668. "හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී!"

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අවසරයි! මෙම ධර්ම ගැටලු වලට පිළිතුරු දන්නා අයෙකු වෙත් නම් කරුණාවෙන් පවසත්වා🙏🤔

1,"යේ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තා උපාසකා
ධම්මේන දාරං පෝසෙන්තී - තෙ නමස්සාමී මාතලී"

සක් දෙවිඳුන් විසින් මාතලී දෙව් පුතුට පවසන මෙම ගාථාව අඩංගු වන්නේ කුමන සූත්‍රයේ ද?

2, "නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන"
"නුවණැත්තන් විසින් ගරහන"

යන මෙම කරුණු බුදු දහම හඳුන්වන පද මොනවාද? (මේවාට බුදු දහම තුළ යෙදෙන පද)

A. 1. ‘‘යෙ ගහට්ඨා පුඤ්ඤකරා, සීලවන්තො උපාසකා;
ධම්මෙන දාරං පොසෙන්ති, තෙ නමස්සාමි මාතලී’’
https://pitaka.lk/main?n=212021

2. “විඤ්ඤුප්පසත්ථා”
“විඤ්ඤුගරහිතා”

https://pitaka.lk/main?n=29293
https://pitaka.lk/main?n=28165

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll