Q. අවසරයි... 01.එකල බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේ නමක් ධර්මය දෙසනා කරන විට බොහෝ පිරිසක් එතනම මගපල ලැබුවා. නමුත් අද කොපමන බන ඇසුවත් එහෙමයි කියන්න බෑ.
02. භාවනාවෙන් තොරව නිවන ලැබිය හැකිද?
A. 1. “... යන දේශනාව පරිදි ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති.
බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති. විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති. ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති. කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.
පෙර ජාති වලදී භාවනා කිරීම් ආදි වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කැර ගත් පුද්ගලයෝ උද්ගටිතඥයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කැර ගත්තේ විපචිතඥයෝ වෙති. මඳ වශයෙන් විදර්ශනා ඥානය ඇති කර ගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිඃශ්‍රය සම්පත් නැත්තෝ ද අන්තරායික ධර්ම ඇත්තෝ ද පද පරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පද පරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය.”
1. “මෙ කල ආර්‍ය්‍යයන් ඇති නැති බව නම් නොකිය හැකි නමුත් පෙර මෙන් සුලභ නැති බව නම් කිය හැකිය. විදසුන් වඩා එක ජාතියෙක දී කරන උත්සාහයෙන් ම කෙනකුට මඟ-පල ලැබෙන්නේ නොවේ. මේ ජාතියේ දී විදසුන් වඩා මඟඵල ලැබිය හැකි වන්නේ පෙර ජාති වල දී විදසුන් වඩා තිබූ අයටය. මඟ පල ලැබිය හැකි පමණට විදර්ශනා ඥානය මෝරන්නට ජාති ගණනක් ගත විය හැකිය. විදර්ශනා වැඩීම් ආදි වශයෙන් පෙර ජාතිවල දී පුරන ලද පාරමිතා ඇතිව මඟ පල ලැබීමට සුදුසු ව විසූ පින්වත්හු බුද්ධ කාලයේදී ද එයට සමීප කාලයේදී ද සමූහ සමූහ වශයෙන් මඟඵල ලබා නිවන් දුටහ. බුදුන් වහන්සේ බුදුවී බොහෝ කල් ඉකුත් වී ගිය බැවින් මඟ ඵල ලැබීමට සුදුසුව විසූ අය දැනට බොහෝ සෙයින් මඟ ඵල ලබා අවසන් වී යන්නට ඇත. තවත් ඇතිනම්, ඇත්තේ ස්වල්ප දෙනෙකි. මෙකල අධිගමලාභීන් මඳ වීමේ හේතුව එය යයි සිතිය හැකිය.”
A. 2. “දස්සනෙන පහාතබ්බා” (“දස්සනා පහාතබ්බා”) හා “භාවනාය පහාතබ්බා” ලෙස දේශනා කොට ඇති කොටස් වැරදි ලෙස අර්ථ දක්වමින් ඇතැමුන් / ඇතැම් දේශකයන් වහන්සේලා නිවන් දැකීමට (සෝවාන් වීමට) “දර්ශනය” මිස “භාවනාව” අවශ්‍ය නොවෙතැයි කියතත් එහි සත්‍යතාවයක් නොමැත.
“කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්: ...”
“කතමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා? තීණි සංයොජනානි – සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො.”
“කවර ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙති යත්: ...”
“කතමෙ ධම්මා භාවනාය පහාතබ්බා? ...”
"ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බාති එත්ථ දස්සනං නාම සොතාපත්තිමග්ගො; තෙන පහාතබ්බාති අත්ථො. ‘කස්මා පන සොතාපත්තිමග්ගො දස්සනං නාම ජාතො’ති? ‘පඨමං නිබ්බානදස්සනතො’. ‘නනු ගොත්‍රභු පඨමතරං පස්සතී’ති ¶? ‘නො න පස්සති; දිස්වාපි කත්තබ්බකිච්චං පන න කරොති, සංයොජනානං අප්පහානතො. තස්මා පස්සතී’ති න වත්තබ්බො. යත්ථ කත්ථචි රාජානං දිස්වාපි පණ්ණාකාරං දත්වා කිච්චනිප්ඵත්තියා අදිට්ඨත්තා ‘අජ්ජාපි රාජානං න පස්සාමී’ති වදන්තො චෙත්ථ ජානපදපුරිසො නිදස්සනං."
(https://tipitaka.app/?a=ne3-2-si)