463. හිතන එකත් පව් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සිතට එන කාමරාගී සිතුවිලි මනස තුල ක්‍රියාත්මක වීමට එහා කයිනුත් ඒවා ක්‍රියාත්මක වුවහොත් අකුසලය එක සමානද? නැතිනම් කයින් සිදුවන අකුසලයෙහි විපාක වැඩිද? කරුනාකර පහදා දෙන්න.

A / R. මෙහි දී “කයින් සිදුවන අකුසලය” ලෙස ඔබ අදහස් කරන්නේ “කාමයෙහි වරදවා හැසිරීම” පමණක් නම්, සිතින් කාමරාගී සිතුවිලි සිතීම නිසා සිදුවන අකුසලයට වඩා බලවත්/බරපතල වරදක් කයින් සිදු වේ.

{ලෝභ-ද්වේෂ-මෝහවලින් “දස අකුසල්” (කර්ම පථ) කරන විට ඇරෙන්නට, ලෝභ-ද්වේෂ-මෝහවලින් හිතන කියන කරන ඒවා (කර්ම) [“දස අකුසල්” (කර්ම පථ) වලට සාපේක්ෂව] බලවත්/බරපතල අඩුයි.

වෙනස නම්, “දස අකුසල්” (කර්ම පථ > ප්‍රතිසන්ධි විපාක) අපිව අපායේ උපද්දවන්වා, අනෙත් අකුසල් (කර්ම > ප්‍රවෘත්ති විපාක) කොහේ ඉපදුණත් දුක්-වේදනා-විඳවීම් ගෙනත් දෙනවා. අපායේ ඉපදෙන්නවත්, විඳවන්නවත් කවුරුත් කැමති නෑනි; ඒ නිසා හොඳ ම දේ තමා ලෝභ-ද්වේෂ-මෝහවලින් හිතන කියන කරන එක නවත්වන එක හා අලෝභ-අද්වේෂ-අමෝහවලින් (නුවණින්, ප්‍රඥාවෙන්) හිතන කියන කරන එක .

[අපි අකුසල්/පව් සිතන්නේ හරි කියන්නේ හරි කරන්නේ හරි අපේ සිතේ ඇතිවන සිත් දොළහක් මුල් වෙලා. ඉතිං බරපතල ම දේ තමා මේ සිත් දොළහෙන් එකොළහකට ම පුළුවන් අපිව අපායේ උපද්දවන්න. ඒ වගේ ම දොළහට ම පුළුවන් අපිට දුක් විපාක ගෙනත් දෙන්න. එනිසා හොඳ ම දේ තමා කුසල්/පිං හිතන කියන කරන එක.]

සැ:යු: විශේෂ අවස්ථාවක් බැවින් ද මෙහි දී ගරුක අකුසල කර්ම නොසලකා හැර ඇත.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll