150. පංච මාර යනු ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පන්ච මාර යනු කුමක් ද? කවුද?

A / R. "මාරයෝ පස්දෙන

දේව පුත්‍ර‍ මාර ය, ක්ලේශ මාර ය, අභිසංස්කාර මාරය, ස්කන්ධ මාරය, මෘත්‍යු මාර ය යන මේ පස් දෙන මාරයෝ ය.

දේවපුත්‍ර‍ මාරයා ය කියනුයේ දිව්‍ය ලෝකවලින් උසස් දිව්‍ය ලෝකය වන පරනිර්මිත වශවර්තී නම් දෙව්ලොව එක් පෙදෙසක අධිපතිකම් කරන දෙවියෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නට තැත් කරන බෝසතුන්ට ඔහු විරුද්ධ ය. මහ බෝසතුන් මරන්නට තැත් කරයි. එබැවින් ඔහුට මාරය යි කියනු ලැබේ. එදා මහා බෝධි සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ අපරාජිත පර්‍ය්‍යඞ්කයේ වැඩ සිට පළමුවෙන් ම උන් වහන්සේ හා යුදයට පැමිණි ඒ වසවත් මරු පරාජය කළහ. ක්ලේශ මාර යනු එක් දහස් පන්සියයක් ක්ලේශයෝ ය. සත්ත්වයනට නැවත නැවත මැරෙන්නට සිදු වන්නේ ඒ ක්ලේශයන් නිසා ය. එබැවින් ක්ලේශයෝ මාර නම් වෙති. අභිසංස්කාර මාර යනු කුශලාකුශල කර්මයෝ ය. ඉපදීමක් නැතහොත් මරණයක් නැත. මරණය ඇත්තේ ඉපදීම නිසා ය. ඉපදීම ඇති කරන කර්මය මරණය ද ඇති කරන්නක් වශයෙන් සලකා එය මාරයා ය යි කියනු ලැබේ. ස්කන්ධ මාර යනු පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධයක් නැතහොත් මරණයක් නැත. මරණය ඇත්තේ පඤ්චස්කන්ධය නිසා ය. එබැවින් පඤ්චස්කන්ධයට ද මාර යන නම දී ඇත්තේ ය. මෘත්‍යු මාර යනු ස්වභාවික මරණය ය. මහා බෝධිසත්වයන් වහන්සේ ඒ වෙසත් මස පුණු පොහෝ දින රාත්‍රියේ පශ්චිම යාමයේ දී අර්හත් මාර්ග ඥානය උපදවා ගැනීමෙන් ක්ලේශ මාරාදි මාරයන් සතර දෙන පරාජය කොට බුද්ධත්වයට පැමිණි සේක."

A. එක් වර්ගීකරණයකට අනුව මාරයන් පස් දෙනෙකි (පඤ්ච මාර - පස් මරුන්.)
1. ස්කන්ධ/ඛන්ධ මාර - පංච උපාදානස්කන්ධය / පඤ්චස්කන්ධය.
2. අභිසංස්කාර/අභිසංඛාර මාර – පිං-පව් / කුසල්-අකුසල්- / පුඤ්ඤාභි-අපුඤ්ඤාභි-ආනෙඤ්ජාභි සංඛාර.
3. දේව පුත්‍ර/දේවපුත්ත මාර- “මාරයා” යනුවෙන් අපි හදුන්වන පුද්ගලයා.
4. මෘත්‍යු/මච්චු මාර - මරණය.
5. ක්ලේශ/කිලේස මාර - 1500ක් වූ කෙලෙස්.

[තවත් ආකාරයක වර්ගීකරණයකට අනුව “දස මරුන්” (දස බිම්බර මාර සෙනඟ) දක්වා තිබේ. ඒ අදාළ වර්ගීකරණයට ළඟා වීමට පහත සම්බැඳිය භාවිතා කරන්න.
https://dhamma.lk.ingreesi.com/2018/11/06.html]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll