙනාහ “සප්පායධම්මස්සවන”න්ති. තඤ්හි සම්මාදිට්ඨියා පච්චයො භවිතුං සක්කොති, න යො කොචි පරතොඝොසො. උපායමනසිකාරොති යෙන නාමරූපපරිග්ගහාදි සිජ්ඣති, තාදිසො පථමනසිකාරො. අයඤ්ච සම්මාදිට්ඨියා පච්චයොති නියමපක්ඛිකො, න සබ්බසංගාහකොති දස්සෙන්තො “පච්චෙකබුද්ධානං පනා”තිආදිමාහ. යොනිසොමනසිකාරස්මිංයෙවාති අවධාරණෙන පරතොඝොසමෙව නිවත්තෙති, න පදට්ඨානවිසෙසං පටියොගීනිවත්තනත්ථත්තා එව-සද්දස්ස."
"සම්මා දිට්ඨියා උපාදාය විදර්ශනා සම්‍යග් දෘෂ්ටියේද, මාර්ග සම්‍යග් දෘෂ්ටියේ ද, පරතො ඝොසො සත්ප්‍රාය වූ සැප වූ, ධර්මශ්‍රවණය. යොනිසොච මනසිකාරො තමන්ගේ උපාය මනසිකාරය එහි ශ්‍රාවකයන් අතුරෙහි දම්සෙනෙවියන්ට ද ප්‍රත්‍ය දෙක ලබන්ට සුදුසුමැයි. තෙරුන්වහන්සේ කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති එක් අසංඛ්‍යයක් පෙරුම් පුරාම තමන්ගේ ධර්මතාවය අනුමාත්‍ර වූ ක්ලේශයන් දුරුකිරීමට නොහැකි විය. ‘යෙ ධම්මා හේතුප්පභවා’ යනාදී වශයෙන් අස්සජි තෙරුන් විසින් දේශිත ගාථාව අසාම ඒ තෙරුන්ගේ ප්‍රතිවේධය විය. පසේබුදුවරුන් වනාහි සර්වඥ බුදුවරුන්ටද අනුන්ගේ ඝෝෂාවෙන් අර්ථයක් නැත. මැනවින් සිහිය පිහිටුවීමේ සිට ප්‍රත්‍යෙක බෝධිය ද, සර්වඥතාඥාන ගුණයම පිහිටුවත්.
සම‍්මාදිට‍්ඨියා උප‍්පාදායාති විපස‍්සනාසම‍්මාදිට‍්ඨියා ච මග‍්ගසම‍්මාදිට‍්ඨියා ච. පරතො ච ඝොසොති සප‍්පායධම‍්මස‍්සවනං. යොනිසො ච මනසිකාරොති අත‍්තනො උපායමනසිකාරො. තත්‍ථ සාවකෙසු අපි ධම‍්මසෙනාපතිනො ද‍්වෙ පච‍්චයා ලද‍්ධුං වට‍්ටන‍්තියෙව. ථෙරො හි කප‍්පසතසහස‍්සාධිකං එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං පාරමියො පූරෙත්‍වාපි අත‍්තනො ධම‍්මතාය අණුමත‍්තම‍්පි කිලෙසං පජහිතුං නාසක‍්ඛි. “යෙ ධම‍්මා හෙතුප‍්පභවා”ති (මහාව· 60) අස‍්සජිත්‍ථෙරතො ඉමං ගාථං සුත්‍වාවස‍්ස පටිවෙධො ජාතො. පච‍්චෙකබුද‍්ධානං පන සබ‍්බඤ‍්ඤුබුද‍්ධානඤ‍්ච පරතොඝොසකම‍්මං නත්‍ථි, යොනිසොමනසිකාරස‍්මිංයෙව ඨත්‍වා පච‍්චෙකබොධිඤ‍්ච සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණඤ‍්ච නිබ‍්බත‍්තෙන‍්ති."