146. අසභ්‍ය දර්ශන බැලීමෙන් පන්සිල් බිඳේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කෙනෙක් අසභ්‍ය දර්ශන බලමින් / සිතමින් වාසය කරන්නේ නම් ඔහු තුළ පන්සිල් පදයක්ද බිඳෙන්නේ ද?

A. පැහැදිලිව ම අකුසල් සිදුවන නමුත්, පන්සිල් (පදයක්) බිඳෙන්නේ නැත.

A. සප්ත මෛථුනය.

(1) ස්ත්‍රීන් විසින් කරන නෑවීම් ඇඟ ඉලීම් අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම.

(2) ස්ත්‍රීන් හා කෙළි කවටකම් කිරීම ඔවුන්ගේ ඇඟේ සැපෙමින් ක්‍රීඩා කිරීම ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම.

(3) ස්ත්‍රීන්ගේ රූපය බල බලා සතුටු වීම.

(4) ස්ත්‍රීන්ගේ හඬ අසමින් සතුටු වීම.

(5) පෙර ස්ත්‍රීන් හා කළ කෙලි සිනා ආදිය සිහි කරමින් සතුටු වීම.

(6) පස් කම් සැප විඳින්නා වූ අන්‍යන්ගේ සම්පත් බලා සතුටු වීම.

(7) රක්නා වූ මේ ශීලයෙන් දෙවියෙක් වෙම්වායි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම, ලෝභ කිරීම.

A / R. "මහණෙනි, චක්ඛු (/ සෝත ....) විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි අත් ලක්‍ෂණය පා ලක්‍ෂණය යනාදීන් සටහන් ගැනීමට වඩා ඇවිල ගන්නාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම උතුමි. , මහණෙනි, ශරීරය ලක්‍ෂණයයි සටහන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ අත්පාදිය ලක්‍ෂණයයි ගන්නා හෝ ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ සිත පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් යම් එක්තරා ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll